අර්ධ ආබාධිත තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයන්ට තියුණු ජයක්

349

අර්ධ ආබාධිත තත්ත්වයට පත් ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වුනා. මෙම තරගය ඊයේ (23) කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවැත්වුනා.

ඒ අනුව තරග තුනකින් සමන්විත ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී පළමු තරගය නිමාවේ දී ම තරගාවලියේ 1-0ක් ලෙසින් ඉන්දීය ක්‍රීඩකයෝ ඉදිරියට පැමිණීමට සමත් වීම කැපී පෙණුනා.

17න් පහළ ක්‍රිකට් සටනේ එක් අසුනක් මහනුවරට

වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයේ අවසන් ස්ථානය වෙනුවෙන් පැවති තරගයේ දී, කොළඹ…

කාසියේ වාසිය දිනූ ඉන්දීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ  කඩුලු 6ක් දැවී ලකුණු 146ක් පමණයි.

ඉන්දීය ඉනිම ආරම්භ කළ ජීල් සහ බල්රාජ් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 88ක සබඳතාවක් එක් කළා. එහි දී බල්රාජ් පන්දු 25කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 47ක් රැස් කළා. එය තරගයේ ක්‍රීඩකයෙක් රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය ද වුනා.

ජීට් රැස් කළ ලකුණු සංඛ්‍යාව 34ක්. මෙම ඉනිම වෙනුවෙන් ජීට් පන්දු 36ක් වැය කළ අතර හතරේ පහර 5ක් ඇතුලත් වුනා.  

තරගයේ 15 වැනි පන්දු වාරය වෙද්දී ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 105ක් තිබූ අතර එම අවස්ථාවේ දී වැඩි වගකීමක් දැරූ කයිලාෂ් පන්දු 20ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා. කයිලාෂ් සහ වමත් පිතිකරු ෂීල් අතර 6 වැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 34ක්.

පන්දු යැවීමේ දී දකුණතින් ආරම්භක වේගවත් පන්දු යැවූ උදාර ඉන්ද්‍රජිත් ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව පී. ජී. ගයාන් ලකුණු 30කට කඩුලු 2ක් ද සහ ජේ. එම්. ආර්. උඩුගම ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තා.  

රෂීඩ්ගේ දඟපන්දුව අයර්ලන්තය අසරණ කරයි

අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර අයර්ලන්ත්යේ බ්‍රෙඩි ක්‍රිකට් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට්…

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 21ක දී ලකුණු 35ක් ලබා ගැනීමට නිලංක ප්‍රනාන්දු සහ ඊ. එම්. ඒ. ඩී. ඒකනායක සමත් වුනා. නිලංක පන්දු 12ක දී ලකුණු 10කට දැවී ගිය අතර ඒකනායක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 25ක් .ඔහුගේ ඉනිමට වැය වුනේ පන්දු 13ක් පමණයි. හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඊට අයත් වුනා.

නැවත සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32ක සබඳතාවක් ශ්‍රී ලංකා ඉනිමෙන් වාර්තා වුනා. ඒ ඩබ්ලිව්. එම්. එන්. ඩී. රත්නායක සහ නායක පී. ජී. ගයාන් අතරයි. ගයාන් පන්දු 16කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරු වූයේ ඩබ්ලිව්. එම්. එන්. ඩී. රත්නායකයි. ඔහු පන්දු 32ක දී හතරේ පහර තුනක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා. මීට අමතරව ඩී. ඩී. උදයකුමාර පන්දු 20කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා. ඉනිම අවසන් වන විට ආර්. එම්. එන්. කුමාර නොදැවී ලකුණු 16ක් ද, ජේ. එම්. ආර්. උඩුගම නොදැවී ලකුණු 07ක් ද ලබා සිටියා.

පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යැවූ කයිලාෂ් ලකුණු 35කට කඩුලු 2ක් දවා ගත්තා. තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණේ කයිලාෂ් ය.

තරගාවලියේ දෙවැනි තරගය මේ මස 25 වැනිදා කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවැත්වීමට නියමිත ය.

ඉන්දීය ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ කණ්ඩායම; කඩුලු 8ක් දැවී 149 (20.0) ජීට් 34, බල්රාජ් 47, කයිලාෂ් 29, උදාර ඉන්ද්‍රජිත් 3/26, පී. ජී. ගයාන් 2/30, ජේ. එම්. ආර්. උදුගම 2/23

ශ්‍රී ලංකා ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ කණ්ඩායම; කඩුලු 6ක් දැවී 146 (20.0) ඊ. එම්. ඒ. ඩී. ඒකනායක 25, ඩී. ඩී. උදයකුමාර 19, ඩබ්ලිව්. එම්. එන්. ඩී. රත්නායක 26, පී. ජී. ගයාන් 22, ආර්. එම්. එන්. කුමාර නොදැවී 16, කයිලාෂ් 2/35

තරගාවලියේ උණුසුම් පුවත් සමගින් දැනුවත් වීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<