කටාර් පරදා ශ්‍රී ලංකාව පළමු ජය වාර්තා කරයි

802

ඉන්දුනීසියාවේ සුරබායා අගනුවර දී පැවැත්වෙන 19 වන ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියේ G කාණ්ඩයේ කටාර් රාජ්‍යයට එරෙහිව අද (27) පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය. තරග ආරම්භයේ සිටම උද්වේගකරව ගලා ගිය මෙම තරගය වට 5 දක්වාම ක්‍රියාත්මක වීම විශේෂත්වයක් විය.

C කාණ්ඩයේ පැවති මූලික තරග තුනම තියුණු තරගයක් දී පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් අනතුරුව 9 සිට 16 දක්වා ස්ථාන වෙනුවෙන් පැවැත්වෙන තරග සඳහා සහභාගී වූයේ G කාණ්ඩයෙනි.

ශ්‍රී ලංකාව වියට්නාමයටත් පරදියි

ඉන්දුනීසියාවේ සුරබායා නුවර දී පැවැත්වෙන 19 වන ආසියානු වොලිබෝල් ශූරතා තරගාවලියේ C කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් …

වියට්නාමයට එරෙහිව පැවති තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් වූ නමුත් 5 වන වටයේ ජය තරගයේම ජය තීරණය කළ හෙයින් ශ්‍රී ලංකාවට තියුණු සටනකින් පරාජයක් උරුම විය. එහි ලකුණු තත්වය දැක්වූයේ 19-25ක්, 26-24ක්, 25-20ක්, 23-25ක් සහ 15-12ක් ලෙසයි.

ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජයග්‍රහණය අතිශයින්ම වැදගත් වූ අතර ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 77 වැනි ස්ථානයේ සිටින අතර කටාර් දේශය 36 වන ස්ථානයේ පසුවෙයි. පසුගිය වසරේ මෙම තරගාවලියේ දී කටාර් දේශය 4 වන ස්ථානය ලබා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකාවට 13 වන ස්ථානයෙන් සෑහීමකට පත් වන්නට සිදු විය.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව නැවතත් තරමක් දුර්වල ආරම්භයක් ලබා ගත්තේ පළමු වටයේ ජයග්‍රහණය ප්‍රතිවාදීන්ට පිරිනමමිනි. නමුත් ඉන් අනතුරුව ඉතා හොඳින් තරගයට  අවතීර්ණ වෙමින් දෙවැනි වටය 26-24ක් ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

තෙවැනි වටය ද ලකුණු 5කින් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වූ අතර සිවුවැනි වටයේ දී ප්‍රතිවාදී කටාර් ක්‍රීඩකයෝ ලකුණු 2කින් එම වටය ජයග්‍රහණය කරන්නට සමත් විය.

කෙසේ නමුත් ජයග්‍රහණය තීරණය වන 5 වැනි වටයේ දී කණ්ඩායම් දෙකම සිය අත්වැරදීම් හැකිතාක් අවම කර ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට හැකි සෑම අයුරින් ක්‍රීඩා කරනු දැකගන්නට ලැබුණු අතර ප්‍රථමයෙන්ම ලකුණු 15 දක්වා ගමන් කළ ශ්‍රී ලංකා යෞවනයෝ එම වටයේ ජයත් සමඟින් තරගය 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

මීළඟට සෞදි අරාබියට එරෙහිව පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වන්නේ තරගාවලියේ ශ්‍රී ලංකාවේ අවසන් ස්ථානය හෙවත් 9 වැනි ස්ථානයේ සිට 12 වැනි ස්ථානය දක්වා ඇති ස්ථානවලින් අවසන් ස්ථානය තීරණය කරන තරගය එය වන බැවිනි

PoolGimage1

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට