ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලිය කල් යයි

166

කණ්ඩායම් පහක සහභාගීත්වය ඇතිව පැවැත්වීමට නියමිතව තිබූ වයස 19න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (28) තීරණය කර තිබෙනවා.

තරගාවලිය මැයි 3 වැනිදා සිට 11 වැනිදා දක්වා කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණ ද, කොරෝනා වසංගත ව්‍යාප්තියේ වර්ධනය සහ රටේ දැනට පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ඔවුන් විසින් මේ තීරණය රැගෙන තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

2022 වසරේ කොදෙව් දේශයේ දී පැවැත්වීමට නියමිත 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂ සංචිතයක් තෝරාගැනීම සහ දක්ෂ ක්‍රීඩකයින් හඳුනා ගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<