ඉන්දුනීසියාවේ දී පැවැත්වුණු ආසියානු ත්‍රෝබෝල් ශූරතාවලියේ කාන්තා සහ පිරිමි අංශ ද්විත්වයේම ශූරතාවන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.
පසුගිය මැයි 02 සහ 03 යන දින වල දී පැවැත්වුණු මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමඟ ඉන්දියා A සහ B කණ්ඩායම්, ඉන්දුනීසියා සහ මැලේසියා කණ්ඩායම් තරග වැදුණා.
මෙහි දී මූලික වටයේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඉන්දුනීසියාව සහ මැලේසියාව තරග වට 2-0 බැගින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර, අවසන් තරගයේ දී 25-13, 25-08ක් ලෙස ඉන්දියාව පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට සමත් වුනා.
මෙහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ගිහාන් හසන්ජිත් වගකීම් දැරුවා.
- 2024 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා දැල්පන්දුවේ බලාපොරොත්තු
- සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට තවත් පරාජයක්!
- ශ්‍රී ලංකාවෙන් වේල්සයට ප්‍රබල අභියෝගයක්
- හයිඩ්රාමණී ශ්‍රී ලංකා දැල්පන්දුව සමඟ අත්වැල් බැඳ ගනී!
- හොංකොං පරාජය කළ ශ්‍රී ලංකාව ආසියාවේ තෙවැනි තැනට!
මේ අතර තරගාවලියේ කාන්තා අංශය නියෝජනය කරමින් අචිනි මදුශානිගේ නායකත්වයෙන් තරග බිමට පිවිසුණු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද ඉන්දියාව සමඟින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
මෙහි දී 25 -21ක් සහ 25-13ක් ලෙස තරග වට 2-0ක ජයක් ලබා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගාවලියේ ශූරියන් බවට කිරුළු දැරීමට සමත් වුනා.
මෙම කණ්ඩායම් ද්විත්වයම ප්‍රධාන පුහුණුකරු ලෙස ජානකී සමරතුංග කටයුතු කළ අතර, චානිකා චතුරංගි සහ සිතුම් විමන්ත සහය පුහුණුකරුවන් ලෙස කටයුතු කළා.
දෙස්, විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.