ආසියානු කාන්තා හොකී ශූරතාවය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

315

මෙවර තයිලන්තයේදී පැවැත්වෙන ආසියානු හොකී සංගමය විසින් සිව්වන වරටත් සංවිධාන කරනු ලබන ආසියානු කුසලාන කාන්තා හොකී තරගාවලියේ අවසන් පූර්ව වට සදහා වන තරග අද (07) පැවැත්විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා හොකී ක්‍රීඩිකාවන්ට ගෝල 19ක දැවැන්ත ජයක්

එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා තරග වැදුනේ චීන තායිපේ ක්‍රීඩිකාවන් ය. අවසාන තරගාවලී බලාපොරොත්තුවෙන් ඇලලී සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට එම බලාපොරොත්තු අවසානයේ අතහැර දැමීමට සිදු වූයේ චීන තායිපේ කණ්ඩායම විසින් තරගය ගෝල 4-1ක් ලෙස ජය ගැනීම නිසාවෙනි.

සිව්වන ආසියානු කුසලානය සඳහා වන තරගවලියේ ආරම්භක තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ නොසිතූ ආරම්භයක් ලබා ගනිමිනි. ඒ පසුගිය පළමු වැනදා උස්බෙකිස්තානයට එරෙහිව පැවති තරගයේ දීය. ජයග්‍රාහී ආරම්භයක් තුළින් පියවර තැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉන්දුනීසියාවට එරෙහිව පැවති තරගය තරගය ජයගත්තේ ගෝල 19-0ක් ලෙසිනි.

එසේ ජයග්‍රාහී මානසිකත්වයකින් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආරම්භ කරද, ඔවුන්ගේ ක්‍රීඩා රටාවට වාසනාවක් එක් කිරීමට පසුව පැවති තරග සමත්වූයේ නැත. සත්කාරක තායිලන්ත පිළට එරෙහිව කණ්ඩායම් තරග වටයේ ප්‍රමුඛස්ථානය ලබා ගැනීම සදහා  පැවති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජයට පත්වූයේ ගෝල 5-0ක් වශයෙනි. එම තරගය ජයගත්තේ නම් යම්තාක් හෝ දුරකට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සදහා අවසාන වටයේ බලාපොරොත්තු තබා ගැනීමට හැකියාවක් පැවතිනි.

ඉන් පසුව පැවතියේ චීන තායිපේ කණ්ඩාමට එරෙහිව පැවති තරගයයි. තායිපේ ක්‍රීඩිකාවන් ජයග්‍රාහී තරග මානසිකත්වකින් තරගාවලියට පිවිසියේ මෙම ආසියානු  කුසලානයේ පහස නැවත විදීමේ අරමුණ පෙරදැරි කරගනිමිනි .ඔවුන් ගෝල 4-1 ලෙසින් ශ්‍රී ලංකාව පරදා එම තරගය ජයගන්නා ලදි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන වටයේ බලාපොරොත්තු එසේ සේදී යද්දී තායිපේ කණ්ඩායම වෙනුවෙන් ශාන්-පෙයි-ලිඔන් හා යූ-චියා-වැන්ග් ක්‍රීඩිකාවන් ගෝල දෙක බැගින් ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය වාර්තා කරනු ලැබුවේ චතුරි කොන්නසිංහ විසිනි. තරගාවලියේ 70වන මිනිත්තුවේදී ඈ විසින් එම ගෝලය වාර්තා කරන ලදි.

කෙසේ හෝ වේවා අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තබා තිබු අවසාන තරගවට බලාපොරොත්තු ඔවුන් විසින් අතහැර දැමූ අතර චීන තායිපේ, තායිලන්ත, සිංගප්පූරුව සහ පාකිස්තාන කණ්ඩායම් මෙම තරගාවලියේ අවසන් පූර්ව වට තරග සදහා සුදුසුකම් ලබා ගන්නා ලදි. ශ්‍රී ලංකා පිල හෙට දිනයේදී තරගාවලියේ පස්වන හා සයවන ස්ථාන තහවුරු කෙරෙනා හොංකොං කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට