2021 වසරේ පැවැත්වීමට නියමිත 14 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිල යෝජනාවක් ජාතික ආසියානු ක්‍රීඩා කමිටුව සඳහා ඉදිරිපත් කර තිබේ. 

මැක්ස්වෙල්ගේ තීරණයට කෝලිගෙන් පැසසුම්

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා තරගාවලියෙන් අනතුරුව …….

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 13 වැනි ක්‍රීඩා උළෙල එළඹෙන දෙසැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මන්ඩු හිදී පැවැත්වීමට නියමිතය. 

14 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙම ඉල්ලීම කර ඇත්තේ මීට දින කීපයකට පෙර පැවැත්වූ කමිටු රැස්වීමක දී ය. 

ශ්‍රී ලංකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය මීට පෙර දෙවතාවක් දරා ඇති අතර ඒ 2006 හා 1991 වසරේ දී ය. මීට පෙර 2021 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ පාකිස්තානයේ ය. නමුත් පාකිස්තානයේ පවතින ආරක්ෂක තත්වය නිසා මෙම ක්‍රීඩා උළෙල එරට පැවැත්වීම අවිනිශ්චිත වී ඇත. 

දින දෙකෙන් තරගය නිමා කළ කෝල්ට්ස් අවසන් 4ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන…….

කෙසේ වෙතත් මෙම තරගාවලිය මාලදිවයින හා සම්බන්ධව පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව පාපන්දු, වොලිබෝල්, වෙරළ වොලිබෝල් හා වෙරළ කබඩි යන තරග මාලදිවයිනේ මාලි හිදී ද අනෙක් තරග ශ්‍රී ලංකාවේ දී ද පැවැත්වීමට දැනට තීරණය කර ඇත. මාලදිවයින මීට පෙර කිසිදු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක් සඳහා සත්කාරකත්වය දරා නැත. 

මෙම තරගාවලිය සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ඒ පිළිබඳව අවසන් තීරණය ඉදිරි දිනක දී ගැනීමට නියමිතය. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<