කුරුණෑගල හා පුත්තලම කණ්ඩායම් තම අණසක පතුරවයි

366

දෙවන දිනයේ (04) සවස් කාලයේ පැවතී තරගවලින් ජයග්‍රහණය ලබා ගන්නට කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම හා පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය. මෙම කණ්ඩායම් හමුවේ පරාජය වීමට පිළිවෙලින් ඒකාබද්ධ සරසවි කණ්ඩායමට හා ගාලු දිස්ත්‍රික් කණ්ඩායමට සිදුවිය.

සවස් කාලයේ පැවති පළමු තරගය පුත්තලම කණ්ඩායම හා ගාලු දිස්ත්‍රික් කණ්ඩායම අතර පැවැත්විය. ගාලු දිස්ත්‍රික් කණ්ඩායම උදෑසන කාලයේ තරගයකට සහභාගී වූ අතර පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම තම පළමු තරගයෙන් යාපනය දිස්ත්‍රික් කණ්ඩායම හමුවේ ලකුණු 3ක පරාජයක් ලැබීය.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

With the senior nationals basketball championship…

අනෙක් තරගය ඒකාබද්ධ සරසවි කණ්ඩායම හා කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම අතර පැවැත්විය. පුත්තලම කණ්ඩායම තම පළමු තරගයෙන් යාපනය දිස්ත්‍රික් කණ්ඩායම හමුවේ පරාජය විය.

තරගයේ ආරම්භය පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායමට තරමක් සුභදායක වූ අතර ඔවුන් තරගයේ එක් අවස්ථාවකදී ලකුණු 12ක් රැස්කරගත්තේ ප්‍රතිවාදී කණ්ඩායමට කිසිදු ලකුණක් ලබා නොදෙමිනි.

තරගයේ පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 30-16 ලෙස පුත්තලම ක්‍රීඩකයින් ඉදිරියෙන් තබමිනි.

තරගයේ දෙවන අර්ධයේ දී තම අඩුපාඩු මඟ හරවා ගනිමින් තරගයට පිවිසි ගාලු දිස්ත්‍රික් කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායමට විශාල අභියෝගයක් එල්ල කිරීමට සමත් විය.

එහි ප්‍රතිඵලය ලෙස තරගයේ තෙවන කාර්තුව අවසන් වන විට ලකුණු 40ක් ලබාගෙන කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවිය.

ඡායාරූප ඇල්බමය: ජ්යෙෂ්ඨ ජාතික පැසිපන්දු ශුරතයාවය  2017 | දෙවැනි දිනය  | II පෙළ  (පිරිමි)

අවසන් කාර්තුවේදී තරගයේ අණසක තමන් වෙත නතු කරගැනීමට සමත් වූ ගාලු දිස්ත්‍රික් ක්‍රීඩකයින් මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට සමත් විය.

තරගය අවසානයේ ලකුණු තත්වය ලකුණු 61-49 ලෙස සටහන් විය.

තරගයෙන් අනතුරුව අප වෙත අදහස් දැක්වූ ජයග්‍රාහී කණ්ඩායමේ පුහුණුකරු පවසා සිටියේ ඉදිරියේදී එළඹෙන අවසන් පූර්ව තරගය ජය ගනිමින් තරගාවලිය ජය ගැනීම තම කණ්ඩායමේ අරමුණ වන බවයි.


.

මූලික වටයේ අවසන් තරගය කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම හා ඒකාබද්ධ සරසවි කණ්ඩායම අතර පැවත්විය. තරගය කණ්ඩායම් දෙකටම වැදගත් විය. ඒ තරගය ජය ගන්නා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම හේතුවෙනි.

කණ්ඩායම් දෙකම තම පළමු තරග වලදී මහනුවර කණ්ඩායම හමුවේ පරාජයට පත්විය. තරගයේ ආරම්භය සරසවි පිලට සුභදායක වූ අතර, එම තත්වය වැඩි වේලාවක් පැවතීමට කුරුණෑගල ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැත.

තරගයේ පළමු අර්ධය නිමා වන විට 27-13 ලෙසින් කුරුණෑගල කණ්ඩායම පෙරමුණ ගන්නා ලදී.

දෙවන අර්ධයේ කණ්ඩායම් දෙකම ලකුණු රැස්කිරීම අරමුණු කරගත් බවක් පෙනෙන්නට විය. තරගය පුරාවටම දෙපිලම තම ආරක්ෂක අන්තය පිළබඳ එතරම් අවදානයක් යොමු නොකිරීම දක්නට ලැබුනි.

කෙසේ වෙතත් තරගය අවසන් වූයේ ලකුණු 64-47 ලෙස තරගාවලියේ වැඩිම ලකුණු වාර්තා කරගත් කණ්ඩයම ලෙස ගාලු දිස්ත්‍රික් කණ්ඩායම තබා තිබූ වාර්තාව තමන් සතු කරගනිමිනි.

තරගයෙන් පසු අප වෙත අදහස් දැක්වූ ජයග්‍රාහී කුරුණෑගල කණ්ඩායමේ පුහුණුකරු පවසා සිටියේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තමන් ඇතුලු කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටින බවත්, තරගාවලියේ ශූරයන් වීමට තම කණ්ඩායමට හැකියාව ඇති බවත්ය.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට