ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් ආරම්භය ජුනිවලට කල් යයි

158
Sri Lanka Cricket

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු නැවතත් ආරම්භ කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පනවනු ලැබූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පදනම්ව එළඹෙන ජුනි මාසය දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. 

“අවශ්‍ය නම් මම ආරම්භක පිතිකරුවෙකු වෙන්න සූදානම්” – තිසර

“Where was he hiding, where was he hiding?” ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු..

ආරම්භයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජෛව ආරක්‍ෂිත නේවාසික පුහුණු කඳවුරු හරහා හෙට (15) දිනයේ සිට නැවතත් පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර සිටි අතර ඒ අනුව ඔවුන් ඒ සඳහා අදාළ බලධාරීන්ගෙන් පසුගිය සතියේ දී අවසර ඉල්ලා සිටින්නට විය. 

කෙසේ නමුත් මීට අදාළව සෞඛ්‍ය බලධාරීන් විසින් ක්‍රීඩා අමාත්‍යංශය හරහා මෙරට ප්‍රධානම ක්‍රීඩා 3 ලෙස සැලකෙන ක්‍රිකට්, රග්බි හා පාපන්දු ක්‍රීඩාවල අදාළ බලධාරීන් දැනුවත් කරමින් පවසා ඇත්තේ එළඹෙන ජුනි මස 01 වන දින සිට ඔවුන්ගේ නියමිත පුහුණුවීම් කටයුතු ආරම්භ කරන ලෙසයි. 

තවදුරටත් මෙම මස එළඹෙන 20 වැනි දිනට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔවුන් විසින් ‘COVID-19’ වයිරස ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා ගනු ලබන සියලුම ආරක්‍ෂිත ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රීඩා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ද්විත්වයම නිල වශයෙන් දැනුවත් කර ජුනි මස පළමු සතියේ සිට පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කරන්නේ නම් ඒ සඳහා ඔවුන්ගේ අවසරය ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ. 

“අපි මේ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා සහ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය දමින්දා අත්තනායක සමඟ නිතර ම කතාබහ කළා. ඇය විශේෂයෙන් අලුත් තොරතුරු අපට ලබා දෙමින් අපිව දැනුවත් කරන්න කටයුතු කරනවා. මේ වන විට අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ ජුනි මස 01 වැනි දින වන විට කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු නැවතත් පටන් ගන්න. ඒ අනුව මේ වෙද්දී අපේ මූලික ඉලක්කය තමයි ක්‍රීඩකයින් සමඟ නැවතත් පුහුණුවීම් කටයුතු ආරම්භ කරන එක” ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Mickey Arthur විසින් ThePapare.com වෙත අදහස් දක්වමින් පැවසීය. 

උපුල් තරංග ලකුණු 7000 බලාපොරොත්තු අතහැර නැහැ

ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු උපුල් තරංග එක්දින ජාත්‍යන්තර තරගවල ශ්‍රී ලංකාවේ 8 වැනි වැඩිම..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී අදාළ සෞඛ්‍ය බලධාරීන්, පුහුණු කාර්ය මණ්ඩලය, ටෙස්ට් හා එක්දින කණ්ඩායම් වල නායක දිමුත් කරුණාරත්න සහ පන්දුවාර 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ සහභාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා (12) විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහි දී මෙම වසංගත තත්වයට අදාළව වත්මන් තත්වය පිළිබඳව සියලු දෙනා දැනුවත් කිරීමට කටයුතු කෙරිණ. 

ThePapare.com අපි පසුගිය සතියේ දී වාර්තා කර සිටි පරිදි මෙම නේවාසික පුහුණු කඳවුර ආරම්භ කිරීමට පෙර සියලුම ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය අනිවාර්ය PCR පරීක්ෂණයකට ලක්කෙරෙනු ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පනවා ඇති සමාජ දුරස්ථභාවයට අදාළ මාර්ගෝපදේශයන් සහ නියාම එම කඳවුර පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ ඊට සහභාගී වන සියලුම දෙනා විසින් පිළිපැදීම ද අනිවාර්ය වේ. 

සති දෙකක කාලයක් පුරාවට දිගහැරෙන මෙම පුහුණු කඳවුර සඳහා පළමුව වේගපන්දු යවන්නන් සහභාගී කරගැනීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව ඊට ලහිරු කුමාර, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සහ ඉසුරු උදාන යන වේගපන්දු යවන්නන්ට අමතරව තවදුරටත් වනිඳු හසරංග සහ දසුන් ශානක තුන් ඉරියව් ක්‍රීඩක දෙදෙනා ද එක්කර ගැනීමට නියමිතව ඇත. 

“වේගපන්දු යවන්නන් මෙතැන දී ගොඩක් වැදගත්. මොකද අපිට ඔවුන්ව නැවතත් ඔවුන්ගේ සුපුරුදු වේගයට ගන්න වගේම ඔවුන්ව කායිකව සම්පූර්ණ වශයෙන් සූදානම් කරන්නත් සිදු වෙනවා. ඒ නිසා අපි මුලින් ම පන්දු යවන්නන් ගැන අවධානය යොමුකරලා පුළුවන් ඉක්මනටම අනිත් ක්‍රීඩකයින් සියලු දෙනාම වත් මීට සම්බන්ධ කරගන්න අපි උත්සාහ කරනවා” Arthur වැඩිදුරටත් පැවසීය. 

පසුගිය සති 8ක කාලය පුරාවට ජාතික කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් සිය නිවෙස් තුළට වී සිටියත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහය කාර්යමණ්ඩලයේ උපදෙස් පරිදි සිය කායික යෝග්‍යතාවය පවත්වා ගැනීම සඳහා ඔවුන් ඊට අදාළ පුහුණුවීම් කටයුතුවල නිරත වන්නට විය. 

ඊට අමතරව කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, දිල්රුවන් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල වැනි ක්‍රීඩකයින් පැවති ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබූ ප්‍රදේශවල ඇති ගෘහස්ථ පහසුකම් සහිත ස්ථාන වෙත ගොස් තනි තනිව ඔවුන්ගේ පිතිකරණ පුහුණුවීම් ආරම්භ කිරීමට ද මේ වන විට කටයුතු කර ඇත. 

අපේ 20-20 කණ්ඩායමේ ගොඩක් අඩුපාඩු තියෙනවා – දිමුත්

ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් කණ්ඩායම් මෑත කාලය තුල තරගාවලි කිහියක්ම ජයග්‍රහණය…

‘COVID-19’ වසංගත තත්වය ලොව පුරා පැතිර යාමත් සමඟ පසුගිය මාර්තු මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් තරග කිසිවක් පැවැත්වීමට අවස්ථාවක් නොවූ අතර ඒ අනුව මාර්තු මාසයේ දී පැවැත්වීමට තිබූ එංගලන්ත කණ්ඩායමේ මෙරට සංචාරය මෙන්ම ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මෙරට සංචාරය ද දින නියමයකින් තොරව කල් දමන්නට සිදු විය. 

කෙසේ නමුත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇති ඉන්දීය කණ්ඩායම සමඟ සීමිත පන්දුවාර තරගාවලිය මෙන්ම බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරගාවලිය ද පැවැත්වීමට අදාළ අවසන් තීරණය මෙම සතිය අවසන් වීමට පෙර ගැනීමට නියමිතව ඇති නමුත් එළඹෙන ජුනි සහ ජූලි මාසවල දී ඔවුන් මෙරටට පැමිණීම මේ වන විට ඇත්තේ බොහෝ දුරට අවිනිශ්චිත තත්වයකය. 

තවදුරටත් පසුගිය අඟහරුවාදා (12) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ එළඹෙන ජූලි මස 3 සිට 19 දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ ICC කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග ද ‘COVID-19’ වසංගත තත්වය හේතුවෙන් කල් දැමීමට ඔවුන් තීරණය කළ බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<