SLC වෑයමට සංගාගෙන් පිළිතුරු

109

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ දක්ෂ කඩුලු රකින පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඉහළ තනතුරක් සඳහා පත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන බව එහි ලේකම් මොහාන් ද සිල්වා Daily Mirror පුවත්පත වෙත පසුගිය දිනක පවසා තිබූ අතර සංගක්කාර ඒ සඳහා අද (10) සිය නිල twitter ගිණුම හරහා ප්‍රතිචාර දක්වා තිබුණි. 

සංගාට ICC හි ලොකු තනතුරකට යන්න SLCයෙන් තල්ලුවක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ දක්ෂ කඩුලු රකින පිතිකරුවෙකු වන..

Island Cricket twitter ගිණුමේ පළ කර තිබූ අදාළ පුවත සඳහා සංගක්කාර සිය නිල Twitter ගිණුම හරහා ප්‍රතිචාර (reply) දක්වමින් පවසා සිටියේ එවැනි ආකාරයක උසස් වීමක් ලබා ගැනීම සඳහා තමන් හට උනන්දුවක් හෝ උවමනාවක් නොමැති බවයි. 

“මෙහි තිබෙන ගැටලුව වන්නේ එවැනි ආකාරයක උසස් වීමක් සඳහා මා තුල උවමනාවක් හෝ උනන්දුවක් නොමැති වීමයි. කෙසේ වෙතත් ලබා දුන් ප්‍රශංසා සඳහා ස්තුතියි.” යැයි twitter පණිවිඩ (reply) දෙකක් දක්වමින් සංගක්කාර පවසා තිබේ.

මේ වන විට 42 හැවිරිදි වියේ පසු වන සංගක්කාර මාලිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන කරන අතර දැනට පවතින කොන්ත්‍රාත්තුව අනුව එම තනතුර 2020 සැප්තැම්බර් මස 30 වැනිදායින් අවසන් වීමට නියමිත වුවත් පසුගිය දා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ MCCය පවසා සිටියේ එම ධූර කාලය තවත් වසරකින් දිගු කිරීමට ඔවුන්ගේ සූදානමක් ඇති බවයි. 

ඒ සඳහා MCC විධායක කමිටුවේ අනුමැතිය හිමි වුවහොත් 2021 සැප්තැම්බර් 30 වැනිදා දක්වා MCC හි සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ සංගක්කාරයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<