ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් නායකයා කණ්ඩායමෙන් ඉවතට

696
GETTY IMAGES

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායකයා වශයෙන් කටයුතු කළ මැදපෙළ පිතිකරු අස්ගාර් ඇෆ්ගන්ව එම ධූරයෙන් ඉවත් කිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට තවත් මාසයක් පමණ තිබිය දී ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබීම කැපී පෙනෙන කරුණක් වේ.

“ඔවුන්ට තමයි වැඩිම අවස්ථාවක් තිබෙන්නේ.” – කුක්

2019 ලෝක කුසලානය ජය ගන්නා කණ්ඩායම…….

ඒ අනුව ඇෆ්ගනිස්තාන එක්දින,පන්දුවාර විස්සයි විස්ස සහ ටෙස්ට් යන තරග රටා තුන සඳහා නව නායකයින් තිදෙනෙකු පත් කර තිබේ. ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස පත්කර ඇත්තේ ගුල්බාඩීන් නයිබ්ය.

වේගපන්දු යවන්නෙකු ලෙස ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ගුල්බාඩීන් නයිබ් 2011 වසරේ දී ඇෆ්ගනිස්තාන වෙනුවෙන් එක්දින වරම් දිනා ගන්නා ලදි. මේ වන විට එක්දින තරග 52ක ඉනිම් 44ක දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පිතිකරණයේ යෙදී ඇති ගුල්බාඩීන් ලකුණු 807ක් රැස්කර ගෙන තිබේ. ඔහු ඇෆ්ගනිස්තානය වෙනුවෙන් තරග 52ක ඉනිම් 47ක දී ලකුණු 1360ට දවා ගෙන ඇති කඩුලු ගණන 40 කි.

ඇෆ්ගනිස්තාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස පත්කර ඇත්තේ යොවුන් ක්‍රීඩක රශීඩ් ඛාන් වීම විශේෂත්වයකි. 2016 වසරේ දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පන්දුවාර විස්සයි විස්ස වරම් දිනා ගත් රශීඩ් ඛාන් තවමත් 20 වැනි වියේ පසුවීම කැපී පෙනෙන කරුණකි.

වර්තමානයේ ලොව ක්‍රිකට් පිටියේ විශිෂ්ට දඟපන්දු යවන්නෙකු ලෙස සැලකෙන රශීඩ් ඛාන් මේ වන විට ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් තරග 38ක දී දවාගෙන ඇති කඩුලු ගණන 75කි.

මාලිංගගේ සප්ත කඩුලු දඩයම දේශීය පිටිය කළඹයි!

ක්‍රිකට් ලොව මෞලි මංගල්‍යය සඳහා සියළුම ……

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ වර්තමාන පන්දුවාර විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණේ පසුවන්නේ ද රශීඩ් ඛාන්ය.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස පත්කර ඇත්තේ රහමට් ශා ය. තුන්ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියෝජනය කරන රහමට් ශා මේ වන ඇෆ්ගනිස්තානය සහභාගී වූ ටෙස්ට් තරග ද්විත්වටම සහභාගී වී තිබේ. එම ටෙස්ට් තරග ද්විත්වයේ දී ම ඔහු අර්ධ ශතක වාර්තා කර තිබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් නායකත්වයෙන් ඉවත් කළ අස්ගාර් ඇෆ්ගන් 2015 වසරේ දී ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කරන ලදි. ඒ හිටපු නායක මොහොමඩ් නබී වෙනුවටය. ඇෆ්ගනිස්තානය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගත්තේ ද අස්ගාර් ඇෆ්ගන්ගේ නායකත්වය යටතේ දී ය.

අයර්ලන්තයට එරෙහිව ඉතිහාසයේ පළමු ටෙස්ට් තරගය ජය ගත්තේ ද ඔහුගේ නායකත්වය යටතේ වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් අස්ගාර් ඇෆ්ගන්ව නායකත්වයෙන් ඉවත් කිරීමට හේතුවක් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<