ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් තරගාවලිය කුරුණෑගලදී

305
Sri Lanka Badminton Nationals 2016 in Kurunegala translation

64 වැනි වරටත් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාතික බැඩ්මින්ටන් තරගාවලිය නොහොත් ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ඔක්තොම්බර් මස 22 වන දා සිට 29 වැනිදා දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවත්විමට කටයුතු සූදානම් කර ඇත.

පසුගිය ලිපි: ආසියානු කාන්තා හොකී ශූරතාවය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

මෙම තරගාවලිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය, පාසල් මට්ටමේ ක්‍රීඩකයින් සමඟ සම්බන්ධ වී සංවිධානය කරනු ලබන ප්‍රථම ජාතික බැඩ්මින්ටන් තරගාවලි‍‍යයි. මෙම තරගාවලියට සාමාන්‍ය ජාතික ශූරතාවලියට අමතරව ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය මඟින් සංවිධානය කරනු ලබන කනිෂ්ඨ ජාතික බැඩ්මින්ටන් තරගාවලියක් ඇතුලත් වේ.

මෙම තරගාවලිය පිලිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් තම අදහස් දැක්වූ ජාතික බැඩ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ දන්දෙනිය මහතා පවසා සිටියේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දියුණුව සහ නව දක්ෂයින් සොයා ගැනිම සඳහා මෙම ක්‍රීඩාව කොළඹින් පිටතට ගෙන යෑමට බලාපොරොත්තු වු බවයි.

පසුගිය වසරේ අපි මෙම ශූරතාවලිය පැවැත්වුයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, නමුත් මෙවර මෙම තරගාවලිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්විමට අපි බලාපොරොත්තු වෙනවා. තවද කනිෂ්ඨ ජාතික බැඩ්මින්ටන් තරගාවලියත් මෙයට සමගාමිව පවත්වනවා. පාසල් මට්ටමේ තරගකරුවන් 5000කට වැඩි පිරිසක් මෙම ශූරතාවලිය හරහා තම දක්ෂතා වර්ධනය කර ගැනීමට හැකි වෙනු ඇතැයි අපි අපේක්ශා කරනවා යැයි එතුමන් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

මෙම තරගාවලියට ප්‍රධාන අනුග්‍රාහකත්වය කුරුණෑගල බැඩ්මින්ටන් සංගමය විසින් ලබා දීමට කටයුතු යොදා ඇති අතර මෙම තරගාවලිය කුරුණෑගල මහ නගර සභා ක්‍රීඩාංගණයේ සහ බෝයගනේ VIP යුධ හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේ පැවත්වීමට නියමිතයි.

ප්‍රධාන තරගාවලියට සමගාමිව කනිෂ්ඨ ජාතික තරගාවලිය වයස් කාණ්ඩ ක් එනම් වයස අවුරුදු 11න්, 13න්, 15න්, 17න් සහ 19න් පහල වශයෙන් කාන්තා, පිරිමි කේවල සහ යුගල කාණ්ඩයන්ගෙන් පැවැත්වීමට නියමිතව ඇත. මෙහි මුලික තරග D. S. සේනානායක විද්‍යාලයේ සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ක්‍රීඩාංගනය මූලික කරගනිමින් ඔක්තෝම්බර් 22 සහ 23 යන දිනයන් හී පැවත්වීමට නියමිත අතර අර්ධ අවසාන පුර්ව තරග ඔක්තෝම්බර් 29 වන දා සමාප්ත උළෙලේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවත්වීමට සූදානම් කර ඇත.

මෙම තරගාවලියේ අවසාන ශූරතා කුසලානය සහ ත්‍යාග ප්‍රදානොත්සවය ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට