SSCට ක්‍රිකට් ආයතනයෙන් පරිත්‍යාගයක්

989

සිංහල ක්‍රීඩා සමාජයේ නිලධාරීන්ගේ ඉල්ලීම මත ක්‍රීඩා සමාජ තණතීරු සැකසීම සඳහා උපකාරී වන high-powered turf cutter යන්ත්‍රයක් එම ක්‍රීඩා සමාජය වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා.

ඉතාමත් ඉහළ තාක්ෂණයෙන් පරිපූර්ණ මෙම යන්ත්‍ර ශ්‍රී ලංකාව තුළ තවමත් ඇත්තේ 2ක් පමණක් වන අතර එයින් එක් යන්ත්‍රයක් මෙලෙස සිංහල ක්‍රීඩා සමාජයට ලබා දීමට කටයුතු කර ඇත.

එලෙස මෙම යන්ත්‍රය සිංහල ක්‍රීඩා සමාජයට ලබා දීම පිළිබඳව සිය අදහස් දක්වමින් ශ්‍රී ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ,

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් high-powered turf cutter යන්ත්‍ර දෙකක් සඳහා ආයෝජනය කර එයින් එකක් සිංහල ක්‍රීඩා සමාජයට ලබා දීමට කටයුතු කළා. අපි දන්නවා මෙම පරිත්‍යාගයේ වටිනාකම.

සිංහල ක්‍රීඩා සමාජය පිටිය කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ටෙස්ට් ක්‍රීඩාංගණයක්. ඒ වගේම අපි අනෙකුත් ක්‍රීඩාංගණ සඳහා ද මෙම යන්ත්‍ර ලබා දීමට බලාපොරොත්තු වෙනවා”.

එම නව high-powered turf cutter යන්ත්‍රය මොහාන් ද සිල්වා මහතා විසින් සිංහල ක්‍රීඩා සමාජයේ සභාපති අයි. එස්. ද සිල්වා මහතා වෙත ලබා දීමට කටයුතු කර ඇති අතර එම අවස්ථාවට ක්‍රීඩා සමාජයේ ලේකම් වසන්ත විජේසේකර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන සභාපති කමල් ධර්මප්‍රිය මහතා සහභාගී ව තිබුණා.

මෙම පරිත්‍යාගය මගින් දේශීය තරග පිටිය සංවර්ධනය කිරීම ප්‍රධාන අරමුණ වන අතර මෙහි අනෙක් යන්ත්‍රය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ලබා දීමට කටයුතු කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<