ජාතික මලල ක්‍රීඩා වාර්තා පොතේ දක්ෂයින්

384

තමා නිරත වන ක්‍රීඩාවේ විශිෂ්ටයින් ලෙස හඳුන්වා දිය හැකි ජාතික මලල ක්‍රීඩා වාර්තා හිමිකරුවන් සහ හිමිකාරිනියන් සුවිශේෂී වන්නේ ඔවුන් ශ්‍රී ලංකාවේ අනෙක් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ළඟා වීමට නොහැකි වූ කඩඉම් කරා ළඟා වීමට සමත්ව ඇති හෙයිනි.

rosaශ්‍රී ලංකාව ඔලිම්පික් පදක්කම් දෙකකට සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පදක්කම් දෙකකට හිමිකම් කියන අතර තවත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම ජාත්‍යන්තර තලයේ දී පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකා ධජය ඉහළින් රඳවා තබන්නට සමත්ව ඇත. තවත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකාවෙන් පිටත දී ඔවුන්ගේ පෞද්ගලික හොඳම දක්‍ෂතාවය වාර්තා කර ගනිමින් ජාතික වාර්තාව ද තම නම ඉදිරියේ සටහන් කර ගන්නට සමත්ව ඇත.

මලල ක්‍රීඩාවේ ප්‍රගමනය ගැන සභාපතිගේ විශ්වාසය

90 දශකය තුළ දී ස්වර්ණමය යුගයක් පසු කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් නම් කිසිසේත් අඩු වී නැත..

3223603ශ්‍රී ලාංකිකයෙකු තබා ඇති පැරණිම ජාතික වාර්තාවට හිමිකම් කියන්නේ එස්. එල්. බී. රෝසා ය. දිගු දුර ධාවන ශූරයෙක් වන ඔහු මීට වසර 42කට පෙර එනම් 1975 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ ඇකන්සස් නුවර දී මීටර 10,000 ධාවන ඉසව්වේ දී මිනිත්තු 29:18.0ක කාලයක් වාර්තා කර ගනිමින් එම ජාතික වාර්තාව පිහිටුවනු ලැබීය. එමෙන්ම අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 2015 වසරේ දී පැවති ලන්ඩන් මැරතන් ධාවන තරගාවලියේ දී මැරතන් ධාවන ඉසව්ව වෙනුවෙන් පැවති ශ්‍රී ලංකා ජාතික වාර්තාව අලුත් කරන්නට පෙර එම ඉසව්වේ ද වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ රෝසා වන අතර එහි දී අනුරාධ බිඳ දැමුවේ වසර 40 කට පෙර ඔහු තබා තිබූ වාර්තාවයි.

ශ්‍රී ලංකා කාන්තා ඉසව්වක තබා ඇති පැරණිතම වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම කඩුලු මතින් දිවීමේ ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රියානි කුලවංස ය. ඇය 1996 වසරේ දී ඇට්ලන්ටා හිදී මීටර 100 කඩුලු මතින් දිවීමේ ඉසව්ව සඳහා තත්පර 12.91ක කාලයක් වාර්තා කර ගනිමින් එම ඉසව්වේ ජාතික වාර්තාව පිහිටු වනු ලැබීය.

ජාතික මලල ක්‍රීඩා වාර්තා
2017 අගෝස්තු මස 30 වන දිනට

පිරිමි
මීටර 100 10.28 ඩබ්. කේ. හිමාෂ එෂාන් ගුවහාටි 09.02.2016
10.26 nw ඩබ්. කේ. හිමාෂ එෂාන් ගුවහාටි          08.02.2016
මීටර 200 20.69 ආර්. ඒ එස්. තිලකරත්න බැංකොක් 17.12.1998
මීටර 400 44.61 ආර්. ඒ එස්. තිලකරත්න ෆුකුවෝකා 20.07.1998
මීටර 800 01:47.6 රංජිත් සුබසිංහ ඩකා 25.12.1993
මීටර 1500 03:39.6 ඩබ්. එම්. සී. විජේකෝන් ඩේගු 30.08.2011
මීටර 5000 14:08.5 කේ. ඒ. සන්දිරස් කොළඹ 20.02.2004
මීටර 10000 29:18.0 එස්. එල්. බී. රෝසා ඇකන්සස් නුවර 13.05.1975
මැරතන් 2:13:47 අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ලන්ඩන් 26.04.2015
මීටර 3000 බාධක දිවීම 08:45.5 ජී. එස්. පී. මෙන්ඩිස් කොළඹ 28.06.1998
මීටර 110 කඩුලු මතින් දිවීම 14 මහේෂ් පෙරේරා ක්ලුඈන්ග් 14.09.1997
මීටර 400 කඩුලු මතින් දිවීම 49.44 එච්. ඒ. ආර්. රත්නායක ජකර්තා 31.08.2000
උස පැනීම’ 2.27 ඩබ්. පී. මංජුල කුමාර කොළඹ 23.07.2004
2.27 ඩබ්. පී. මංජුල කුමාර ඉන්චියොන් 04.09.2005
රිටි පැනීම 5.11 * එම්. එච්. ඉෂාර සඳරුවන් දියගම 01.06.2017
දුර පැනීම 8.15 ඩබ්. පී. අමිල ජයසිරි දියගම 16.08.2016
තුන් පිම්ම 16.37 එරංග දිනේෂ් ප්‍රනාන්දු කොළඹ 10.11.2012
යගුලිය විසිකිරීම 17.55 * චරිත් කපුකොටුව දියගම 01.06.2017
කවපෙත්ත විසිකිරීම 53.52 කේ. ජී. යූ. පී. ජයවර්ධන කොළඹ 23.09.2006
53.52 කේ. ජී. යූ. පී. ජයවර්ධන ගුවහාටි 10.02.2016
මිටිය විසිකිරීම 52.53 චරිත් කපුකොටුව පෙබ්ලෝ 01.05.2015
හෙල්ල විසිකිරීම 83.04 සුමේධ රණසිංහ දියගම 03.12.2015
දසප්‍රයාම 6919 * අජිත් කුමාර කරුණාතිලක බැංකොක්      14/15.06.2017
11.12,6.93,9.85,1.72,50.47
15.03,32.61,4.70,53.00,4:45.81
මීටර 4X100 සහාය දිවීම 39.38 ජාතික කණ්ඩායම වුහාන්           04.06.2015
ඩබ්. කේ. හිමාෂ එෂාන්
විනොජ් සුරංජය ද සිල්වා
ඒ. එල්. එම්. අෂ්රෆු
ෂෙහාන් අඹේපිටිය
මීටර 4X400 සහාය දිවීම 03:02.7 ජාතික කණ්ඩායම ජකර්තා         31.08.2000
මනුර ලංකා පෙරේරා
වී. රත්න කුමාර
රංග විමලවංස
රොහාන් ප්‍රදීප් කුමාර

ජාතික මලල ක්‍රීඩා වාර්තා
2017 අගෝස්තු මස 30 වන දිනට

කාන්තා
මීටර 100 11.04 එම්. සුසන්තිකා ජයසිංහ යොකොහාමා 09.09.2000
මීටර 200 22.28 එම්. සුසන්තිකා ජයසිංහ සිඩ්නි 28.09.2000
මීටර 400 51.05 කේ. වී. දමයන්ති දර්ෂා ජකර්තා 30.08.2000
මීටර 800 2;02.55 ගයන්තිකා අබේරත්න දියගම 09.04.2017
මීටර 1500 04;16.40 එන්. එම්. සී. දිල්රුක්ෂි කොළඹ 15.11.2012
මීටර 5000 16;21.18 සුජීවා නිල්මිණී ජයසේන කොළඹ 25.07.2003
මීටර 10000 33;57.96 සුජීවා නිල්මිණී ජයසේන කොළඹ 26.07.2003
මැරතන් 2:40:07 ගීතානි රාජසේකර හොං කොං 25.01.2015
මීටර 3000 බාධක දිවීම 10;03.94 යූ. කේ. එන්. රත්නායක දියගම 09.04.2017
මීටර 110 කඩුලු මතින් දිවීම 12.91 එම්. ඒ. ශ්‍රියානි කුලවංස ඇට්ලන්ටා 29.07.1996
මීටර 400 කඩුලු මතින් දිවීම 56.45 ක්‍රිස්ටීන් සොනාලි මෙරිල් චුල විස්ටා, ඇමෙරිකා එක්සත් ජනපදය 08.06.2013
උස පැනීම’ 1.85 ආර්. කේ. ඒ. පී. මදුවන්ති කෝචි 08.03.2008
රිටි පැනීම 3.46 * අනිත්තා ජෙගතීස්වරන් දියගම 01.06.2017
දුර පැනීම 6.43 එන්. සී. ඩී. ප්‍රියදර්ෂනී දියගම 19.12.2015
තුන් පිම්ම 13.64 එච්. ඩී.විදූෂා ලක්ෂානි දියගම 09.04.2017
යගුලිය විසිකිරීම 15.25 ටී. කුමුදුමලී ප්‍රනාන්දු යාපනය 30.09.2016
කවපෙත්ත විසිකිරීම 47.50 බී. එල්. පී. එන්. විජේසුන්දර කොළඹ 25.08.2006
මිටිය විසිකිරීම 48.08* අයේෂා මදුවන්ති බැංකොක් 14.06.2017
හෙල්ල විසිකිරීම 60.64 බී. එල්. නදීකා ලක්මාලි කොළඹ 18.07.2013
දසප්‍රයාම 4615 ඩබ්. වී. එල්. සුගන්දි දියගම 14/15.08.2016
 

මීටර 4X100 සහාය දිවීම

 

43.89 ජාතික කණ්ඩායම එඩ්මන්ටන් 11.08.2001
එම්. සුසන්තිකා ජයසිංහ
අනෝමා සූරියආරච්චි
එස්. නිම්මි ද සොයිසා
කේ. වී. දමයන්ති දර්ෂා
මීටර 4X400 සහාය දිවීම 03;35.42 ජාතික කණ්ඩායම කත්මණ්ඩු 29.09.1999
එස්. නිම්මි ද සොයිසා
ස්වර්ණමාලී එදිරිසිංහ
බී. ජී. චන්ද්‍රලතා
කේ. වී. දමයන්ති දර්ෂා
කි. මී. 20 ඇවිදීම 1:39:12 ජී. ජී. නන්දනී කොළඹ 11.02.2006

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<