ගෙවුනු දවස පෙබරවාරි 6 – ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේ

445
Sri Lanka Sports News Last Day Summary February 6th

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

 ක්‍රිකට

පාසල් ක්‍රීඩකයෝ ශතක වාර්තා කරති

සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක්ම ඊයේ (06) ආරම්භ වූ අතර, 5 වැනිදා ආරම්භ වූ තරග වලින් පූර්ණ ජයග්‍රහණයක් ලබා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

කොළඹ ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම  – 313/7 dec (93): සංජුල අබේවික්‍රම 115, සංජුල බණ්ඩාර 61, ලෙශාන් අමරසිංහ 51*, හර්ෂ රත්නායක 31

ගාල්ල මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 300/8 (95): නවෝද් පරණවිතාන 88, කවිදු එදිවීර 52*, රවිදු හංසික 51, අශේන් කණ්ඩම්බි 37, හේශාන් ප්‍රනාන්දු  3/55, ලහිරු ඩිල්ශාන් 2/64, අයන සිරිවර්ධන 2/69

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 189 (73.1): ට්‍රිවෝන් පර්සිවල් 37, රුවින් පීරිස් 30, පූර්ණ වනසේකර 27, නිමේෂ් බණ්ඩාර 5/32, අශේර් වර්ණකුලසූරිය 3/27

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම  – සියල්ලන්ම දැවී ලකුණු 137 60 (49.4): ට්‍රිශේන් ප්‍රනාන්දු 38, නිමේෂ් බණ්ඩාර 28, දුලාජ් සිල්වා 26, ශැනොගීත් ශන්මුගනාදන්ගේ 6/38, විමුක්ති නෙත්මල් 3/28

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 106 (30.1): ටී. බනුගොබන් 29, ට්‍රිවෝන් පර්සිවල් 24, ශැනොගීත් ශන්මුගනාදන්ගේ 22, නුවනිදු ප්‍රනාන්දු 3/12, නිමේෂ් බණ්ඩාර 3/31, අශේර් වර්ණකුලසූරිය 2/10

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 126 (29): තරුශ ප්‍රනාන්දු 34, ප්‍රවීන් කුරේ 22, මොහොමඩ් ශොහිබ් 5/25, ශැනොගීත් ශන්මුගනාදන්ගේ 3/42, විමුක්ති නෙත්මල් 2/46

සවිස්තර තරග වාර්තාව: ජයග්‍රහණය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට


ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරියටම

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ පූර්ණ සවිබලයෙන් පවත්වනු ලබන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු දෘශ්‍යාබාධිත කණ්ඩායම අතර තරගය ඊයේ (6) කෝචි හි රාජාගිරි ක්‍රීඩාංගණයේදි පැවැත්වූ අතර එම තරගයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායමට කඩුලු 8ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිවිය.

ඕස්ට්‍රේලියානු දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී ලකුණු 174 (පන්දුවාර 20): ස්ටෙපාන් පාල්මර් 68, ඩේවිඩ් හීවන් 51, උපුල් සංජීව 2/20, දිමුතු රවීන්ද්‍ර 1/26, සුරංග සම්පත් 1/26

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී ලකුණු 176 (පන්දුවාර 15.2): සුරංග සම්පත් 105*, දිමුතු රවීන්ද්‍ර 22, රුවන් වසන්ත 15, චන්දන සූරියආරච්චි 15*, ඩේවිඩ් හීවන් 1/51

සවිස්තර තරග වාර්තාව: සුරංගගේ ශතකයත් සමඟින් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට


සචිත්‍ර අර්ධ ශතකයක් ආසන්නයේ

දේශීය ක්‍රිකට් පිටිය අතිශයින්ම කාර්‍යබහුල කරවන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග 7ක් ඊයේ (06) දෙවැනි දිනයට ක්‍රියාත්මක විය. එහිදී හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ලකුණු 189ක නොබිඳුණු සබඳතාවයක් ගොඩ නැගූ සචිත්‍ර සේරසිංහ සහ විදුර අධිකාරි තම ක්‍රීඩා සමාජයට තරගය ජය ගැනීමට වැඩි ඉඩකඩක් නිර්මාණය කර දුන්හ. මෙහි දැක්වෙන මුල් තරග 4 සුපිරි 8 වටයේ සිව්දින තරග ලෙසද ඉතිරි තරග 3 මූලික වටයේ තුන්දින තරග ලෙසද ක්‍රියාත්මක වේ.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 213 (පන්දුවාර 55): මධූක ලියනපතිරණගේ 40, රුක්ෂාන් ශෙහාන් 35, මලින්ද පුෂ්පකුමාර 35, ලහිරු ගමගේ 4/65.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 53.5): මාධව වර්ණපුර 71, වනිඳු හසරංග 35, ඩිල්ශාන් මුණවීර 33, අරෝෂ් ජනෝද 3/19, මලින්ද පුෂ්පකුමාර 3/51, ඉසුරු උදාන 2/39.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 214 (පන්දුවාර 67): සචිත්‍ර සේරසිංහ 93*, විදුර අධිකාරි 87*.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 192 (පන්දුවාර 54): ප්‍රියමාල් පෙරේරා 43, සදීර සමරවික්‍රම 35, අකිල ධනංජය 33, ලසිත් ඇඹුල්දෙණිය 6/63

NCC – සියල්ලන්ම දැවී ලකුණු 307 (පන්දුවාර 80.3): ඇන්ජෙලෝ පෙරේරා 71, අනුක් ප්‍රනාන්දු 62, තිමිර ජයසිංහ 54, රමිඳු ද සිල්වා 51, දිල්රුවන් පෙරේරා 6/82, නිසල තාරක 3/87.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 149 (පන්දුවාර 48): සදීර සමරවික්‍රම 64, පසිඳු ලක්ශංක 32.

සවිස්තර වාර්තාව: සචිත්‍ර සහ විදුර හලාවතට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන එයි

දිනයක අවසානය