තම පිතිකරු ඉනිම අසාර්ථක වුවද පන්දු යැවීමේ ඉනිම සාර්ථක කර ගනිමින් නැවත තරගයට අවතීර්ණ වීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වෙද්දී ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ අද (03) සමත් විය.

වසරේ පළමු ශතකය සචිත්‍ර සේරසිංහගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ පෙළහැර පාන්නන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන..

කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක නිමාව ළඟා වෙද්දී එස්. එස්. සී. සහ කෝල්ට්ස් ක්‍රීඩකයෝ ජයග්‍රහණය කුමන දිශාවකට දෝලනය වේ දැයි සැක සංකා සහිතව තරගයේ දෙවැනි දිනය ගෙවා දමද්දී හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ බදුරලියට එරෙහි ජයග්‍රහණයක් වෙනුවෙන් ඉනිම විවෘත කරන්නේ කුමන අවස්ථාවක දෝ යි කල්මරමින් සිටිති.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ එස්.එස්.සී. අතර තරගය

හැව්ලොක් පෙදෙස කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර තරගයේ පළමු දිනයේ දී සත්කාරක කෝල්ට්ස් ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලබා ගත් ලකුණු 267ට පිළිතුරු ලෙසින් එස්. එස් .සී. ක්‍රීඩකයෝ අද සිය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 200ක් පමණි.

අනතුරුව දෙවැනි ඉනිමට පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ දෙවැනි දිනය නිමා වන විට කඩුලු 5ක් දැවී ලකුණු 80ක් ලබා ගත්තේ ය. ඒ අනුව ඔවුන් ප්‍රතිවාදීන් ඉදිරියේ අසරණ වෙමින් ඔවුන්ට එරෙහිව ලකුණු 147ක් ඉදිරියෙන් සිටිනුයේ තවත් කඩුලු 5ක් පමණක් අතැතිව ය.

කෝල්ට්ස් පළමු ඉනිමට පිළිතුරු දීමට පළමු දිනයේ පිටියට පිවිසි ආරම්භක පිතිකරුවෝ වූ දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වාට දෙවැනි දිනයේ වැඩි දෙයක් කිරීමට සත්කරක ක්‍රීඩකයෝ ඉඩ තැබුවේ නැත.  ඔවුන්ගේ සබඳතාව දිනයේ සිව්වැනි පන්දුවේ දී අවසන් කරමින් එස්. එස්. සී. වෙත අවාසනාවන්ත ළඟා කළ හ. එම කඩුල්ලත් සමගින් අනෙකුත් ක්‍රීඩකයන්ට ද වැඩි දක්ෂතා දැක්විමට වරම් ලැබුණේ නැත.

එම තත්ත්වය යටතේ වූවද කෞෂාල් සිල්වා පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 43ක් ද චාමර කපුගෙදර පන්දු 88ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 61ක් ද ලබා ගත්හ.

පන්දු යැවීමේ දී වමතින් දඟ පන්දු යැවූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 63කට කඩුලු 4ක් දවා ගත්තේය.

ලකුණු 80 කඩුලු 5කින් නතර තිබෙන කෝල්ට්ස් දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු 5න් හතරක් සචිත්‍ර සේනානායක සහ අක්තාබ් කාදර් විසින් සමසේ බෙදා ගත්හ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 267 (82.3) සංගීත් කුරේ 53, දිල්රුවන් පෙරේරා 45, ප්‍රියමාල් පෙරේරා 32, අවිශ්ක ප්‍රනාන්දු 32, විශාද් රන්දික 21, නිසල තාරක 20, කවිශ්ක අංජුල නොදැවී 37, සචිත්‍ර සේනානායක 3/70, කසුන් මධුශංක 2/53, අකාශ් සේනාරත්න 4/76

එස්. එස්. සී: පළමු ඉනිම සියලුම දෙනා දැවී 200 (59.1) පළමු දිනය නිමා වන විට පන්දු වාර 5ක දි කිසිවෙක් නොදැවී 37 කෞෂාල් සිල්වා 43, සචිත්‍ර සේනානායක 27, චාමර කපුගෙදර 61, ආකාශ් සේනාරත්න 28, දිල්රුවන් පෙරේරා 3/55, ප්‍රභාත් ජයසූරිය 4/63, කවිශ්ක අංජුල 2/31

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවි 80 (35.0) සංගීත් කුරේ 23, ප්‍රියමාල් පෙරේරා නොදැවී 22, සචිත්‍ර සේනානායක 2/22, අක්තාබ් කාදර් 2/13


හලාවත මේරියන්ස් සහ බදුරලිය අතර තරගය

හලාවත මේරියන්ස් සහ බදුරලිය කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය නිමා වන විට හලාවත මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු 163ක් ලබා සිටියහ. ඒ අනුව මේ වන විට ඔවුන් ප්‍රතිවාදින්ට වඩා ලකුණු 372ක් ඉදිරියෙන් පසුවේ. ඒ තවත් කඩුලු 8ක් අතැතිව ය.  

තරගයේ පළමු දිනය අවසාන වන විට කඩුලු 9ක් දැවී ලකුණු 356ක් ලබා සිටි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ අද තම පළමු ඉනිම නිමා කර ගත්තේ ලකුණු පුවරුව 371ක් ව තිබිය දී ය.

ඊට පිළිතුරු ලෙසින් බදුරලිය ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 162ක් පමණි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ යොවුන් පිතිකරු පැතුම් නිශ්ශංක ය. ඔහු පන්දු 85ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තේය. ඊට අමතරව සංජය චතුරංග ද පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තේය.

මේරියන්ස් නායක මාලින්ද පුෂ්පකුමාර ලකුණු 40කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය.

මේරියන්ස් දෙවැනි ඉනිමේ දී ආරම්භක පිතිකරු කසුන් විදුර පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 78ක් ලබා ගත්තේ ය. දිනය අවසාන වන විට ඔසඳ ප්‍රනාන්දු පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් නායක සචිත්‍ර සේරසිංහ ලකුණු 15ක් ලබා නොදැවී සිටියේ ය.  

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවි 371 (85.2) පළමු දිනය නිමා වන විට පන්දු වාර 84ක දී කඩුලු 9ක් දැවී 356; කසුන් විදුර 23, සචිත්‍ර සේරසිංහ 103, පුලින තරංග 70, ඉසුරු උදාන 41, මාලින්ද  පුෂ්පකුමාර 31, තීක්ෂිල ද සිල්වා 20) ඩිලේෂ් ගුණරත්න 3/91, අලංකාර අසංක 5/74, දුවිඳු තිලකරත්න 2/80

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවි 162  (47.3) පැතුම් නිශ්ශංක 42,  නදීර නාවල 22, සංජය චතුරංග 39, මාලින්ද පුෂ්පකුමාර 5/40

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 163 (36.0) කසුන් විදුර 78, ඔසඳ ප්‍රනාන්දු නොදැවී 56, සචිත්‍ර සේරසිංහ නොදැවි 15,.  

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<