තරගාවලියේ සිව්වන දිනයේ දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර පැවැත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පදක්කම් සිහිනය යථාර්ථයක් කර ගැනීමට මෙම තරගය ජය ගැනීම අනිවාර්යය විය. තරගාවලිය පුරා නේපාල කණ්ඩායමේ දක්ෂතා ඉහළ මට්ටමක් පැවතීම කාගේත් අවධානයට ලක් වූ කරුණක් විය.

ශ්‍රී ලංකාවට පිට පිටම පරාජයන් ද්විත්වයක්

SABA කුසලාන පැසිපන්දු තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තමන් ක්‍රීඩා කළ දෙවන තරගය..

ඉන්දියාව සමඟ පැවති තරගයේ දී නැවතත් දණහිසේ ආබාධයට ලක්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ #4 ක්‍රීඩක තුෂාන් ධර්මසේන හට තරගාවලියේ ඉදිරි තරග අහිමි වී ගියේය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට පාඩුවක් වනු නොඅනුමානයි. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගයේ දී ආබාධයක් නිසා විවේක ගැන්වූ තිමෝති නිතුෂන් මෙම තරගය සඳහා ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක තත්වයක් වූ බව නොඅනුමානයි.121212122

තරගයට පෙර ශ්‍රී ලංකාව සහභාගි වූ තරග 2ම පරාජයට පත් විය. ඒ බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 90-80ක් හා ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 88-61ක් ලෙසයි.

අනෙක් අන්තයෙන් නේපාල කණ්ඩායම තමන් සහභාගී වූ තරග 2න් එකක දී සත්කාරක මාලදිවයින හමුවේ ජයග්‍රහණය කළ අතර අනෙක බංගලාදේශය හමුවේ පරාජයට පත්විය.

තරගය ආරම්භයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායම, නේපාල කණ්ඩායම ඉදිරියේ පහසුවෙන් ලකුණු රැස් කරන බවක් පෙනෙන්නට වූ අතර ශ්‍රී ලංකා කණ්ඩයම ලකුණු 9ක් ලබා ගන්න විට නේපාල කණ්ඩායම ලබා සිටියේ ලකුණු 2ක් පමණි.

ඉන්දීය කණ්ඩයම සමඟ පැවති තරගයේ දී දැක්වූ ඉහළ දක්ෂතා හේතුවෙන් ආරම්භක පෙලට උසස් වීමක් ලද #10 ක්‍රීඩක චරිත් පෙරේරා තම කාර්යය මැනවින් ඉටු කරනු දක්නට ලැබුණි.

නමුත් පළමු කාර්තුවේ දී ලකුණු 17-14ක් ලෙස ඉදිරියට පැමිණීමට නේපාල කණ්ඩායම සමත් වුවත් ඔවුන්ට තරගය පුරාම ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට හැකිවූයේ විනාඩි 3කටත් වඩා අඩු කාලයකි.

පළමු කාර්තුව අවසන් වූයේ ලකුණු 23-20ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් තබමිනි.

දෙවන කාර්තුව තුල තරමක සංවිධානාත්මක බවක් ශ්‍රී ලංකා කණ්ඩායම දෙසින් පෙනෙන්නට වූ නමුත් නේපාල කණ්ඩායමේ ලකුණු රැස් කිරීම පාලනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය.12121212

දෙවන කාර්තුව හෙවත් පළමු අර්ධය අවසන් වන විට ලකුණු තත්වය ලකුණු 42-35ක් ලෙස දැක්වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 7කින් ඉදිරියෙන් තබමිනි.

දෙවන අර්ධය පළමු අර්ධයට වඩා වෙනස් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තුල පෙර නොවූ ජවයකින් ක්‍රීඩා කරන බවක් පෙනෙන්නට විය. ආරක්ෂාකාරී අන්තය තුල ප්‍රතිවාදීන්ගේ ලකුණු ලබා ගැනීම සීමා කිරීමට ඔවුන් සමත් විය.

තරගය අවසන් වූයේ ලකුණු 81-65ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු ජය වාර්තා කරමිනි.

තරගය තුල ක්ලින්ටන් තෙවකුමර්ගේ ක්‍රීඩා විලාශය පැසසුමට ලක්කළ යුතු අතර මිතිල අබේසිංහගේ දක්ෂතා ඉහළ මට්ටමක පැවතුනි. ඔහු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 13ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩයම වෙනුවෙන් ක්‍රීඩකයින් 4 දෙනෙකු ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූ අතර මේ අතරින් සුදේශ් අහමඩ් ලකුණු 10ක් හා නැවත ලබා ගැනීම් (Rebounds) 10ක් වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය තුල දී නැවත ලබා ගැනීම් 60ක් වාර්තා කිරීමට සමත් වූ අතර මෙය මෙවර තරගාවලිය තුල කණ්ඩායමක් වාර්තා කළ වැඩිම නැවත ලබා ගැනීම් ප්‍රමාණය වේ.

එසේම තරගාවලිය තුල වැඩිම පන්දු හුවමාරු කිරීම් (Assits) ප්‍රමාණය වන Assits 31, මෙම තරගයේ දී වාර්තා විය.23213213213

තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත් පෙරේරා දිනා ගැනීමට සමත් වූ අතර ඔහු ලකුණු 20ක්, නැවත ලබා ගැනීම් 7ක්, විශිෂ්ට ගණයේ පන්දු හුවමාරු කිරීම් (Assits) 7ක් හා පන්දු පැහැර ගැනීම් (Steals) 3ක් වාර්තා කිරීමට සමත් විය. තරගය පුරාවටම නැවත හැරවීම් (Turn Over) කිසිවක් ඔහුගේ නම ඉදිරියේ සටහන් නොවීම අගය කළ යුතු කරුණකි.

තරගයෙන් අනතුරුව චරිත් පෙරේරා අප වෙත මෙසේ අදහස් දැක්විය.

“තරගය ජය ගැනීමට හැකි වීම සතුටට කරුණක්, කණ්ඩායමේ හැමෝම හොඳින් ක්‍රීඩා කළ නිසා තරගය ජය ගැනීම පහසු වුනා, තරගයේ වීරයා සම්මානය ලබා ගැනීම සතුටට කරුණක්, ඒවගේම කණ්ඩායමේ සෑම කෙනෙක්ම මේ සඳහා දායක වුනා කිව්වොත් නිවැරදියි. ”

ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුව සිහිනයක් නොවීමට නම් අද දිනයේ සත්කාරක මාලදිවයින සමඟ පැවැත්වෙන තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්යය කරුණක් වෙයි. මාලදිවයින් කණ්ඩායම තමන් ක්‍රීඩා කළ තරග 3ම ජය ගෙන මේ වන විට ප්‍රසාද ලකුණු 3ක් ලබාගෙන සිටියි.

ඉදිරි තරගය ජය ගෙන ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒමට හැකිවේවා යන්න අප සැමගේ පැතුමයි!

තරගාවලියේ සිව්වන දිනය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහන මෙසේය.points table

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට