විශ්‍රාම යාමේ දී ක්‍රීඩකයින්ට කොන්දේසි තුනක්

6614

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයකු විශ්‍රාම ගැනීමට අපේක්ෂා කර සිටින්නේ නම් මින් ඉදිරියට අවම වශයෙන් මාස 3කට පෙර ඒ පිළිබඳව ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව දැනුම් දී තිබෙනවා.

ජනවාරි 07 වැනිදා රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව විසින් ඉහත තීරණය ගෙන තිබෙනවා. උක්ත තීරණයට අමතරව තවත් කරුණු දෙකක් කෙරෙහි ද මින් ඉදිරියට ක්‍රීඩකයින් අවධානය යොමු කර යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.

විදේශයන්හි පැවැත්වෙන ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා විරෝධතාවක් නොමැති බවට සහතිකයක් ලබා දෙනු ලබන්නේ ඔවුන්ගේ සමුගැන්ම ගැන නිවේදනය කිරීමෙන් මාස 6ක කාලයකට පසුව බව එම කරුණු 3ට ඇතුළත් අනෙක් කරුණයි.

මීට අමතරව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්ත ද LPL වැනි තරගාවලිවලට ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් බලාපොරොත්තුවෙන් පසුවන්නේ නම් ඒ සඳහා අවම වශයෙන් ඊට පෙර දේශීය තරග වාරයේ දී 80%කට හෝ දේශීය තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ යුතු බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය බල පැවැත්වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<