SAFF තරගවලට ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන්

830

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය විසින් 12 වන වරටත් පවත්වනු ලබන 2018 දකුණු ආසියානු පාපන්දු කුසලාන (සුසුකි පාපන්දු කුසලාන) පාපන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

ශ්‍රී ලංකා පාපන්දුවේ පුහුණුකාරීත්වය පකීර් අලීට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස නිසාම් …

මේ වසරේ සැප්තැම්බර් 4 වැනිදා සිට 15 වැනිදා දක්වා බංගලාදේශයේ බන්ගාබන්දු ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගකාරී පාපන්දු තරගාවලිය පළමු වරට 1993 වර්ෂයේ දී පවත්වා ඇති අතර  එහි ශූරතාවය දිනා ගත්තේ ප්‍රබල ඉන්දීය පාපන්දු කණ්ඩායමයි. ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලි ඉතිහාසය තුළ ශූරතා 7ක් ජයග්‍රහණය කර ඇත. අනෙකුත් තරගාවලි 4 තුළ ශ්‍රී ලංකාව (1995), බංගලාදේශය (2003), මාලදිවයින (2008) හා ඇෆ්ගනිස්තානය (2013) යන කණ්ඩායම් පිළිවෙළින් ශූරතාවයන්  දිනා ගැනීමට සමත්ව තිබේ. මෙවර තරගාවලිය සඳහා සත්කාරක බංගලාදේශයට අමතරව ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, මාලදිවයින, නේපාලය හා භූතානය යන රටවල් 7ම සහභාගී වේ.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 97 වන ස්ථානයේ පසුවන ඉන්දීය පාපන්දු කණ්ඩායම මෙම තරගාවලිය තුළ පෙරමුණේ පසුවන අතර එම ශ්‍රේණිගත කිරීම් වල මාලදිවයින 147 වන ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීමේ 200 වන ස්ථානයේ සිට 211 වන ස්ථානය දක්වා යම් පසුබෑමකට ලක්ව ඇත.

ක්ලබ් ඊගල්ස් පාපන්දු පිලේ නායකත්වය සුජාන්ට

මාලදිවයිනේ පැවැත්වෙන 2018 ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලි සඳහා තරග වදිනු ලබන ක්ලබ් ඊගල්ස් පාපන්දු …

පාකිස්තානු පාපන්දු කණ්ඩායමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් 2017 වර්ෂයේ ඔක්තෝබර් මස 10 වැනිදා සිට සියලුම පාපන්දු තරග තහනම් කළ අතර එම තහනම පසුගිය මාර්තු 13 වැනිදා සිට ඉවත් කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය තීරණය කළේය.

වසර දෙකකට වරක් පවත්වනු ලබන දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 1995 වර්ෂයේ දී පමණි. එම වර්ෂයේ දී  ගෝල 1-0ක් ලෙස ඉන්දීය පාපන්දු කණ්ඩායම පරාජය කරමින් එහි ශූරතාවය දිනා ගත්තේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමයි.

“මෙවන් වූ ඉහළ මට්ටමේ පාපන්දු තරගාවලියක් අප රට තුළ පැවැත්වීමට හැකි වීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත්වෙනවා. මේ තරගාවලිය අපේ රටේ පැවැත්වෙන්නේ තුන්වන වරටයි.  පසුගිය වසරේ කොළඹ දී පැවති දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දැරීම සඳහා වූ ඡන්දය ප්‍රකාශ කිරීමේ දී අපට සහය වු සෑම රටකටම මා ස්තුතිවන්ත වෙනවා.” යැයි  බංගලාදේශ පාපන්දු සම්මේලනයේ ලේකම් ප්‍රකාශ කර සිටියේය.

A කාණ්ඩය    

  • බංගලාදේශය
  • භූතානය
  • නේපාලය
  • පාකිස්තානය

B කාණ්ඩය

  • ඉන්දියාව
  • ශ්‍රී ලංකාව
  • මාලදිවයින

මෙම තරගාවලියේ සමාරම්භක තරගය සැප්තැම්බර් මස 4 වැනිදා සත්කාරක බංගලාදේශය හා භූතානය අතර පැවැත්වෙන අතර තරග කාලසටහන මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත. මෙම තරගාවලියේ උණුසුම් පුවත් හා  තරග වාර්තා ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<

 

Sri Lanka in Group B for SAFF Championship