Home Sinhala ධනංජයගේ තුන් ඉරියව් දක්ෂතා දඹුල්ල දෙදරවයි!

ධනංජයගේ තුන් ඉරියව් දක්ෂතා දඹුල්ල දෙදරවයි!

404

සුපිරි පළාත් එක්දින තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සමඟ පැවති තරගය පහසුවෙන්ම ජය ගත් ගාල්ල කණ්ඩායම අද (06) ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය රැක ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ඇති දර්ශනීයම ක්‍රීඩාංගණ කිහිපය අතරට එක්වන රංගිරි දඹුලු පිටියේ දී පැවති මෙම තරගයේ දී ධනංජය ද සිල්වා තුන් ඉරියව්වෙන්ම දැක්වූ දක්ෂතා මැනවින් කැපී පෙනුණි.

“ලෝක කුසලානයට මම සූදානම්” – කුසල් පෙරේරා

දකුණු අප්‍රිකාවේ දී සුපිරි දස්කම් දැක්වූ සුපිරි ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා තමන් ලෝක කුසලානයට සූදානම් බව BBC සිංහල වෙබ් අඩවියට අදහස් දක්වමින්…

අද උදෑසන කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල නායක ඇන්ජෙලෝ මැතිව්ස් මුලින් පන්දු යැවීම තෝරා ගැනීම සැබවින්ම ගැටලුකාරී තීරණයක් බවට පත්විය. මීට දින දෙකකට පෙර මෙම පිටියේ පැවති තරගයේ මුලින් පන්දුවට පහර දුන් පිළ ජය තහවුරු කරගෙන තිබීම මෙන්ම අද දිනයේත් තණතිල්ලේ හොඳින් ලකුණු ඇති බව පෙන්නුම් කිරීම ගැන නොතකා ගත් මෙම තීරණය නිසා ගාලු පිළේ ජය මාවත වඩාත් පැහැදිලි විය. අද ගාල්ලට ලකුණු 65ක ආරම්භයක් ගෙන දුන් සඳුන් වීරක්කොඩි සහ ලහිරු තිරිමාන්න ඒ වෙනුවෙන් පදනම සකසා දුන්හ. දක්ෂ ලෙස පිත්ත හැසිර වූ තිරිමාන්න අද පන්දු 96කින් ලකුණු 82ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟිනි.

තවමත් 25 වැනි වියේ පසුවන සඳුන් වීරක්කොඩි ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 32ක් තුල දී ලකුණු 41ක් රැස්කළේ කණ්ඩායමේ සහෝදර පිතිකරුවන් තුල ද ධනාත්මක මානසිකත්වයක් ගොඩ නංවමිනි. කුසල් මෙන්ඩිස් අද ලකුණු 2කට දුවද්දී දැවී යාමෙන් අනතුරුව පිටියේ එක්වුණු ධනංජය ද සිල්වා සහ මිලින්ද සිරිවර්ධන ගාලු ඉනිම ලකුණු 300 සීමාව කරා ගෙන යාමට පෙරමුණ ගත්හ. අද ඉතාමත් නිදහසේ පිටිය සිසාරා පහරවල් එල්ල කළ ධනංජය ද සිල්වා ලකුණු 89ක් ලබා ගත්තේ පන්දු 76කට පමණක් මුහුණ දෙමිනි. ඔහුගේ අනර්ඝ ඉනිම කල්යල් බලා එල්ල කළ හතරේ පහර 11කින් හැඩවිය.

රාජකීය පිතිකරුවෝ රාජකීය ලකුණු පුවරුවක් නිර්මාණය කරයි

සිංගර් කුසලාන දෙවන පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව වටයේ තරගය ඊයේ (5) කොළඹ රාජකීය විද්‍යාලය හා කළුතර විද්‍යාලය අතර කළුතර…

කලක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ විශ්වසනීය මැදපෙළ පිතිකරුවෙකු ලෙස කටයුතු කළ මිලින්ද සිරිවර්ධන අද පන්දු 44කින් වේගවත් ලකුණු 65ක් රැස් කිරීමට සමත් විය. අද ඔහුගේ ක්‍රීඩා විලාශය සැලකීමේ දී මුල් කාලීනව ඔහු තුල තිබූ ආත්ම විශ්වාසය කැටිවුණු පහරවල් නැවත වතාවක් දැක ගන්නට ලැබුණු අතර තේරීම් කමිටුවට ඔහු ගැන තීරණයක් ගැනීමට තවත් පළාත් තරග දෙකක් ඉතිරිව ඇත. මේ දිනවල පිතිකරණයේ යම් පසුබෑමක් පෙන්නුම් කරන ශම්මු අශාන් අදත් ලකුණු 2ක් ලබා සිටිය දී දැවී ගියේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේයි.

අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි මිනෝද් භානුක පන්දු 36කින් ලබා ගත් ලකුණු 44 ආශීර්වාදයෙන් ගාලු ඉනිම කඩුලු 8කට ලකුණු 345ක් දක්වා ඉහළ නැගුණේ දඹුලු පිළේ ජයග්‍රහණ බලාපොරොත්තු සෑහෙන දුරස් කරමිනි. පන්දු යැවීමේ දී පළමු පෙළ අත්දැකීම් රාශියක් ඇති ඉශාන් ජයරත්න ලකුණු 43කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර අද ලකුණු අතරට පැමිණි ධනංජය, මිලින්ද සහ වීරක්කොඩි ඔහුගේ ගොදුරු බවට පත්විය. ඉසුරු උදාන කඩුලු 2ක් දවා ගත්තද අද ප්‍රහාරයට මුල්තැන දුන් ගාලු පිතිකරුවන් ඉදිරියේ ඔහු ද යම් අසීරුතාවයකට ලක්වෙනු පෙනෙන්නට තිබුණි. මීට අමතරව විශ්ව ප්‍රනාන්දු සහ ලක්ෂාන් සඳකැන් ද අද ගාලු ප්‍රහාරය හමුවේ අන්දමන්ද වූහ.

ශෙහාන් ජයසූරියගේ ශතකයේ පිහිටෙන් කොළඹට තවත් ජයක්

ලකුණු 346ක අසීරු ඉලක්කයක් හඹා යාමට උත්සාහ දැරූ දඹුල්ල පිළේ මුල් කඩුලු 4ම ලකුණු 87ක් තුල බිඳ වැටුණේ දඹුල්ල කණ්ඩායමේ තුරුම්පු එකිනෙක අහිමි කර දමමිනි. දික්වැල්ල, ගුණතිලක, ඕෂධ සහ භානුක රාජපක්ෂ මේ අයුරින් දැවී ගිය පිතිකරුවන් සිව්දෙනා බවට පත්විය. මේ මොහොතේ නැවතත් ඉනිම පිළිසකර කිරීමේ සහ ලකුණු වේගය පවත්වා ගැනීමේ අසීරු වගකීම මැදපෙළ වෙත පැවරුණු අතර නායක මැතිව්ස් සහ අශාන් ප්‍රියන්ජන් ඒ වෙනුවෙන් උත්සාහයක් දරනු දැකගන්නට ලැබුණි. කෙසේ වෙතත් දැවැන්ත ගාලු ලකුණු පුවරුව හමුවේ ගොඩ නැගුණු පීඩනය නිසා ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ඉනිම ලකුණු 78කට නිමා විය. දැවී යන විට පන්දු 84කට මුහුණ දී සිටි ඔහු හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් එල්ල කොට තිබුණි.

දකුණත් මැදපෙළ පිතිකරු අශාන් ප්‍රියන්ජන් පන්දු 52කට මුහුණ දී ලකුණු 41ක් රැස් කළේය. සමස්තයක් වශයෙන් ගාලු පන්දු යැවීම ඉහළ මට්ටමක තිබූ අතර පිතිකරුවන්ට පහසුවෙන් ලකුණු අතරට යාමට ඉඩක් ඔවුන්ගෙන් නොලැබුණි. පන්දු යැවීම ආරම්භ කළ මාලිංග නොකඩවා පන්දුවාර 8ක් ක්‍රියාත්මක කළේ එහි දී ලකුණු 32කට එක් කඩුල්ලක් දවා ගනිමිනි. ඔහුගේ මෙම ක්‍රියා කලාපය තම ශාරීරික යෝග්‍යතාවය ගැන තෙවැනි පාර්ශවයන්ට ලබා දුන් සංඥාවක් වීමට ද ඉඩ තිබේ. අද දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ ධනංජය ද සිල්වා ස්වකීය දකුණත් පිට දඟපන්දුවෙන් දඹුලු පිතිකරුවන් තිදෙනෙකු මට්ටු කළේය.

