ක්ලබ් ඊගල්ස් පාපන්දු පිලේ නායකත්වය සුජාන්ට

409

මාලදිවයිනේ පැවැත්වෙන 2018 ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලි සඳහා තරග වදිනු ලබන ක්ලබ් ඊගල්ස් පාපන්දු කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලාංකික දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු මෙන්ම ගෝල රකින්නෙකු වන සුජාන් පෙරේරා පත්කර ඇත.

ජාතික පාපන්දු කණ්ඩායමට නව තේරීමේ වැඩපිළිවෙළක්

මෙම සතියේ ආරම්භ වීමට නියමිත පාපන්දු ජාතික කණ්ඩායමේ තේරීම් කටයුතු සඳහා නව තේරීමේ …

කළුතර පාර්ක් කණ්ඩායමේ සිට සිය පාපන්දු ගමන ආරම්භ කළ සුජාන් 2015 වර්ෂයේ දී ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට තේරී පත්විය. මාලදිවයිනේ පැවැත්වෙන මෙම පාපන්දු ප්‍රිමියර් ලීග් තරගාවලියට කණ්ඩායම් රැසක් සහභාගි වන නමුත් විදෙස් රටක ක්‍රීඩකයෙක් නායකත්වය දරන්නේ ක්ලබ් ඊගල්ස් කණ්ඩායමේ පමණි. එය සුවිශේෂී සිදුවීමකි.

මීට පෙර මෙම ක්‍රීඩා සමාජයේ නායකත්වය දරන ලද්දේ වයස අවුරුදු 25ක් වන අස්ලාම් අබ්දුල් රහීම් නම් ක්‍රීඩකයා ය. සුජාන් ඔහුගේ ක්‍රීඩා දිවියේ ක්‍රීඩා කළ 50 වන තරගයේ දී ගෝල 2-2ක් ලෙස ලකුණු සම මට්ටමකට ගෙන එමින් නිව් රේඩියන්ට් ක්‍රීඩා සමාජයට එදිරිව පැවැත්වූ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළේය.

මාලදිවයිනේ පැවැත්වෙන ප්‍රමුඛතම පාපන්දු තරගාවලියක් වන මෙය ඩිවේහි ප්‍රිමියර් ලීග් ලෙස ද හඳුන්වනු ලබයි. සුජාන්ට අමතරව ඔහුගේ සහයට අහමඩ් නුමාන්, ඊබ්‍රහම් මුබීන් ක්‍රීඩකයින් ඊගල්ස් කණ්ඩායම නියෝජනය කරයි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<