වයඹ පළාත් කුසලාන ශූරතාවය මලියදේවයට

356
Dialog schools rugby sevens

Dialog අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ වයඹ පළාත් අදියර ඊයේ (28) මලියදේව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

තරගාවලියට එක්වුනු අත්දැකීම් බහුලම කණ්ඩායම වූ කුරුණෑගල මලියදේව විද්‍යාලය එහි කුසලාන ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් සහභාගී වීමට නියමිතව තිබුණු නමුත් කණ්ඩායම් දෙකක ක්‍රීඩකයින්ට COVID-19 වයිරසය ආසාදනය වීම නිසා තරගාවලියට එක්වුනේ කණ්ඩායම් හතරක් පමණයි.

ඒ අනුව මලියදේව විද්‍යාලය, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය සහ වෙළගෙදර මධ්‍ය විද්‍යාලය වයඹ පළාත් ශූරතාවය සඳහා තරග වැදුණා.

තරගාවලිය එක් වටයකට සීමා වූ අතර සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් 3 සමඟ එක් තරගය බැගින් ක්‍රීඩා කළා. එම තරගවල ප්‍රතිඵල දැක්වුනේ පහත පරිදියි.

  • මලියදේව විද්‍යාලය 59 – 00 කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය
  • ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය 17 – 12 වෙළගෙදර මධ්‍ය විද්‍යාලය
  • මලියදේව විද්‍යාලය 42 – 00 වෙළගෙදර මධ්‍ය විද්‍යාලය
  • ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය 32 – 00 කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය
  • මලියදේව විද්‍යාලය 27 – 05 ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය
  • වෙළගෙදර මධ්‍ය විද්‍යාලය 50 – 05 කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය

තරගාවලියේ කුසලාන ශූරතාවය දිනා ගන්නට සමත් වුනේ සහභාගී වූ තරග තුනම ජය ගත් මලියදේව විද්‍යාලයයි. වයඹ පළාත් තරගාවලියට එක් වූ අත්දැකීම් බහුලම කණ්ඩායම වුනු ඔවුන්, 2019 වසරේ දී A කාණ්ඩයේ ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය පළඟ ශූරතාවය දිනා ගන්නා විට කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය බඳුන ශූරතාවය දිනා ගත්තා. පලිහ ශූරතාවය දිනා ගත්තේ වෙළගෙදර මධ්‍ය විද්‍යාලයයි.

Dialog අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ සබරගමුව පළාත් අදියර ‍හෙට (30) රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<