පාසල් පුහුණුකරුවන්ගේ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිචාර දෙයි

71

මේ දිනවල පැතිර යන Covid-19 වසංගත තත්වය නිසාවෙන් පැවැත්වෙමින් තිබූ ක්‍රිකට් තරගාවලි මෙන්ම පැවැත්වීමට නියමිතව තිබූ පාසල් මහා ක්‍රිකට් තරග සහ ක්‍රිකට් තරගාවලි නොපැවැත්වීම නිසා දැඩි ලෙස අසරණ තත්වයකට පත්ව සිටි ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් වෙනුවෙන් රුපියල් 20,000ක දීමනාවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ගුවන් ගමන්වලට අවසර ලැබුනොත් ඉන්දියාව ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සංගමය ඔවුන් මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව පසුගිය දා අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට මේ සහනය ලැබී තිබේ.

ඒ අනුව දිවයින පුරා විසිරී සිටින පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් 225 දෙනෙක් සඳහා මේ මුදල් ප්‍රමාණය හිමි වීමට නියමිතය. “පාසල් ක්‍රිකට් සංගමය සහ ක්‍රීඩා අමාත්‍යාංශය හරහා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් ඔවුන් මුහුණ පා තිබෙන ගැටලු පිළිබඳව අපිත් එක්ක කතා කළා. ඒ ඉල්ලීම් සැලකිල්ලට අරගෙන අපිට හැකි අයුරින් ඔවුන්ට සහනයක් ලබා දෙන්න අපි කටයුතු කළා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාව තුල ජනප්‍රියම හා ප්‍රධානම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ කොඳුනාරටිය වැනි පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යමින් එය රැක ගැනීමට වෙර දරණ පුහුණුකරුවන් මෙම කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලි නොපැවැත්වීම සහ තරග කල් යාම නිසාවෙන් බොහෝ ලෙස අසරණ වී ඇත. ඉන් බොහෝමයක් පුහුණුකරුවන්ට තම ආදායම් මාර්ග ද අහිමි වී ගොස් පවතින කාල වකවානුවක් තුල මෙවැනි සහනයක් ලැබීම ඉතාමත් අගනේය.

Photos : #TPTopShots – Lasith Malinga

පසුගිය දා පැවති  හමුවේ දී ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සංගමයේ ඉදිරි පෙළ නිලධාරීන් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යවරුන්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මේලනයේ සභාපති යන මහත්වරුන් මුණ ගැසී ඔවුන්ට උද්ගතව තිබෙන පහත සඳහන් ගැටලු ඉදිරිපත් කළේය.

  • රජයෙන් ලබා දෙන යම් ආකාරයක දීමනාවක් මේ පුහුණුකරුවන්ට ද ලබා ගැනීම.
  • පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තුල ලියාපදිංචි බලපත්‍ර හිමි පුහුණුකරුවන් වුවද ක්‍රිකට් ආයතනය තුලින් ද කිසිදු දීමනාවක් ඔවුන් වෙත හිමි වන්නේ නැත.
  • පුහුණුකරුවන් වෙත රක්ෂණාවරණයක් ලබා ගැනීම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<