ලාංකීය ප්‍රවීණයින් ඉන්දියාවේ දී දක්ෂතා දක්වයි

117

පසුගිය දා ඉන්දියාවේ දී නිමාවට පත්වූ 39 වැනි ප්‍රවීණයන්ගේ ජාතික මලල ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා වෙළඳසේවා සංගමය නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, එහි දී පදක්කම් 105ක් ජයග්‍රහණය කිරීමට සමත් විය. එම පදක්කම් එකතුවට රන් පදක්කම් 45ක්, රිදී පදක්කම් 32ක් සහ ලෝකඩ පදක්කම් 28ක් ඇතුළත් විය.

පාසල් මට්ටමත් ආක්‍රමණය කරන තහනම් උත්තේජක

ලාංකීය මලල ක්‍රීඩාවට තවත් කැළලක් ඇති කරමින් යොවුන් ක්‍රීඩිකාවක් …

ඉන්දියාවේ සෑම ප්‍රාන්තයක්ම නියෝජනය කරමින් ඉන්දීය ජාතික ප්‍රවීණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට අධික ප්‍රමාණයක් සහභාගී වූ අතර ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ නාශික් ක්‍රීඩාංගණයේ දී මලල ක්‍රීඩා උළෙල පැවැත්විය. එහි දී දෙරටේ වෙළඳසේවා සංගම් අතර පවතින සුහදතාවය හේතුවෙන් ශ්‍රී ලංකා වෙළඳසේවා සංගමයට මෙම ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට වරම් හිමි විය.

මෙම ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා වෙළඳසේවා සංගමය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35 දෙනෙකු සහභාගී විය. වරුණ උඩවත්තගේ නායකත්වය යටතේ සහභාගී වූ කණ්ඩායමට ක්‍රීඩකයින් 21 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 14 දෙනෙකු ඇතුළත් විය. කණ්ඩායමේ කළමනාකරු ලෙස බැසිල් සිල්වා කටයුතු කළ අතර සහය කළමනාකරු ලෙස ධනුෂ්ක ජයවර්ධන කටයුතු කරන ලදි.

මීටර් 400 ශූරයාට තහනම් උත්තේජක චෝදනා

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු තරගාවලියේ මීටර් 400 නියෝජනය කළ …

ඊයේ දිනයේ දී (06) දිවයිනට පැමිණි ප්‍රවීණ මලල ක්‍රීඩා කණ්ඩායම පිළිගැනීම ශ්‍රී ලංකා වෙළඳසේවා මලල ක්‍රීඩා සංගමය විසින් සිදු කරන ලද අතර එයට එහි සභාපති ප්‍රසන්න ඉන්දික මහතා සහ උපදේශක සිඩ්නි රත්නායක මහතා ද සහභාගී විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<