සචිත්‍ර සහ ජීවන් වරාය ගිල්වයි

350

ටැමිල් යූනියන් කණ්ඩායමේ සචිත්‍ර සේරසිංහ සහ ජීවන් මෙන්ඩිස්ගේ දැවැන්ත ඉනිම් හමුවේ අසරණ වූ වරාය අධිකාරිය ක්‍රීඩකයෝ අද (5) කොළඹ එන්. සී. සී. පිටියේ දී නිමා වූ සීමිත පන්දුවාර තරගයෙන් කඩුලු 7ක පරාජයක් ලැබූහ.

අයන සිරිවර්ධන පන්දු 48කින් ශතකයක් රැස් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ආරම්භක දිනයේ දී ම පෙරළියක් කිරීමට මුවර්ස් කණ්ඩායමේ…

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ටැමිල් යූනියන් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී වරාය අධිකාරිය කණ්ඩායමට බාර කළේය.

ඒ අනුව පිටිය පිවිසි වරාය අධිකාරිය ක්‍රීඩකයෝ තම ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 209ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තම ඉනිම අවසන් වීමට තවත් පන්දු 86ක් ඉතිරිව තිබිය දී කඩුලු 3ක් දැවී ලකුණු 212ක් ලබා ගත්හ.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටිය පිවිසි ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක දෙකක් ඇතුළත් විය. ඒ අදීශ නානායක්කාර සහ ප්‍රශාන් වික්‍රමසිංහ විසිනි. අදීශ නානායක්කාර පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේ ය.

රනේෂ් පෙරේරා නොදැවී ලකුණු 53ක් ලබා ගත්තේ පන්දු 39කට පමණක් මුහුණ දෙමිනි. ඔහුගේ එම  ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

දකුණු අප්‍රිකානු සුපිරි දඟපන්දු යවන්නෙකු එක්දින පිටියට සමුදෙන්නට සැරසේ

ලෝක කුසලානයෙන් පසුව ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කරන බව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිට දඟපන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් නිවේදනය….

කඩුලු ලබා ගැනීමේ දී බිනුර ප්‍රනාන්දු සහ ජීවන් මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ප්‍රතිවාදී ඉනිමේ දී සචිත්‍ර සේරසිංහ සහ ජීවන් මෙන්ඩිස් එකිනෙකා තරගයට ක්‍රීඩා කරමින් අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගිය හ. එහි දී සචිත්‍ර සේරසිංහ පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 80ක් ලබා ගත්තේ ය. ජීවන් මෙන්ඩිස් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 79කි. ඔහු පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් තම ඉනිමට ඇතුළත් කළේය. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට නොබිඳණු සබඳතාව ලකුණු 154කි.  

පන්දු යැවීමේ දී දකුණතින් මද වේග පන්දු යවන හෂාන් විමර්ශන දැවී ගිය කඩුලු 3ම ලබා ගත්තේ ය.

Photos: Tamil Union C & AC vs SL Ports Authority SC | SLC Major Limited Over Tournament 2018/2019

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; කඩුලු 9ක් දැවී 209 (50) ඉෂාන් රංගන 29, අදීශ නානායක්කාර 58, ප්‍රශාන් වික්‍රමසිංහ 32, රනේෂ් පෙරේරා නොදැවී 53,  බිනුර ප්‍රනාන්දු 2/19, ජීවන් මෙන්ඩිස් 2/33

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය ; කඩුලු 3ක් දැවී 212 (35.4) ලහිරු මිලන්ත 21, රමිත් රඹුක්වැල්ල 22, සචිත්‍ර සේරසිංහ නොදැවී 72, ජීවන් මෙන්ඩිස් නොදැවී 76, හෂාන් විමර්ශන 3/50

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<