නවකයන්ගෙන් යන්න පුළුවන් උපරිම දුර යනවා – පකීර් අලී

210
Packeer Ali

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ආසියාව නියෝජනය කරන කණ්ඩායම තේරීම සඳහා වන සුදුසුකම් ලැබීමේ වටය මේ වන විට ආරම්භ වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය මැකාවු සමඟින් ඊයේ (6) වැනිදා පැවැත්විය. එම තරගයේ දී ගෝල 1-0ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය 2023 ආසියානු කුසලාන තරගාවලියට ද සම්බන්ධ වේ. මැකාවු තරගයේ දෙවන අදියර කොළඹ දී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම ගෝලයක පරතරයක් සහිතව ක්‍රීඩා කරනු ඇත.

ප්‍රබල සටනකින් පසු නැවතත් ශ්‍රී ලංකාවට සෝසුසුම්

2023 පාපන්දු ලෝක කුසලානය සඳහා ආසියානු සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ…

පසුගිය දා පැවති තරගයේ දී ෆිලිපේ ඩුආටේ, වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කී අතර එය දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 7කට පසුව වාර්තා විය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දී තරමක තරගකාරී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කිරීමට සමත් විය. පළමු අර්ධයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ ශ්‍රී ලංකාව දෙවන වටයේ දී යම් පීඩනයකට ලක්වූ ආකාරයක් දක්නට ලැබුණි.

මෙම දස්කම් පිළිබඳව ධනාත්මක ආකල්පයක් දරන ශ්‍රී ලංකා පුහුණුකරු වන නිසාම් පකීර් අලී මහතා මීළඟ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තම උපරිම දස්කම් අතරට පැමිණෙනු ඇතැයි විශ්වාසය පල කර ඇත.

“අපි හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් දන්නවා මැකාවු සෙල්ලම් කරන්නේ කොහොමද කියලා. අපි අපේ නවක ක්‍රීඩකයන් එක්ක හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳම කණ්ඩායම ජයග්‍රහණය කරාවි.”

“මේ තරුණ ක්‍රීඩකයන් දිනෙන් දින දියුණු වෙනවා. කණ්ඩායම හොඳින් තරග ආරම්භ කළා. මේ අය සටන් කරන්න දක්ෂයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මීළඟ තරගයේ දී හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”

ශ්‍රී ලංකා කණ්ඩායම අඟහරුවාදා පැවැත්වෙන තරගයේ දී මැකාවු කණ්ඩායමේ ආරක්ෂක වලල්ල පසුකර යමින් ගෝලයක් ලබාගත යුතුය. පුහුණුකරු වන පකිර් අලී මහතා තම කණ්ඩායමට අවශ්‍ය ප්‍රතිඵලය ලබාගෙන තරගාවලියේ ඉදිරියට යා හැකි බවට විශ්වාසය පල කර ඇත.

ශ්‍රි ලංකා කණ්ඩායමට ගෝල ලබාගැනීම සඳහා දුර සිට එල්ල කරන පහරවල් වලට යොමු වීමට සිදු වන අතර මැකාවු කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක හෝ මෑන්ෆායි දක්ෂතා නිසාවෙන් පසුගිය තරගයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු අවස්ථාවන් කීපයක්ම මගහැරී ගියේය.

“අපි අපේ උපරිමය සෙල්ලම් කරා. අපිට අවස්ථාවන් කීපයක් මග හැරුණා. ඒක තරගයේ කොටසක්. මම හිතන්නේ අපි හොඳින් සෙල්ලම් කළා. අපි අපේ ප්‍රතිවාදීන්ට වඩා හොඳින් සෙල්ලම් කළා. අපිට තව තරගයක් තියනවා. අපි මේ තත්වයන් හොඳින් සලකා බලලා සැලසුම් සකස් කරනවා.”

සටන්කාමී ශ්‍රී ලංකාව අවසන් මොහොතේ පරදියි

දෙවන අර්ධයේ අසාර්ථක උත්සාහයන් හමුවේ ශ්‍රී ලංකාව හා ලාඕසය අතර පැවති දෙවන සුහද තරගය…

මැකාවු කණ්ඩායමේ පුහුණුකරු වන ලොන් චො ලෙන්ග් තම කණ්ඩායම සුහායි හිදී ලබාගත් ගෝලයක වාසිය උපයෝගී කර ගනිමින් කොළඹ තරගය සඳහා තම සැලසුම් සකස් කරනු ඇත.

ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ වටයේ දී මීට පෙර මැකාවු කණ්ඩායම කිසිදු ජයග්‍රහණයක් වාර්තා කල නොමැත.

“මම මේ ප්‍රතිඵලයෙන් සෑහීමකට පත්වෙනවා. කණ්ඩායම හොඳින් සෙල්ලම් කළා. මම හිතන්නේ නෑ මට මීට වඩා දෙයක් කණ්ඩායමෙන් ඉල්ලන්න පුළුවන් කියලා.” පුහුණුකරු ලොන් පවසා සිටියා.

“ඔවුන් කණ්ඩායම වෙනුවෙන් 100%ක් ලබා දුන්නා. මම ප්‍රතිඵලය ගැන සෑහීමකට පත් වෙනවා. නමුත් මම හිතන්නේ මේ ලකුණු ප්‍රමාණය ප්‍රමාණවත් නොවේවි. අපිට ගෝල 2ක පරතරයක් ලබා ගැනීමට පුළුවන් වුනා නම් ඒක ගොඩක් හොඳ තරගයක් වේවි. අපිට තව තරගයක් තියනවා. තවත් මිනිත්තු 90ක් අපි ක්‍රීඩා කරන්න ඕන.”

මැකාවු කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ප්‍රබල අභියෝගයක් එල්ල කළ අතර පළමු අර්ධය ගෝල නොලබා නිමා කිරීමට ද ඔවුන් සමත් විය. දෙවන අර්ධයේ 7 වැනි මිනිත්තුවේ දී ලැම් කා-සෙන්ග් විසින් යොමු කරන ලද corner අවස්ථාව නිසි ලෙස ආරක්ෂා කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය. ඒ අනුව ඩුආටේ විසින් පහසු ගෝලයක් වාර්තා කළේය.

“අපිට තවත් ප්‍රහාරාත්මක වෙන්න පුළුවන් ඒත් මීළඟ මිනිත්තු 90 වෙනම තරගයක්. ඒ හින්දා අපි ඒක ගැන හිතන්න ඕන. අපි දැනටමත් තරගය දිනලා තියෙන්නේ. තරගයේ මුල් අවස්ථාවේ දී අපි ගෝලය ආරක්ෂා කරගත යුතුයි. පසුව අපිට ප්‍රහාරාත්මක ක්‍රීඩා රටාවක් ක්‍රීඩා කරලා ගෝල රැස් කරන්න පුළුවන්.”

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<