ඉසුරු උදාන සුපිරි දස්කම් දක්වමින් ඇෆ්ගන් පිටිය කලඹයි

1116

ඩුබායි හි පැවැත්වෙන ඇෆ්ගනිස්තානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දසවැනි තරගය ඊයේ (12) දිවා/රාත්‍රී ක්‍රිකට් තරගයක් ලෙස පැවැත්වුණු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන ඇතුළු පක්ටියා පැන්තර්ස් කණ්ඩායම එම තරගයෙන් ලකුණු 9කින් ජය ගත්තේය. මේ තරගයේ දී උදාන සිය තුන් ඉරියව් දස්කම් දක්වමින් ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කළේය.

ශ්‍රී ලංකා බලාපොරොත්තු එංගලන්තය උදුරා ගනී

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග…

ශ්‍රී ලංකාවේ සිටින විස්සයි විස්ස විශේෂඥයෙක් වන ඉසුරු උදාන, අවසන් පන්දුවාරය දක්වා ක්‍රියාත්මක වූ මේ තරගයේ දී සෑම අංශයකින්ම දස්කම් දැක්වූ අතර පළමුව පන්දුවට පහර දුන් උදාන ක්‍රීඩා කරනු ලබන පක්ටියා පැන්තර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමට පෙර සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 127ක් පමණි.

එහි දී දක්ෂ ලෙස ක්‍රීඩා කළ ශිකන්ඩර් රාසා 4 පහර 5ක් සිය ලකුණු ගිණුමට ඇතුළත් කරගනිමින් පන්දු 42ක් තුල ලකුණු 51ක් ලබා ගන්නා ලදි. අංක 7 පිතිකරු ලෙස පිටියට පැමිණි උදාන එක් 6 පහරක් ද සමඟ ලකුණු 23ක් ලබා ගත්තේ පන්දු 23ක් තුලයි.

පක්ටියා පැන්තර්ස් කණ්ඩායම් නායක මෙන්ම කඩුලු  ක්‍රීඩක මොහොමඩ් ශේෂාඩ් ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණියත් ඔහු ලබා ගත්තේ ලකුණු 4ක් පමණි. ශාහීඩ් අෆ්රිඩි ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව ගිය මොහොතක දී උදානගේ ලකුණු 23 පක්ටියා පැන්තර්ස් කණ්ඩායමට ඉතාමත් වටිනා ලකුණු ප්‍රමාණයක් විය.

Cricingif on Twitter

WATCH: Isuru Udana’s 3/19 against Kandahar Knights Ball-by-ball clip..

පක්ටියා පැන්තර්ස් කණ්ඩායම ලබා ගත් ලකුණු 127ට පිළිතුරු ලෙස කන්දහාර් නයිට්ස් කණ්ඩායම සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 118ක් වන අතර  කරීම් ජනට් 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 27ක් ලබා ගත් අතර  ඔහුව දුවද්දී දවා ගැනීමට උදානය සහය ලබා දෙන ලදි. නජිබුල්ලා සද්‍රාන් ලකුණු 20ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිම එක් 4 පහරකින් හා 6 පහර 2කින් අලංකාරවත් විය. සිය වගකීම තවදුරටත් ඉටු කළ උදාන පන්දු යැවීමේ දී නියමිත පන්දුවාර 4 තුල ලකුණු 19ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගන්නා ලදි. ඊට අමතරව විශිෂ්ට උඩ පන්දු දෙකක් ද මේ තරගයේ දී ඔහු විසින් රැකගත්තේය.

මේ තරගාවලිය පසුගිය 5 වැනිදා සහජා නුවර දී ආරම්භ වූ අතර පක්ටියා පැන්තර්ස්, කන්දහාර් නයිට්ස්, බාල්ක් ලෙජන්ඩ්ස්, කාබුල් ස්වානන්, නන්ග්‍රහර් ලේයෝප්‍රේඩ්ස් යන කණ්ඩායම් පහ මේ මස 21 වැනිදා දක්වා තරග වදිනු ලබන අතර මෙවර තරගාවලියට ක්‍රිස් ගේල්, බ්‍රෙන්ඩන් මැකලම්, ශාහීඩ් අෆ්රිඩි ඇතුළු විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සහභාගී වේ.

Cricingif on Twitter

OUT! Udana has the last laugh and rattles the timber. @henrygayle…

තරගාවලියේ මේ දක්වා තරග 3ක් ක්‍රීඩා කර තිබෙන උදාන මේ වන විට පන්දු යවන්නන්ගේ අංශයේ තෙවැනි වැඩිම කඩුලු ලාභියා ලෙස ඉදිරියෙන් සිටින්නේ තරග 4ක් තුළ කඩුලු 9ක් දවාගෙනයි. ඒ කඩුලු අතර සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන ක්‍රිස් ගේල්ගේ කඩුල්ල ද වේ.

පක්ටියා පැන්තර්ස් – 127 (18.2): ශිකන්ඩර් රාසා 51, ඉසුරු උදාන 23, සයිඩ් ශිරාස් 4/19,වකාර් සල්මෙකීල් 2/19.

කන්දහාර් නයිට්ස් – 118 (19.4): කරීම් ජනට් 27, නජිබුල්ල සද්‍රාන් 20, ඉසුරු උදාන 3/19, ශර්ෆුඩීන් අෂ්රෆ් 3/31.

තරගයේ වීරයා – ඉසුරු උදාන

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<