මියන්මාරය සමඟ පාපන්දු ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Myanmar vs Sri Lanka 2024

306
Myanmar vs Sri Lanka 2024

මියන්මාරය සමඟ පැවැත්වීමට නියමිත සුහද පාපන්දු තරග ද්විත්වය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එළඹෙන 10 සහ 13 යන දිනවල දී මියන්මාරයේ දී ක්‍රියාත්මක වීමට නියමිත මෙම තරග ද්විත්වය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි සුජාන් පෙරේරා හට හිමි වී තිබෙනවා.

මෙම සංචිතය සඳහා චලන චමීර, රාඋල් සුරේශ් සහ මොහොමඩ් තිල්හාම් යන නවක ක්‍රීඩකයින් නම් කර ඇති අතර Jack Hingert, Jason Thayaparan සහ Claudio Matthias යන ක්‍රීඩකයින් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

මෙම තරග ද්විත්වය FIFA සුහද පාපන්දු තරග අතරේ රැඳෙන අතර, මියන්මාරයේ Yangon හිදි තරග ක්‍රියාත්මක වීමට නියමිතයි.

මියන්මාරය මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 167 වැනි ස්ථානයේ රැඳෙන අතර, ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයේ පසු වනවා.

ශ්‍රී ලංකා සංචිතය:

SUJAN PERERA (C]

ADHAVAN RAJAMOHAN

ANUJAN RAJENDRAM

CHALANA CHAMEERA

HARSHA FERNANDO

JUDE SUPAN

KAVEESH FERNANDO HI BARATH SURESH

LEON PERERA

MANARAM PERERA

MOHAMED AAKIB

MOHAMED AMAN

MOHAMED HASMEER

MOHAMED MURSITH

MOHAMED RIFKHAN

MOHAMED THILHAM

OLIVER KELAART SH

RAUL SURESH

SACAYARADJY STEVEN

SAMUAL DURRANT

SENAL SANDESH

WADE DEKKER

WASEEM RAZEEK

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>