වාර්තා අලුත් වෙමින් ප්‍රථම දිනය නිමා වෙයි

909

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙම වර්ෂය තීරණාත්මක වසරක් වී තිබෙන්නේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා තරගාවලීන් හේතුවෙනි. එහෙයින් පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා තරග ඉලක්ක කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ මූලික වටයේ තරග අද (08) සහ හෙට (09) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12ක් තායිපේ නුවරට

ආසියානු ලීග් මලල ක්‍රීඩා ශූරතාවලිය අප්‍රේල් මස තායිපේ හි දී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් 12 දෙනෙකු‍ගෙන් යුත් කණ්ඩායමක්…

එළඹෙන ජුලි මස 06 වැනිදා සිට 09 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය හා අගෝස්තු මස පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම අද (08) දියගම දී ආරම්භ වූයේ මලල ක්‍රීඩා සම්මේලනයේ මූලිකත්වයෙනි.

පසුගිය කාලය තුළ දී ඔවුන් සිදු කළ පුහුණුවීම් හරහා තමන් නියැළෙන ක්‍රීඩාවෙන් කොපමණ දක්ෂතාවයක් තමන් තුළ තිබේද යන්න සොයා බැලීමට මෙය ඉතා වටිනා අවස්ථාවක් වනු ඇත. තේරීම් තරග වට දෙකක් ඔස්සේ පැවැත්වෙන අතර එක් වටයක් අද සහ හෙට පැවැත්වේ. දෙවැනි වටය මැයි මස දී පැවැත්වේ.

මීට අමතරව මේ මස අවසානයේ දී පැවැත්වීමට නියමිත ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ තරග තුනක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගන්නා බව මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති සමන් කුමාර මහතා පවසා සිටියේය.

“කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තරග 3කටත් යොවුන් ක්‍රීඩා උළෙලටත්, ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලටත්, ලෝක මලල ක්‍රීඩා තරගාවලියටත් සිදු කරන තෝරා ගැනීම් අද සහ හෙට පැවැත්වෙන තරගවලින් තෝරා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. එ් විතරක් නෙමෙයි ඉදිරියේ දී තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලිය, කොරියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලිය, කසකස්තාන් විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය, මැලේසියානු විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය වගේ ජාත්‍යන්තර තරග ගණනාවක් පැවැත්වෙනවා. මේ තරගාවලි වලටත් අද සහ හෙට පැවැත්වෙන තරගවලින් තේරීම් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි තේරීම් කමිටු සභාපතිතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ, මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සුගත් තිලකරත්ත ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රිඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ද සහභාගී විය.

ශ්‍රී ලංකා යුධ හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් දිනයේ වැඩි දක්ෂතාවයන් දැක බලා ගැනීමට හැකි විය.

අද උදෑසන කාන්තා මීටර් 10000 දිවීමේ තරගය ආරම්භ වු අතර එම තරගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජන කළ ඒ. එන්. එල්. ආරියදාස විනාඩි 36:43. 82කින් තරගය නිමා ක‍ළේ 2003 වසරේ දී සුජීවා නිල්මිණි ජයසේන තැබූ ශ්‍රී ලංකා වාර්තාවටත් තවත් විනාඩි 3ක් තිබිය දී ය.

දිනයේ පැවති අනෙකුත් අවසන් තරග පිළිබඳ කෙටියෙන්.

  • මීටර් 10000 කාන්තා
පළමු ස්ථානය ඒ. එන්.එල් ආරියදාස ශ්‍රී ලංකා ගුවන් හමුදාව 36: 43.82
දෙවන ස්ථානය ඒ.එල්.එස්.ඩී. ලියනගේ ශ්‍රී ලංකා යුධ හමුදාව 38:11.91
තෙවන ස්ථානය වී. ක්‍රිශාන්ති ශ්‍රී ලංකා නාවික හමුදාව 38:35.08
  • මීටර් 5000 පිරිමි
පළමු ස්ථානය ඒ. කේ. තරංග ශ්‍රී ලංකා ගුවන් හමුදාව 14:51.20
දෙවන ස්ථානය ඩී.එම්.ඩී.එස්. දිසානායක ශ්‍රී ලංකා යුධ හමුදාව 14:59.67
තෙවන ස්ථානය ජී.එම්.ජී.ආර්.එස් විජේවික්‍රම ශ්‍රී ලංකා යුධ හමුදාව 15:00.72
  • පිරිමි රිටි පැනීම
පළමු ස්ථානය එම්. එච්. අයි. සදරුවන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 4.90m
දෙවන ස්ථානය ඒ.සී. ප්‍රනාන්දු ශ්‍රී ලංකා යුධ හමුදාව 4.50m
තෙවන ස්ථානය එච්.ඩී. චින්තක දිනේෂ් ශ්‍රී ලංකා යුධ හමුදාව 4 .40m

උස පැනීමේ ඉසව්වෙන් ද 2015දී දියගම දී එන්. සී. ඩී. ප්‍රියදර්ශනී තැබූ මීටර් 6. 43ක ශ්‍රී ලංකා වාර්තාව අභියසට පැමිණෙන්නට කේ. කේ. ආර්. එන් අබේරත්න හට  අද (08) හැකි වුවත් එය අභිබවා යන්නට ඇයට නොහැකි විය. ඇය මීටර් 6.08 දක්ෂතාවයක් වාර්තා කළා.

පළමු ස්ථානය කේ.කේ.ආර්.එන් ආඹේරත්න ශ්‍රී ලංකා පාසල් 6.08
දෙවන ස්ථානය අංජානි පුල්වංස කොළඹ DAA 5.75
තෙවන ස්ථානය එන්. ඒ. ඩී ධනංජනී ශ්‍රී ලංකා යුධ හමුදාව 5.71
  • පිරිමි යඟුලිය විසි කිරීම
පළමු ස්ථානය ආර්. සමිත ජයවර්ධන ශ්‍රී ලංකා යුධ හමුදාව 15 . 55
දෙවන ස්ථානය ඒ.ජේ.ඩී. පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාව 15 . 45
තෙවන ස්ථානය එස්. ජයක්ධි ශ්‍රී ලංකා යුධ හමුදාව 14 . 54
  • කාන්තා කවපෙත්ත විසි කිරීම
පළමු ස්ථානය පී.කේ.ඒ.ඒ. මදුවන්ති ශ්‍රී ලංකා ගුවන් හමුදාව 40.94
දෙවන ස්ථානය ඩබ්.එම්.එස්.කේ වීරසේකර ශ්‍රී ලංකා ගුවන් හමුදාව 34.26
තෙවන ස්ථානය ඊ.පී. නිල්මිණි ශ්‍රී ලංකා යුධ හමුදාව 33. 25

රිටි පැනීමේ ඉසව්වෙන් 2016 දී යාපනයේ දී අනිත්තා ජේගතීස්වරන් තැබූ ශ්‍රී ලංකා වර්තාව මෙවර ඇය විසින්ම  බිඳ දැමීමට සමත්වීම මෙහි දී සිදු වු සුවිශේෂී සිදුවීමකි.

පළමු ස්ථානය ජේ. අනිත්තා ශ්‍රී ලංකා පාසල් 3.45
දෙවන ස්ථානය පී.එම්.ඒ.එච් දිල්රුක්ෂි ශ්‍රී ලංකා යුධ හමුදාව 3.20
තෙවන ස්ථානය එස්. ඩී. බානසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 3.10
  • උස පැනීමේ පිරිමි
පළමු ස්ථානය ඩී. එම්. ලියනපතිරණ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 7.74
දෙවන ස්ථානය එස්.ටී.එම්. මිෆ්රාන් ශ්‍රී ලංකා යුධ හමුදාව 7.73
තෙවන ස්ථානය එල්. ග්‍රේසන් ධනංජය ශ්‍රී ලංකා යුධ හමුදාව 7.72
  • කව පෙත්ත විසි කිරීම පිරිමි
පළමු ස්ථානය කේ. ජී. යූ. පී. ජයවර්ධන ශ්‍රී ලංකා නාවික හමුදාව 51 . 36
දෙවන ස්ථානය ඉසෙඩ්. ටී.එම්. ආසික් ශ්‍රී ලංකා යුධ හමුදාව 42 . 10
තෙවන ස්ථානය කේ. එම්. එස්. නිරෝෂන ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය 41 . 80
  • හෙල්ල විසි කිරීම කාන්තා
පළමු ස්ථානය එච්.එල්.එන්.ඩී ලේකම්ගේ ශ්‍රී ලංකා යුධ හමුදාව 51 . 53
දෙවන ස්ථානය එච්. පී. ඩී. එච් මදුවන්ති ශ්‍රී ලංකා ගුවන් හමුදාව 45 . 09
තෙවන ස්ථානය කේ. එච්. පී. ද සිල්වා ශ්‍රී ලංකා නාවික හමුදාව 44 . 70
  • අවසන් කාන්තා මීටර් 200 ධාවන තරගය
පළමු ස්ථානය ආර්. එම්. රුමේෂිකා රත්නායක කෑගල්ල DAA 24.21
දෙවන ස්ථානය පී. ජී. එන්. මදුෂිකා ශ්‍රී ලංකා ගුවන් හමුදාව 24.51
තෙවන ස්ථානය එම්.ඒ.එස්.එස් ජයතිලක ශ්‍රී ලංකා යුධ හමුදාව 25.16
  • මීටර් 200 පිරිමි අවසන් තරගය
පළමු ස්ථානය එම්. වී. සුරංජය ද සිල්වා 21 . 26
දෙවන ස්ථානය එච්. එස්.එස්. කුමාර ශ්‍රී ලංකා යුධ හමුදාව 21 . 76
තෙවන ස්ථානය කේ. එච්. ඒ. චමෝද් විදුරංග කෑගල්ල DAA 21 . 93
  • මීටර් 100 කාන්තා කඩුලු මතින් දිවීමේ ඉසව්ව
පළමු ස්ථානය ඩබ්.වී.එල් සුගන්දි ශ්‍රී ලංකා යුධ හමුදාව 14 . 78
දෙවන ස්ථානය ඩී.පී. මොහොට්ටාල ශ්‍රී ලංකා ගුවන් හමුදාව 15 . 28
තෙවන ස්ථානය එච්.ඩබ්.කේ. හපුආරච්චි ශ්‍රී ලංකා යුධ හමුදාව 15 . 44
  • පිරිමි මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්ව
පළමු ස්ථානය කේ.පී. එච්. නිර්මාල් ශ්‍රී ලංකා නාවික හමුදාව 14 . 54
දෙවන ස්ථානය ඒ.ඒ.එස්.එස් අමරතුංග ශ්‍රී ලංකා නාවික හමුදාව 14 . 63
තෙවන ස්ථානය ඊ.ජී.ඊ. හසිත කුමාර ශ්‍රී ලංකා යුධ හමුදාව 14 . 95

අද (08) දිනයේ ඉසව් කිහිපයක අර්ධ අවසන් තරග ද පැවති අතර එම තරගයන් හි අවසන් තරග හෙට (09) දිනයේ දී පැවැත්වීමට නියමිතයි.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල පිටුවට