වසර 31ක ලෝක වාර්තාවක් බිඳ වැටේ

178

පසුගිය දා පැවති ඇමරිකානු ඔලිම්පික් සුදුස්සන් තේරීමේ තරගාවලියේ දී පිරිමි යගුලිය විසිකිරීමේ ලෝක වාර්තාව බිඳ හෙළීමට ඇමරිකානු ක්‍රීඩක Ryan Crouser සමත් වුනා.

තරගාවලියේ පිරිමි යගුලිය විසිකිරීමේ ඉසව්වේ මීටර් 23.37ක දුරක් වාර්තා කරමින් එම දස්කම දැක්වීමට Ryan Crouser සමත් වූ අතර ඔහු විසින් බිඳ හෙළනු ලැබුවේ මීට වසර 31කට පෙර එනම් 1990 වසරේ මීටර් 23.13ක දුරක් වාර්තා කරමින් Randy Barnes පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි.

දීර්ඝ කාලීන ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් Ryan Crouser ප්‍රකාශ කර සිටියේ එම විසි කිරීමේ තමන්ගේ අතින් ගිලිහුණු අවස්ථාවේ දී ම එය ඉතා හොද එකක් බව දැනුණ බවයි.

2009 යොවුන් ලෝක ශූරතාවයේ යගුලිය විසිකිරීමේ ඉසව්වෙහි රන් පදක්කම දිනා ගනිමින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියට අවතීර්ණ වූ Ryan Crouser 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී යගුලිය විසිකිරීම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

තවත් මලල ක්‍රීඩා පුවත්:

එහෙත් 2017 ලෝක ශූරතාවයේ දී හයවැනි තැන දක්වා පසුබෑමට ඔහුට සිදු වූ නමුත් 2019 වසරේ පැවති ලෝක ශූරතාවයේ දී මීටර් 22.90ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට ඔහුට හැකි වුනා.

මේ වන විට 28 වැනි වියේ පසුවන Ryan Crouserගේ වර්තමාන දක්ෂතා සලකා බැලීමේ දී මෙම වසරේ ඔලිම්පික් උළෙලේ දී ද සිය කිරුළ රැකගැනීමට ඔහුට හැකි වනු ඇතයි බොහෝ දෙනා විශ්වාස කරයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<