Photos: Dambulla vs Galle | Super Provincial One Day 2019

මීට අමතරව පන්දුවාර 5ක් ක්‍රියාත්මක කළ ධම්මික ප්‍රසාද් එහි දී ලකුණු 16ක් පමණක් ලබා දී කඩුලු 2ක් බිඳ හෙලීම ඔහු නැවතත් පෙර දක්ෂතා අතරට පිවිසෙමින් සිටින බව තහවුරු කරන සුබ දසුනක් බවට පත්විය. දඹුලු පිළේ අවසන් උත්සාහය ලෙස පන්දු 11කින් ලකුණු 26ක් ලබා සිටි ඉශාන් ජයරත්නව පිටියෙන් ඉවත් කළ ගාලු ක්‍රීඩකයෝ අද තරගයෙන් ලකුණු 76ක පහසු ජයක් ලබා ගත්හ. මේ වනවිට තමන් සහභාගී වූ තරග දෙකම පරාජය වී සිටින දඹුලු කණ්ඩායම අද දැවී ගියේ ලකුණු 269කටයි. ඒ අනුව මූලික වටයේ තවත් තරග 2ක් ඉතිරිව තිබිය දී ම අවසන් මහා තරගයේ අසුන් වෙන් කරවා ගැනීමට තරග 2 බැගින් ජය ගත් ගාල්ල සහ කොළඹ කණ්ඩායම් සමත්ව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Team Dambulla
269/10 (46.5)

Team Galle
345/8 (50)

Batsmen R B 4s 6s SR
Sandun Weerakkody c Oshada Ferenado b Ishan Jayaratne 41 32 8 0 128.12
Lahiru Thirimanne c Isuru Udana b Lakshan Sandajan 82 96 6 1 85.42
Dhanajaya de silva c Niroshan Dickwella b Ishan Jayaratne 89 76 11 0 117.11
Kusal Mendis run out (Oshada Ferenado) 2 5 0 0 40.00
Milinda Siriwardana c Angelo Mathews b Ishan Jayaratne 65 44 7 1 147.73
Shammu Ashan c Niroshan Dickwella b Vishwa Fernando 2 6 0 0 33.33
Minod Bhanuka c Niroshan Dickwella b Isuru Udana 44 36 3 0 122.22
Wanindu Hasaranga c Danushka Gunathilake b Isuru Udana 3 4 0 0 75.00
Dhammika Prasad not out 1 2 0 0 50.00
Dushmantha Chameera not out 1 1 0 0 100.00


Extras 15 (b 0 , lb 2 , nb 2, w 11, pen 0)
Total 345/8 (50 Overs, RR: 6.9)
Bowling O M R W Econ
Vishwa Fernando 7 0 67 1 9.57
Isuru Udana 9 0 64 2 7.11
Ishan Jayaratne 8 0 43 3 5.38
Danushka Gunathilake 8 0 46 0 5.75
Jeevan Mendis 6 0 33 0 5.50
Lakshan Sandajan 9 0 68 1 7.56
Ashan Priyanjan 3 0 22 0 7.33


Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c Lasitha Malinga b Dhammika Prasad 19 25 2 0 76.00
Danushka Gunathilake b Dushmantha Chameera 7 8 0 0 87.50
Oshada Ferenado c Minod Bhanuka b Lasitha Malinga 20 35 2 0 57.14
Bhanuka Rajapakse st Minod Bhanuka b Wanindu Hasaranga 16 22 0 0 72.73
Angelo Mathews c Wanindu Hasaranga b Shammu Ashan 78 84 7 1 92.86
Ashan Priyanjan c & b Dhanajaya de silva 41 52 3 0 78.85
Jeevan Mendis lbw b Dhanajaya de silva 23 17 0 2 135.29
Isuru Udana c Wanindu Hasaranga b Dhammika Prasad 14 17 1 0 82.35
Ishan Jayaratne c Kusal Mendis b Dhanajaya de silva 26 11 2 2 236.36
Vishwa Fernando not out 1 6 0 0 16.67
Lakshan Sandajan st Minod Bhanuka b Milinda Siriwardana 8 8 2 0 100.00


Extras 16 (b 4 , lb 2 , nb 4, w 6, pen 0)
Total 269/10 (46.5 Overs, RR: 5.74)
Bowling O M R W Econ
Lasitha Malinga 8 1 32 1 4.00
Dushmantha Chameera 6 0 38 1 6.33
Dhammika Prasad 5 0 16 2 3.20
Wanindu Hasaranga 10 0 55 1 5.50
Dhanajaya de silva 9 0 57 3 6.33
Milinda Siriwardana 4.5 0 35 1 7.78
Shammu Ashan 4 0 30 1 7.50