වර්ෂාවේ සාපයත් ඩි කොක්ගේ ශතකයත් නිසා තවත් තරගාවලි පරාජයක්!

493

මේ දක්වා කාලයක් ශ්‍රී ලංකාවට වාසනාවන්ත ක්‍රීඩාංගණයක් ලෙස හැඳින්වුනු ඩර්බන් පිටිය අද නම් හැසිරුණේ ඒ ආකාරයෙන් නොවේ. ප්‍රතිවාදීන් ලබා දුන් දැවැන්ත ඉලක්කය ශ්‍රී ලංකා පිළ හඹා යාමට උත්සාහ දරමින් සිටි මොහොතේ අද (10) ඩර්බන් නුවරට වැසි ඇද වැටුණු අතර අවසානයේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව අඩු පන්දුවාර ගණනක් තුල අති විශාල ලකුණු ප්‍රමාණයක් හඹා යාමට සිදුවුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ලකුණු 71ක දරුණු පරාජයක් ශ්‍රී ලංකාවට අත්විය.

විස්සයි විස්ස අවසන් තරගයෙන් බිහි වූ අපූරු වාර්තාව

2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ…..

ඩර්බන් හි කින්ග්ස්මිඩ් ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනු අද තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගයි. ඒ අනුව නැවත වරක් දකුණු අප්‍රිකානු පිතිකරුවන් මෙල්ල කිරීමේ අදහසින් මුලින් පන්දු යැවීම තෝරා ගැනීමට ඔහු කටයුතු කළේය. අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් දෙකක් සිදුව තිබූ අතර කමිඳු මෙන්ඩිස් සහ ඉසුරු උදාන කණ්ඩායමට එක්වී තිබුනේ ධනංජය ද සිල්වා සහ විශ්ව ප්‍රනාන්දු වෙනුවටයි. අද තම මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් රිච්මන්ඩ් විද්‍යාලයේ සහ 19න් පහළ ශ්‍රී ලංකා පිළේ නායකත්වය හොබවමින් දැක්වූ ඉහළ දක්ෂතා නිසාම යොවුන් වියේදීම ජාත්‍යන්තර වරම් දිනා ගත්තෙකි.

අත් දෙකෙන්ම මනා පාලනයකින් යුතුව පන්දු යැවීමේ හැකියාවක් ඇති ඔහු දේශීය පිටියේ දී නම් කුසලතා පිරිපුන් මුල්පෙළ පිතිකරුවෙකි. විවිධත්වයකින් යුතුව පන්දු යවන නිසාම සීමිත පන්දුවාර තරග වලට උචිත යැයි බොහෝ දෙනා දැන හඳුනාගෙන සිටින ඉසුරු උදානගෙන් කලකට පසු ප්‍රයෝජනයක් ගැනීමට තේරීම් කමිටුව තීරණය කිරීම ද අද තරගයේ දැකගත හැකිවූ ධනාත්මක සාධකයකි. දකුණු අප්‍රිකානුවන් ද තම ජයග්‍රාහී සංකලනයේ වෙනස්කම් දෙකක් සිදු කරමින් ඩ්වේන් ප්‍රිටෝරියස් සහ තබ්‍රයිස් ශම්සි කණ්ඩායමට එක්කොට තිබුනේ වියාන් මුල්ඩර් සහ අන්රික් නොට්ජේ වෙනුවටයි.

අද දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස රීසා හෙන්රික්ස්ව ඉක්මනින් දවා ගැනීමට ඉසුරු උදාන සමත් වූයේ ඔහු පිලිබඳව තැබූ විශ්වාසයට සාධාරණයක් ඉටු කරමිනි. එපමණක් නොව අද අනෙකුත් පන්දු යවන්නන් ප්‍රහාරයකට බඳුන් වන අවස්ථා වලදී පවා සාර්ථකව පන්දු යැවීමට උදානට හැකිවිය. කෙසේවෙතත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක සබඳතාවයක් ගොඩ නැගූ නායක ප්ලෙසිස් සහ ක්වින්ටන් ඩි කොක් විශාල ලකුණු පුවරුවක් සඳහා අත්තිවාරම දැමූහ. අවසානයේ මාලිංග යැවූ කෙටි පන්දුවකට නොසැලකිලිමත් ලෙස පුල් පහරක් එල්ල කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස ලකුණු 36ක් ලබා සිටි ප්ලෙසිස් දැවී යාමත් සමඟ මෙම සබඳතාවය අවසන් විය.

අසේල ගුණරත්න පාකිස්තානයට

මේ දිනවල පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට්…..

සෙන්චූරියන් හිදී පැවති දෙවැනි එක්දින තරගයේ දී ලකුණු 94කට දැවී ගිය ක්වින්ටන් ඩි කොක් අද ඩර්බන් හිදී තමන්ට අහිමි වී ගිය ශතකය ලබා ගැනීමට සමත් විය. ඒ පන්දු 108කදී ලකුණු 121ක් රැස්කර ගනිමිනි. මෙම තරග සංචාරය පුරාවට විශිෂ්ට දස්කම් දක්වමින් සිටින ඩි කොක්ගේ ඉනිමට හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. පසුගිය තරග දෙකේදීම ලකුණු අතරට පිවිසෙන්නට නොහැකි වූ වැන් ඩර් ඩුසේන් අද අර්ධ ශතකයක් රැස්කර ගත්තේ හතරේ පහර 3ක් සමඟිනි. මේ දිනවල තම උපරිම රිද්මයේ නොසිටියද කල්පනාකාරීව පන්දුවට පහර දුන් ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තේ ඉනිම අවසන් වනතුරුම කඩුල්ලේ රැඳී සිටිමිනි.

ශ්‍රී ලංකා පිළ ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාර 5 තුල පන්දු රකින්නන් දැක්වූ දුර්වලතා ද ප්‍රතිවාදීන්ට අමතර ලකුණු 20ක් පමණ එකතු කරන්නට හේතුවිය. ඒ අතරතුරේ දී ඉසුරු උදාන සහ ලසිත් මාලිංග යැවූ පන්දු වලට ලැබුණු උඩපන්දු 2ක් ද අකිල ධනංජය සහ ඕෂධ ප්‍රනාන්දු අතින් ගිලිහී යනු දැකගන්නට ලැබුණි. සමස්ථයක් වශයෙන් ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වලතා නිසා ලකුණු 35ක් 40ක් පමණ ප්‍රතිවාදීන්ගේ ගිණුමට එක්වීම කණගාටුවට කරුණකි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 50 තුලදී ලකුණු 332ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට සිදුවිය.

සාන්ත තෝමස් ක්‍රීඩකයෝ වසර 12කට පසුව නිල් මහ සටන ජය ගනී

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර 140 වැනි……

අද දකුණු අප්‍රිකානු ඉනිම අතරතුරේ දී පන්දුවක් රැක ගැනීමට ගිය කුසල් පෙරේරා ආබාධයකට ලක්වූ නිසා ශ්‍රී ලංකාවට මෙම ඉලක්කය හඹා යන්නට ඉතිරිව සිටියේ පිතිකරුවන් සය දෙනෙකු පමණි. ඒ අතරිනුත් නිරෝෂන් දික්වැල්ල වැර යොදා එල්ල කළ පළමු පහරම අසාර්ථක කර ගත්තේ මිඩ්-ඕන් කලාපය වෙත පහසු උඩපන්දුවක් ලබා දෙමිනි. මෙම තරගාවලියේ මුල් තරග තුනේදිම අසාර්ථක වී ඇති දික්වැල්ල අද ලබාගත්තේ ලකුණු 2ක් පමණි.  ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු තබා සිටි අවිශ්ක ප්‍රනාන්දු අද ලකුණු 23කට දැවී ගියේ පවර්ප්ලේ අවස්ථාවේ දී යාර 30 සීමාවට ඉහළින් එල්ල කිරීමට ගිය පහරක් වරද්දා ගැනීමෙනි.

ලකුණු 35ට කඩුලු 2ක් බිඳ වැටුණු මේ අවස්ථාවේ දී ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ලකුණු 40ක සබඳතාවයක් ගොඩ නැගූ අතර අවාසනාවකට එය පවත්වා ගෙන යන්නට නොදී වර්ෂාව ආරම්භ වුනි. එය පැය 2ක පමණ කාලයක් පැවතුනු අතර අවසානයේ පන්දුවාර 8ක් සඳහා පමණක් පිතිකරණයේ යෙදෙන්නට ශ්‍රී ලංකාවට සිදුවිය. කණගාටුවට කරුණ වූයේ එම පන්දුවාර 8දීත් ලකුණු 118ක දැවැන්ත ඉලක්කයක් ඔවුන්ට හිමිවීමයි. නැවතත් තරගය ඇරඹී වැඩි වේලාවක් යන්නට පෙර ඕෂධ ප්‍රනාන්දු දැවී ගිය අතර දකුණු අප්‍රිකානුවන් තහීර් සහ ශම්සි යන පා දඟ පන්දු යවන්නන් දෙදෙනා දිගින් දිගටම භාවිතා කරමින් ශ්‍රී ලංකා ගමන අවහිර කරනු දැකගන්නට ලැබුණි.

Photos: Sri Lanka vs South Africa – 3rd ODI

අද ශ්‍රී ලංකා ඉනිමේ එකම සාර්ථක පිතිකරුවා බවට පත්වූ කුසල් මෙන්ඩිස් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් රැස්කර ගත්තද ලකුණු වේගය රඳවා ගැනීම වෙනුවෙන් වේගයෙන් පන්දුවට පහර දීමට ගොස් අවසානයේ කඩුල්ල අහිමි කර ගත්තේය. තිසර පෙරේරා අද පිතිකරණයේ කිසිම විශ්වාසයක් ප්‍රකට නොකෙරූ අතර ලකුණු 12කට දැවී ගියේය. අවසානයේ පන්දුවාරයකට අවශ්‍ය කරන ලකුණු වේගය අහස උසට නැගුණු කල ප්‍රතිවාදීන්ට කඩුලු නොදී ආරක්ෂා වීමට කමිඳු මෙන්ඩිස් සහ ඉසුරු උදාන පියවර ගත්තේ වෙනත් කරන්නට දෙයක් නැති තැනයි.

ඒ අනුව නියමිත පන්දුවාර 24 නිමා වනවිට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 121ට කඩුලු 5ක් ලෙස සටහන් වුණි. ඒ තරග දෙකක් ඉතිරිව තිබියදීම තවත් එක්දින තරගාවලියක පරාජය සනිටුහන් කරමිනි. පන්දු යැවීමේ දී ක්‍රිකට් පිටියෙන් නුදුරේදීම සමු ගැනීමට නියමිත ඉම්රාන් තහීර් කඩුලු 2ක් දවා ගත්තේය. තරගයේ වීරයා සම්මානය හිමිවූයේ සුපිරි ශතකයක් වාර්තා කළ ක්වින්ටන් ඩි කොක්ටයි. ඒ අනුව ශ්‍රී ලංකා පිළට එක්දින තරගාවලියේ ඉතිරි තරග දෙක අත්හදාබැලීම් සඳහා භාවිතා කළ හැකි අතර මීලඟ එක්දින තරගය ලබන 13 වැනිදා පෝර්ට් එලිසබෙත් හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

South Africa

331/5

(50 overs)

Result

Sri Lanka

121/5

(24 overs)

SA won by 71 runs (DLS)

South Africa’s Innings

Batting R B
Quinton de Kock c N Dickwella b K Rajitha 121 108
Reeza Hendricks c L Malinga b I Udana 4 11
Faf du Plessis c N Dickwella b L Malinga 36 27
Rassie vd Dussen lbw by K Mendis 50 67
David Miller not out 41 46
Dwaine Pretorius b I Udana 31 26
Andile Phehlukwayo not out 38 15
Extras
10 (lb 5, w 5)
Total
331/5 (50 overs)
Fall of Wickets:
1-24 (R Hendricks, 5.4 ov), 2-121 (du Plessis, 16.2 ov), 3-187 (de Kock, 30.6 ov), 4-231 (vd Dussen, 39.2 ov), 5-284 (D Pretorius, 46.4 ov)
Bowling O M R W E
Lasith Malinga 10 0 68 1 6.80
Isuru Udana 8 0 50 2 6.25
Kasun Rajitha 8 0 69 1 8.63
Akila Dananjaya 9 0 56 0 6.22
Thisara Perera 5 0 38 0 7.60
Kamindu Mendis 10 0 45 1 4.50

Sri Lanka’s Innings

Batting R B
Avishka Fernando c T Shamsi b L Ngidi 23 26
Niroshan Dickwella c I Tahir b K Rabada 2 7
Oshada Fernando c de Kock b T Shamsi 25 44
Kusal Mendis c & b I Tahir 41 31
Thisara Perera c vd Dussen b I Tahir 12 14
Kamindu Mendis not out 8 13
Isuru Udana not out 0 9
Extras
10 (b 4, lb 1, w 5)
Total
121/5 (24 overs)
Fall of Wickets:
1-11 (N Dickwella, 2.5 ov), 2-35 (A Fernando, 7.4 ov), 3-76 (O Fernando, 16.1 ov), 4-104 (K Mendis, 19.2 ov), 5-118 (T Perera, 21.5 ov)
Bowling O M R W E
Kagiso Rabada 6 2 18 1 3.00
Lungi Ngidi 5 1 25 1 5.00
Andile Phehlukwayo 2 0 19 0 9.50
Dwaine Pretorius 2 0 6 0 3.00
Imran Tahir 5 0 19 2 3.80
Tabraiz Shamsi 4 0 29 1 7.25