ශ්‍රී ලංකා මේස පන්දුව ආසියානු ශූරතාවයට සුදුසුකම් ලබයි

367

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දකුණු ආසියානු මේස පන්දු තරගාවලියේ දෙවන දිනය වන අද (20) නිමාවට පත් වූයේ කණ්ඩායම් තරගාවලියේ දී ශ්‍රී ලංකාව රිදි පදක්කම ජයග්‍රහණය කරමිනි.

ශ්‍රී ලංකාව මේස පන්දුවෙන් ඉතිහාසයට

ආසියානු හා දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලිය ඊයේ (19) ගල්කිස්ස ‍ස‍ාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

මෙම තරගාවලිය අදියර දෙකකින් පැවැත්වෙන අතර පළමු අදියරේ දී අවුරුදු 18න් පහළ හා 15න් පහළ වයස් කාණ්ඩ සඳහා පැවති කණ්ඩායම් තරග අද (20) අවසන් වූ අතර එම අදියරේ රන් පදක්කම ඉන්දීය කණ්ඩායම විසින් දිනා ගත්තේය.

එම අංශයේම රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ අවුරුදු 18න් පහළ බාලක අංශය ප්‍රසාද ලකුණු 7කුත්, එම අංශයේම බාලිකා කාණ්ඩය ප්‍රසාද ලකුණු 5කුත්, අවුරුදු 15න් පහළ බාලක හා බාලිකා අංශ පිළිවෙළින් ප්‍රසාද ලකුණු 7ක්, හා 5කුත් ලබා ගනිමිනුයි.

වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වූයේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ භාර්ගාවා වන්ශිකා සහ කේ. අනූෂා යන ක්‍රීඩිකාවන් දෙපලයි. ඔවුන්ගෙන් එල්ල වූ ප්‍රබල පීඩනය හමුවේ ජිතාරා වර්ණකුලසූරිය හා ඩී. එච්. කොළඹගේ අසරණ විය.

ඊට අමතරව වයස 18න් පහළ බාලිකා අංශයේ තරගවල දී පකිස්ථාන ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන ෆාතිමා කාන් සහ හරීන් අලි ඉතා දක්ෂ ලෙස ප්‍රතිවාදීන්ට මුහුණ දෙනු දක්නට ලැබුණි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හංසනී පියුමිලා සහ හරීන් අලී අතර තරගයේ දී වට 3/0 ලෙස ජය ගැනීමට හංසනී සමත් විය. (11/07,11/05,11/04).

හංසනී පියුමිලා සහ මාලදිවයින් කණ්ඩායම අතර පැවති තරගයේ දී ද අයි. ලයිසා ක්‍රීඩිකාව පරාජය කළේ ද වට 3/0ක් ලෙස වන අතර එහි පළමු වටයේ දී 11/05ක්, දෙවන වටයේ දී 13/11, අවසන් වටයේ දී 11/06ක් ලෙස ලකුණු පුවරුව දිස්විය.

අවුරුදු 15න් පහළ බාලක අංශයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ චන්දූප අලහකෝන් ප්‍රතිවාදී කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් විය. ඊට නොදෙවෙනි අභියෝගයක් එල්ල කරන්නට තිසස් රංචාගොඩ සහ දෙම්මින් වීරසේනට ද හැකි විය.

මේ අයුරින් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා 15න් පහළ බාලක හා බාලිකා කණ්ඩායමත්, 18න් පහළ බාලක හා බාලිකා කණ්ඩායමත් දිනය අවසන් වන විට රිදී පදක්කමට හිමිකම් කියන්නට සමත් වූ අතර තෙවන තැන හිමි කර ගනිමින් ලෝකඩ පදක්කම හිමි වූයේ පකිස්ථාන කණ්ඩායමටයි.

18න් පහළ බාලක අවසන් ප්‍රතිඵල

කණ්ඩායම

ප්‍රසාද ලකුණු ලබාගත් පදක්කම ස්ථානය
ඉන්දියාව 8 රන් පදක්කම

පළමු ස්ථානය

ශ්‍රී ලංකාව

7 රිදී පදක්කම දෙවන ස්ථානය
පකිස්ථානය 6 ලෝකඩ පදක්කම

තෙවන ස්ථානය

18න් පහළ බාලිකා අවසන් ප්‍රතිඵල

කණ්ඩායම

ප්‍රසාද ලකුණු ලබාගත් පදක්කම ස්ථානය

ඉන්දියාව

6 රන් පදක්කම පළමු ස්ථානය
ශ්‍රී ලංකාව 5 රිදී පදක්කම

දෙවන ස්ථානය

පකිස්ථානය 3 ලෝකඩ පදක්කම

තෙවන ස්ථානය

15න් පහළ බාලක අවසන් ප්‍රතිඵල

කණ්ඩායම

ප්‍රසාද ලකුණු ලබාගත් පදක්කම ස්ථානය
ඉන්දියාව 8 රන් පදක්කම

පළමු ස්ථානය

ශ්‍රී ලංකාව

7 රිදී පදක්කම දෙවන ස්ථානය
පකිස්ථානය 5 ලෝකඩ පදක්කම

තෙවන ස්ථානය

15න් පහළ බාලිකා අවසන් ප්‍රතිඵල

කණ්ඩායම

ප්‍රසාද ලකුණු ලබාගත් පදක්කම ස්ථානය

ඉන්දියාව

6 රන් පදක්කම පළමු ස්ථානය
ශ්‍රී ලංකාව 5 රිදී පදක්කම

දෙවන ස්ථානය

පකිස්ථානය 3 ලෝකඩ පදක්කම

තෙවන ස්ථානය

ඒ අනුව ශ්‍රී ලංකා 15න් පහළ බාලක, බාලිකා කණ්ඩායම හා 18න් පහළ බාලක බාලිකා කණ්ඩායම් එළඹෙන ආසියානු ශූරතාවලිය සඳහා මේ වන විට සුදුසුකම් ලබා තිබෙන අතර මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ඒ සඳහා සුදුසුකම් ලැබීමට මහත් වූ පිටිවහලක් වූ බව සංවිධාන කමිටුවේ සභාපති චන්දන පෙරේරා මහතා ThePapare.com සමඟින් ප්‍රකාශ කර සිටියේය.

“ඇත්තටම අද (20) දවසේ අපේ කණ්ඩායමට රිදී පදක්කම හිමි වුනා. ඒත් අපිට කනගාටුවක් නැහැ. හේතුව අපේ කණ්ඩායම් දෙකම මේ දක්වපු දක්ෂතා හේතුවෙන් මේ වන විට ආසියානු ශූරතාවලියට සුදුසුකම් ලබාගෙන අවසන්”.

වයස අවුරුදු 18න් පහළ බාලක

තරග වට

ජය

ශ්‍රී ලංකාව

පකිස්ථානය 3/1 ශ්‍රී ලංකාව
මාලදිවයින බංග්ලාදේශය 0/3

බංග්ලාදේශය

පකිස්ථානය

ඉන්දියාව 0/3 ඉන්දියාව
බංග්ලාදේශය ශ්‍රී ලංකාව 0/3

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව

ඉන්දියාව 0/3 ඉන්දියාව
පකිස්ථානය මාලදිවයින 3/0

පකිස්ථානය

වයස අවුරුදු 18න් පහළ බාලක

තරග වට

ජය

මාලදිවයින

ඉන්දියාව 0/3 ඉන්දියාව
ශ්‍රී ලංකාව පකිස්ථානය 3/0

ශ්‍රී ලංකාව

ඉන්දියාව

ශ්‍රී ලංකාව 3/0 ඉන්දියාව
මාලදිවයින පකිස්ථානය 3/1

මාලදිවයින

අවුරුදු 15න් පහළ බාලිකා

තරග වට

ජය

මාලදිවයින

පකිස්ථානය 3/0

මාලදිවයින

ශ්‍රී ලංකාව ඉන්දියාව 0/3

ඉන්දියාව

අවුරුදු 15න් පහළ බාලක

තරග වට

ජය

පකිස්ථානය

බංග්ලාදේශය 2/3 බංග්ලාදේශය

බංග්ලාදේශය

ඉන්දියාව 0/3

ඉන්දියාව

මාලදිවයින ශ්‍රී ලංකාව 0/3

ශ්‍රී ලංකාව

මාලදිවයින

බංග්ලාදේශය 0/3 බංග්ලාදේශය
පකිස්ථානය ඉන්දියාව 0/3

ඉන්දියාව

ශ්‍රී ලංකාව

බංග්ලාදේශය 3/2 ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාව ඉන්දියාව 0/3

ඉන්දියාව

පකිස්ථානය මාලදිවයින 3/0

පකිස්ථානය

හෙට (21) තරගාවලියේ තුන්වන දිනය හෙවත් අවසන් දිනය වන අතර දෙවන අදියරේ කේවල හා යුගල තරග ද හෙට පැවැත්වීමට නියමිත ඇත. ඊට අමතරව වයස අවුරුදු 18න් පහළ පිරිමි අවසන් තරග ද පැවැත්වීමට නියමිතයි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට