Tier B පිටියට බක්මහ අකුණුවන් ශතක වර්ෂාවක්

208

පානදුර ක්‍රීඩා සමාජයේ චරණ නානායක්කාර, කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ අකීල් ඉන්හාම්, විශාල් අමුගොඩ, එරන්ද රත්නායක සහ ලංකන් ක්‍රිකට් සමාජයේ සිෆිරාන් මුතාලිෆ් Major League Tier B ක්‍රිකට් තරගාවලියේ අද (04) අවසන් වූ තරගවල දී ශතක වාර්තා කිරීමට සමත් වූහ.

පියවරුන්ගේ ක්‍රිකට් සටනේ අවසන් වට උණුසුම් වන ලකුණු

My Dad My Super Star ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග……..

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මෙම තරගාවලියේ නිමා වූ තරගවල දී ශතකයක් වාර්තා නොවූ කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය සහ නාවික ක්‍රීඩා සමාජය අතර තරගයේ දී ලකුණු 14ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනි.

පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර ටවුන් සමාජය අතර තරගය

පානදුර මහජන පිටියේ දී පැවති මෙම තරගය අද ජය පරාජයෙන් විසඳුණ ද පිතිකරුවෝ සිව්දෙනෙක් ශතක ලබා ගැනීම කැපී පෙණුනි.

Photos: Panadura SC vs Kalutara Town Club | SLC Major League 2018/19 – Tier “B”

එහි දී පානදුර ක්‍රීඩා සමාජයේ චරණ නානායක්කාර පන්දු 191කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 159ක් ලබා ගත්තේ ය. ඊට අමතරව කළුතර ටවුන් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් අකීල් ඉන්හාම් පන්දු 211කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 124ක් ද, විශාල් අමුගොඩ පන්දු 267කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 124ක් ද සහ එරන්ද රත්නායක පන්දු 153කට මුහුණ දී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ද ලබා ගත්තේ ය.

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 395 (94.5) තිමිර ජයසිංහ 90, අභිෂේක් ගුප්තා 69, චරණ නානායක්කාර 159, තරුෂ ප්‍රනාන්දු 23, අසීෆ් රාසා 4/87, ගීතාල් ප්‍රනාන්දු 2/64, කොස්තා 2/35

කළුතර නාගරික සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 152 (43) රවිඳු කොඩිතුවක්කු 21, අසිෆ් රාසා 26, මධුශාන් නොදැවී 37, විනෝද් පෙරේරා 2/35, සමීන්ද්‍ර මධුශාන් 2/22, ෂෙහාන් වීරසිංහ 2/38, තුෂාර ප්‍රනාන්දු 2/19

කළුතර නාගරික සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 430 (113) අකීල් ඉන්හාම් 124,විශාල් අමුගොඩ 124, එරංග රත්නායක නොදැවී 100, නිලුශාන් නෝනිස් 22, විනෝද් පෙරේරා 2/64

පානදුර ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 75 (11) විනෝද් පෙරේරා නොදැවී 30, එරංග රත්නායක 2/34

දිමුත් කරුණාරත්නට ඩොලර්වලින් ලොකු දඩයක්!

බීමතින් රිය පදවා අනතුරක් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතිය කඩ……


ලංකන් ක්‍රිකට් සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය

පනාගොඩ යුද හමුදා කඳවුර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. එසේ වූව ද ලංකන් පළමු ඉනිමේ දී සිෆ්රාන් මුතාලිෆ් පන්දු 189ක දී හතරේ පහර 12ක් සමඟින් ලකුණු 106ක් ලබා ගනිමින් තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා විය.

Photos: Lankan CC vs Police SC | SLC Major League 2018/19 – Tier “B”

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී සියලුම දෙනා දැවී 246 (83.5) එස්. කංකානම්ගේ 28, ගීත් කුමාර 23, සිෆ්රාන් මුතාලිෆ් නොදැවී 106, රාජු ගයාෂාන් 21, හිරුණ සිගේරා 29, චරිත් රාජපක්ෂ 2/43, මංජුල ජයවර්ධන 3/61, මහේෂ් ප්‍රියදර්ශන 2/21

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 265 (85.2) මාලිංග මලිගස්පේ 66, අමිත් කුමාර් 36, ගිටාන්ෂ් කෙහේරා 35, අජන්ත මෙන්ඩිස් 60, චානක රුවන්සිරි 3/69, දුලාංජන මෙන්ඩිස් 2/52, ගීත් කුමාර 2/43

ලංකන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 225 (56) ලහිරු ඩිල්ශාන් 23, සිෆ්රාන් මුතාලිෆ් 22, ගීත් කුමාර 60, එස්. කංකානම්ගේ 39, රාජු ගයාෂාන් 47, දිනුක් හෙට්ටිආරච්චි 4/84, මංජුල ජයවර්ධන 2/61

පොලිස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 63 (23) සනත් රංජන් නොදැවී 28, මංජුල ජයවර්ධන නොදැවී 23

ලෝක කුසලාන සංචිතයේ තව ආසන ටිකයි ඉතුරු – අසන්ත ද මෙල්

මේ මස 4 වැනිදා ආරම්භ වන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දක්වන……


ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය

කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 14ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Kurunegala Youth CC vs Navy SC | SLC Major League 2018/19 – Tier “B” | Day 2

Photos: Kurunegala Youth CC vs Navy SC | SLC Major League 2018/19 – Tier “B” | Day 3

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 223 (57.3) සුපුන් ලීලාරත්න 63, දුලාශ් හේමන්ත 25, සලිත ප්‍රනාන්දු නොදැවී 57, ලහිරු ජයරත්න 3/53, දිනුෂ්ක මාලන් 4/29, රසාංජන ජයරත්න 2/66

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 199 (47.3) රසාංජන ජයරත්න 26, ධනුෂ්ක ධර්මසිරි 60, දමිත් පෙරේරා 26, රන්දීර රණසිංහ 43, එච්. ජී. කේ. ඩිල්ශාන් 4/63, සවිඳු පීරිස් 6/51

ශ්‍රි ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 204 (76.2) ඩිලාන් චන්දිම 32, දුලාශ් හේමන්ත 25, එච්. ජී. කේ. ඩිල්ශාන් 35, ෂෙවෝන් ෆොන්සේකා 28, සවිඳු පීරිස් නොදැවී 31, දිනුෂ්ක මාලන් 3/32, චන්දිම විජයබණ්ඩාර 3/19, රසාංජන ජයරත්න 2/49

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 214 (53.5) ධනුෂ්ක ධර්මසිරි 49, දමිත් පෙරේරා 62, සමීර සඳමාල් 21, කේශාන් වන්නිආරච්චි 26, දිනුෂ්ක මාලන් නොදැවී 21, එච්. ජී. කේ. ඩිල්ශාන් 4/75, සවිඳු පීරිස් 2/56, දුලාශ් හේමන්ත 3/63

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<