බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත පළමු විස්සයි විස්ස තරගය සඳහා ක්රීඩා කිරීමට නියමිත ශ්රී ලංකා කණ්ඩායම අද (12) ප්රකාශයට පත් කළා.
හෙට (13) දඹුල්ලේ දී පැවැත්වීමට නියමිත මෙම තරගය සඳහා නම් කළ ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චරිත් අසලංක හට හිමි වී තිබෙනවා.
කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් කටයුතු කරනු ඇති අතර, කුසල් ජනිත් පෙරේරා අංක තුන පිතිකරු ලෙස ක්රීඩා කරනු ඇති.
කලකට පසු සංචිතයට එක් වූ භානුක රාජපක්ෂ අංක හය පිතිකරු ලෙස කණ්ඩායමට එක් කර තිබීම විශේෂත්වයක්.
- ශ්රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
ශ්රී ලංකා කණ්ඩායම;
පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක (නායක), භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චමිඳු වික්රමසිංහ, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ අසිත ප්රනාන්දු
තරගය හෙට රාත්රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<