දිමුත් කරුණාරත්නට ඩොලර්වලින් ලොකු දඩයක්!

398
Dimuth Karunaratne

බීමතින් රිය පදවා අනතුරක් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතිය කඩ කළේ යැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න හට ඇමරිකානු ඩොලර් 7500ක දැවැන්ත දඩ මුදලක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

“මම හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා” – දිමුත්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න පසුගිය 31 වැනිදා සිදු වූ සිදුවීම…

පසුගිය ඉරිදා පැවති උත්සවයකින් අනතුරුව සිය නිවස වෙත යමින් සිටිය දී ඔහු මෙම අනතුරට ලක් විය. කරුණාරත්න පොලිස් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හරින ලදි.

කරුණාරත්න සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මේ පිළිබඳ සියලු දෙනාගෙන් සමාව ඉල්ලා තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (2) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහි සඳහන් වූයේ දිමුත් ගේ ක්‍රීඩක චර්යාධර්ම ගිවිසුමට අනුව සිදු කළ පරීක්ෂණයකට පසු ඔහුට ඇමරිකානු ඩොලර් 7500ක දඩයක් පනවන බවයි.

මේ අතරම මැයි මාසයේ දී ආරම්භ වන ලෝක කුසලානයේ ස්ථානයක් වෙන්කර ගැනීමේ අරමුණින් දිමුත් ලබන 4 වැනිදා ආරම්භ වන සුපිරි පළාත් තරගාවලියේ දඹුලු කණ්ඩායම මෙහෙයවනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<