කණිෂ්ඨ බැඩ්මින්ටන් ක්‍රීඩකයින්ට පදක්කම් වැස්සක්

140

නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වුනු වයස අවුරුදු 21 න් පහළ දකුණු ආසියානු බැඩ්මින්ටන් ශුරතාවලියේ රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනා ගනිමින් ඉහළ දස්කම් දක්වන්නට ශ්‍රී ලංකා කණිෂ්ඨ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වුනා.

ශ්‍රී ලංකා ප්‍රවීණයෝ විදෙස් ක්‍රීඩකයින් පරාජය කරමින් රන් 10ක් දිනයි

ශ්‍රී ලංකාවේ පළමු වරට සංවිධානය වූ ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ රන් පදක්කම්….

ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින, ඉන්දියාව සහ බංගලාදේශය යන රටවල් මෙම තරගාවලියට සහභාගී වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකු මීට එක් විය. මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝක කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියටද සහභාගී වූ තරගකරුවන් වීම ද විශේෂත්වයක් ගනු ලැබුවා. රන්තුෂ්ක සසිඳු, චිරත් ඉලේපෙරුම, චමත් ඩයස්, දුමින්ද අබේවික්‍රම, විරේන් නෙට්ටසිංහ, දිල්මි ඩයස්, හසිනි අම්බලන්ගොඩ, හසාරා විජේරත්න ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූ අතර කේ. ජී උපේන්ද්‍ර හා ධනුෂ්ක නිලංග පිළිවෙලින් කළමනාකරු හා පුහුණුකරු ලෙස කටයුතු කරන ලදී.

ලෝකඩ පදක්කමක් ද්විත්වයක් පිරිමි යුගල ඉසව්වකින් සහ කාන්තා කේවල ඉසව්වකින් හිමි වන විට අනෙක් සියලු පදක්කම් ශ්‍රී ලංකාවට හිමි වූයේ කේවල සහ මිශ්‍ර යුගල යන ඉසව් වලින් ය. පිරිමි කේවල හා මිශ්‍ර යුගල යන ඉසව් හිදී රිදී පදක්කම් ද්විත්වයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා ගනිමින් රන්තුෂ්ක සසිඳු ඉහළ දස්කම් දැක්වීමට සමත් වුනා. ජාතික පිරිමි අනුශූරයා ලෙස ද සම්මාන දිනා සිටි සසිඳු පිරිමි කේවල හා මිශ්‍ර යුගල යන ඉසව් දෙකෙහිම අවසන් මහා තරගය දක්වා පැමිණීමට සමත් වුවත් අවාසනාවන්ත ලෙස ඔහු තරග දෙකම පරාජය වූයේ රිදී පදක්කම් දෙකක් පමණක් ඔහුට ඉතිරි කර දෙමිනි.

පිරිමි කේවල ඉසව්වේ දී වට තුනකින් පසු සසිඳු ප්‍රියන්ෂු රාජවට් හමුවේ පරාජය වුණත් ඔහු තරගයේ පළමු වටය ජය ගත්තේ ලකුණු 21/16 ක් ලෙසයි. දෙවන හා තෙවන වට දැක්වුණේ ලකුණු 21/17 ක් හා 21/16 ක් ලෙස ඉන්දීය ක්‍රීඩකයාට ජය හිමි කර දෙමින්‍ ය. ප්‍රතිවාදී ඉන්දියානු යුගල වූ විෂ්ණුවර්ධන් ගෞඩ් හා ටනිෂා ක්‍රස්ටෝ හමුවේ තරග වදිමින් දිල්මි ඩයස් හා එක්ව ඔහු සිය දෙවන රිදී පදක්කම දිනා ගත්තා.

ආර්ජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් උළලේ දී මිශ්‍ර අන්තර්ජාතික ඉසව්වේ රන් පදක්කමක් දිනූ හසිනි අම්බලන්ගෝඩගේ කාන්තා කේවල ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිසුණු අතර ඇයට එහිදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට හැකි වූයේ සිය ප්‍රතිවාදී ක්‍රීඩිකාව වූ පුර්වා බුර්වේ හමුවේ 21/19, 9/21 හා 21/10 ක් ලෙස එම තරගයේ වට තුනම පරාජයට පත්වෙමින්‍ ය. බුර්වේ කාන්තා කේවල රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

චරිත් ඉලේපෙරුම හා චමත් ඩයස් පිරිමි යුගල ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් නමුත් ඔවුන්ට අවසන් පූර්ව වටයෙන් ඉවත් වන්නට සිදු වුණේ ඔවුන් තරග වට තුනම 21/19, 9/21 හා 21/10 ක් ලෙස පරාජයට පත්වීම නිසාය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <