වත්මන් ශූර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංගලිදේශයට පියාඹයි

152

පසුගිය වර්ෂ දෙකේම ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි වතාවටත් පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ මස 12 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යනු ඇත. 

ධර්මරාජ, සාන්ත ජෝසප් හා මාරිස් ස්ටෙල්ලා පළමු දිනය අවසානයේ පෙරමුණේ

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ….

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය බංග්ලාදේශයේ සත්කාරකත්වය ඇතිව නොවැම්බර් 14 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා හොංකොං යන කණ්ඩායම් තරගාවලිය සඳහා සහභාගී වේ.

එම රටවල් අතරින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා සත්කාරක බංග්ලාදේශය වැනි ටෙස්ට් තරග ක්‍රීඩා කරන රටවල් වල සංචිතයන් සඳහා වයස අවුරුදු 23ට අඩු ක්‍රීඩකයින් 11 දෙනෙකු ක්‍රීඩා කළ යුතු අතර අනෙක් රටවල් තුන නියෝජනය කරමින් තරගාවලිය සඳහා සහභාගී වන්නේ ඔවුන්ගේ ජාතික කණ්ඩායම් ය.

 ‘2019 ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලිය’ සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය තෝරාපත් කරගෙන අවසන් අතර කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චරිත් අසලංක වෙත ලබා දී තිබෙන විට කණ්ඩායමේ උපනායකත්වය හිමිව ඇත්තේ කමිඳු මෙන්ඩිස් හටයි. 

කමිඳුගේ උත්සාහය දසුන් ව්‍යර්ථ කරයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (7) කොළඹ……..

කණ්ඩායම බංග්ලාදේශයට පිටත්ව යාමට පෙර අද (8) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහි දී ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මෙසේ අදහස් ඉදිරිපත් කරන ලදි. 

“අපි තරගාවලිය සඳහා ඉතාමත් හොඳින් සූදානම් වෙලා ඉන්නේ. අපි තමයි අවසන් වරට පැවති තරගාවලි දෙකේම ශූරතාව දිනා ගත්තේ, මගේ කණ්ඩායමේ හැකියාවන් ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක නිසා මෙවර තරගාවලියේ ශූරතාවය දිනන්න අපේ කණ්ඩායමට වැඩි අවස්ථාවක් තියෙනවා කියලා මම හිතනවා.”

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂ හා ප්‍රබල වේගපන්දු යවන්නෙක් වන චමින්ද වාස් මහතායි. “අපි මීට මාස  බංග්ලාදේශයට ගිහින් ඔවුන්ගේ නැගී එන කණ්ඩායමත් සමඟ ක්‍රීඩා කළා අපේ කණ්ඩායම ඒ තරගාවලිය ඉතාමත් හොඳින් අවසන් කළා. ඒ ලබා ගත් අත්දැකීම් අපිට මෙවර ශූරයින් ලෙස තරගාවලිය අවසන් කරන්න ලොකු හයියක් වෙයි කියලා හිතනවා. ඉදිරියේ දී ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අපේක්ෂාවෙන් ඉන්න ක්‍රීඩකයින්ට මේ තරගාවලිය ඉතාමත් හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා.” 

ශ්‍රී ලංකා සංචිතය සඳහා තරුණ හා දක්ෂ ක්‍රීඩකයින් රැසක් තෝරාගෙන සිටින අතර පැතුම් නිස්සංක, හසිත බෝයගොඩ, අශේන් බණ්ඩාර, අසලංක හා මෙන්ඩිස් වැනි පිතිකරුවන් රැසක්ම ඇතුළත් කර තිබේ. 

කඩුලු රකින පිතිකරුවන් ලෙස නිශාන් මදුෂ්ක හා පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ගොස් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස වරම් දිනා ගත් මිනෝද් භානුක ඇතුළත්ය. 

පන්දු යවන්නන්ගේ බල ඇණිය සවිමත් කිරීම වෙනුවෙන් වමතින් වේගපන්දු යවන කලන පෙරේරා, දකුණතින් වේගපන්දු යවන ශිරාන් ප්‍රනාන්දු හා ජෙහාන් ඩැනියල් ඇතුළත්ය. එහි සිටින අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් වේ. 

Photos: Sri Lanka Team Departure for Emerging Teams Asia Cup 2019

වමතින් දඟපන්දු යවන අමිල අපොන්සු, පිට දඟපන්දු යවන රමේෂ් මෙන්ඩිස් හා පා දඟපන්දු යවන සචිඳු කොළඹගේ ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මේ සංචිතයට ඇතුළත්ය. 

මෙම තරගාවලියේ මූලික වටය A හා B යන කාණ්ඩ දෙක යටතේ පැවැත්වෙන අතර ගියවර තරගාවලියේ ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකාව මෙවර A කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. 

තරග කාණ්ඩ,

  • A කාණ්ඩය – ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඕමානය, 
  • B කාණ්ඩය – ඉන්දියාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, හොංකොං

මූලික වටය අවසානයේ එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙක බැගින් ලකුණු සටහනේ පෙරමුණ ලබා ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා  සුදුසුකම් ලබා ගනු ඇත. පිළිමළුන් පිටුදැකීමේ තරග සියල්ලම නොවැම්බර් 20, 21 හා 23 යන දිනවල දී ශෙරේ බංග්ලා ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ. 

ශ්‍රී ලංකා නැගී එන සංචිතය චරිත් අසලංක (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), හසිත බෝයගොඩ, පැතුම් නිස්සංක, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, සම්මු අශාන්, නිශාන් මදුෂ්ක, ජෙහාන් ඩැනියල්, අසිත ප්‍රනාන්දු, කලන පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, අමිල අපොන්සු, ශිරාන් ප්‍රනාන්දු, සචිඳු කොළඹගේ.

ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ තරග නොවැම්බර් මස 14, 16 හා 18 වැනිදා ඩකා හි Cox’s Bazar ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 

තරග කාලසටහන 

නොවැම්බර් 14

  • ශ්‍රී ලංකාව හා  ඕමානය – Cox’s Bazar ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • පාකිස්තානය  හා ඇෆ්ගනිස්තානය – Cox’s Bazar ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • ඉන්දියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය – ඩකා ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • හොංකොං හා බංග්ලාදේශය – ඩකා ක්‍රිකට් ක්‍රීඩාංගණය

නොවැම්බර් 16

  • ශ්‍රී ලංකාව හා  පාකිස්තානය – Cox’s Bazar ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • ඕමානය හා ඇෆ්ගනිස්තානය – Cox’s Bazar ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • ඉන්දියාව හා බංග්ලාදේශය – ඩකා ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • හොංකොං හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය – ඩකා ක්‍රිකට් ක්‍රීඩාංගණය

නොවැම්බර් 18 

  • ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය – Cox’s Bazar ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • ඕමානය හා පාකිස්තානය – Cox’s Bazar ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • ඉන්දියාව හා හොංකොං – ඩකා ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • බංග්ලාදේශය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය – ඩකා ක්‍රිකට් ක්‍රීඩාංගණය

නොවැම්බර් 20 – පළමු අවසන් පූර්ව තරගය – ශෙරේ බංග්ලා ක්‍රිකට් පිටිය 

නොවැම්බර් 22 – දෙවන අවසන් පූර්ව තරගය – ශෙරේ බංග්ලා ක්‍රිකට් පිටිය 

නොවැම්බර් 23 – අවසන් මහා තරගය – ශෙරේ බංග්ලා ක්‍රිකට් පිටිය 

තරගාවලියේ සියලුම උණුසුම් පුවත්, තරග වාර්තා ඇතුළු සියලු තතු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<