බ්‍රැඩ්බි කුසලානයට විනිසුරුවන් නම් කෙරේ

158

75 වැනි බ්‍රැඩ්බි කුසලාන තරගාවලියේ පළමු තරගය ජුනි මස 1 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා සහභාගි වන විනිසුරු මඩුල්ල ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය විසින් නම් කරනු ලැබුවා.

පාසල් රග්බි පිටියේ නිවාඩුව මැයි 31 අවසන්

පසුගිය පාස්කු ඉරිදා දිවයිනේ සිදු වූ ප්‍රහාරයෙන් පසුව…

ඒ අනුව ආකීල් ජමල්ඩීන් මෙම තරගයේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කරනු ඇත. පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වීමට නියමිතයි.

ආකිල් ජමල්ඩීන් මෙරට සිටින ප්‍රධානම විනිසුරුවරයෙක් වන අතර වසර දෙකකට වැඩි කාලයක් මෙරට ප්‍රධාන පෙළේ තරග විනිසුරුවරයෙක් ලෙස කටයුතු කර ඇත. ආසියානු රග්බි නිල කමිටුවේ සාමාජිකයෙක් වන ජමල්ඩීන් මහතා ආසියානු රග්බි Division III ශූරතා තරගාවලියේ විනිසුරු කමිටුවේ ද සාමාජිකයෙක් වේ.

75 වැනි බ්‍රැඩ්බි තරගාවලියේ දී ආකීල් ජමල්ඩීන්ගේ පැති විනිසුරුවන් ලෙස ඉශංක අබේකෝන් හා ඉසුරු බුද්ධික කටයුතු කිරීමට නියමිතය.

මෙම තරගයේ දී රූපවාහිනී විනිසුරු සහය ද ලබා ගැනීමට තීරණය වී ඇති අතර අනිල් ජයසිංහ මහතා රූපවාහිනී විනිසුරු ලෙස කටයුතු කරනු ඇත.

ත්‍රිත්ව විද්‍යාලය හා රාජකීය විද්‍යාලය උරෙන් උර ගැටෙන 75 වැනි බ්‍රැඩ්බි කුසලාන තරගාවලියේ පළමු තරගය ජුනි මස පළමු වැනිදා පස්වරු 2 සිට සජීවීව ThePapare.com හරහා විකාශය කිරීමට නියමිත අතර MyTV හා ඩයලොග් TV නාලිකා අංක 77 ඔස්සේ ද විකාශය වනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<