ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩකයෙක් දිවියෙන් සමුගනී

1242
Duckson passes

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයෙකු වන Duckson Puslas මාලදිවයිනේ දී ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා.

ඔහුගේ සිරුර ඔහු වාසය කළ මහල් නිවාසයේ තිබූ ඊයේ (26) සවස හමු වී තිබෙනවා. 31 හැවිරිදි වියේ පසු වූ ඔහු මාලදිවයිනේ වාසය කරමින් Valencia ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු ලෙස Dhivehi Premier League තරගාවලිය සඳහා ක්‍රීඩා කරමින් සිටියා.

කෙසේ නමුත් මේ වන තෙක් ජීවිතක්ෂයට හේතුව කුමක්ද යන්න පිළිබඳව නිල වශයෙන් එරට පොලිසියි විසින් හෝ මාලදිවයින් පාපන්දු සම්මේලනය විසින් හෝ දැනුම් දී නොමැති නමුත් ජීවිතක්ෂයට හේතුව සිය දිවි නසා ගැනීමක් බවට සැක පල කරනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සිය Facebook පිටුවේ නිවේදනයක් තබමින් සඳහන් කර සිටියේ,

“ශ්‍රී ලංකා ජාතික පාපන්දු ක්‍රීඩක Duckson Puslas අද මාලදිවයිනේ දී ජීවිතක්ෂයට පත් වූ බව බලවත් ශෝකයෙන් යුතුව දැනුම් දෙන්නෙමු. ශ්‍රී ලංකා පාපන්දු සභාපති, Jaswar Umar සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ඔහුගේ පවුලේ උදවියට සහ සමීපතමයින්ට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර ඔහු සාමදානයේ සැතපේවා යන්න අපගේ පැතුමයි”, යනුවෙනුයි.

සිය දිවි නසා ගැනීම ඔබේ ගැටලුවලට වඩාත් උචිත පිළිතුර නොවේ. ඔබට ඔබ පමණක් යැයි හැඟුනත්, ඔබ වෙනුවෙන් ඔබේ සහයෝගයට පැමිණීමට බලා සිටින පිරිස් ඔබෙන් දුරකථන ඇමතුමක් ලැබෙන තෙක් බලා සිටිනවා.

අමතන්න:

  • ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව – 1926 (ගාස්තු අය නොකෙරේ)
  • CCC line – 1333 (ගාස්තු අය නොකෙරේ)
  • ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0112696666

වැඩි විස්තර ලද විගස……

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<