පළමු EUSC T10 Bash ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 8ක්

T10 Bash ක්‍රිකට් තරගාවලිය 2022

774

එගොඩඋයන එක්සත් ක්‍රීඩා සමාජය විසින්  සංවිධානය කරනු ලබන EUSC T10 Bash ක්‍රිකට් තරගාවලිය මේ මස 6, 12 සහ 13 යන තෙදින පුරාවට මොරටු මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම සඳහා ශූරතා කුසලානයට අමතරව මුදලින් රුපියල් 75,000ක මුදලක් ලබා දෙන අතර එහි අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට අනුශූරතා කුසලානයට අමතරව මුදලින් රුපියල් 50,000ක මුදලක් ලබා දීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

ඊට අමතරව තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා, දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු රකින්නා සහ තරගාවලියේ වීරයා ලබාගන්නා ක්‍රීඩකයින් හට මුදල් ත්‍යාග සහ කුසලාන ලබා දෙනු ඇත.

තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සහ ශූරතා කුසලානය එළිදැක්වීමේ උළෙල පසුගිය පෙබරවාරි 26 වැනිදා මොරටුව රන්දිය හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා මේ තරගාවලියට එක්වන කණ්ඩායම්වල නායකයින් සහ කණ්ඩායම් කළමනාකරුවන් සහභාගී වුනා.

තරගාවලියේ සඳහා සහභාගී වන කණ්ඩායම්,

  1. Joy Cricket Club
  2. Old Thomian Shark
  3. Champ Cricket Academy
  4. Millennium Cricket Club
  5. Schools of Cricket Panadura
  6. Old Susumians Cricket Club
  7. Teaianocate Tuskers
  8. EUSC Club

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<