පූර්ණ කල්හාර තුන් ඉරියව් දක්ෂතා අතරට

U19 Division 1 School Cricket Tournament 2023/24

75
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 4ක් ඊයේ (12) දිනයෙන් අවසන් වුනා.

මෙම තරග සියල්ල විසඳුමක් රහිතව අවසන් වූ අතර, ජයග්‍රහණයක් පෙනෙන මානයට හෝ පැමිණීමට සමත් වුනේ ගාල්ල මහින්ද විද්‍යාලය පමණයි. කළුතර තිස්ස විද්‍යාලය සමඟ පැවැත්වුණු එම තරගය ද කෙසේ හෝ ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුනා.

ඊයේ දිනයෙන් නිමාවට පත් වූ තරගවල දී ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ අතර, ඒ අතුරිනුත් කැලණිය ගුරුකුල විද්‍යාලයේ පූර්ණ කල්හාර විසින් මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට එරෙහිව විශිෂ්ට ශතකයක් (ලකුණු 120) රැස් කරමින්, පන්දු යැවීමෙන් ද කඩුලු 5ක් (පළමු ඉනිමේ කඩුලු 4ක් සහ දෙවන ඉනිමේ එක් කඩුල්ලක්) දවා ගැනීමට සමත් වුනා.

මේ අතර ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව කඩුලු 6 දස්කමක් දැක්වීමට කළුතර තිස්ස විද්‍යාලයේ හශේන් ඉම්සර සමත් වූ අතර, ගාල්ල මහින්ද විද්‍යාලය වෙනුවෙන් සදෙව් නෙත්මිණ ඉනිම් දෙක තුල දී කඩුලු 7ක් දවා ගැනීමට සමත් වුනා.

එමෙන්ම කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව කඩුලු 5 දස්කමක් දැක්වීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ ශාරධ ජයරත්න සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 6 දස්කමක් දැක්වීමට තනුග පලිහවඩන සමත් වීමත් විශේෂත්වයක්.

එමෙන්ම තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් සෙත්රූ ප්‍රනාන්දු තුන් ඉරියව් දක්ෂතා දැක්වීමට ද සමත් වුනා.

මේ අතර කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව කඩුලු 7 දස්කමක් දැක්වීමට කොළඹ නාලාන්දා විද්‍යාලයේ මල්ෂ ප්‍රනාන්දු සමත් වුනා.

මෙම තරග මෙසේ අවසන් වන අතරේ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර තරගය ඊයේ දිනයේ දී ආරම්භ වුනා. මෙහි දී මහානාම විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අනුක විජේවර්ධන කඩුලු 7 දස්කමක් ප්‍රදර්ශනය කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.

තර්ස්ටන් විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය

(කදිරන ක්‍රීඩාංගණයේ දී)

තර්ස්ටන් විද්‍යාලය – 297/10 (87) සෙත්රූ ප්‍රනාන්දු 98, පැතුම් ධනංජය 45, ශාරධ ජයරත්න 5/69, අශින්ස නයිනායක 4/89 & 74/2 (11.4) දිනාල් ඉඳුවර 51

 

ආනන්ද විද්‍යාලය – 175/10 (78.5) දනිඳු සෙල්ලපෙරුම 57, තනුග පලිහවඩන 6/70, සෙත්රූ ප්‍රනාන්දු 3/27

තරගය ජය පැරදුමෙන් තොරයි, තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය

(නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

රාජකීය විද්‍යාලය – 185/10 (57.1) ඉසුල ගීගනගේ 47, මල්ෂ ප්‍රනාන්දු 7/49 & 152/4 (54) රෙහාන් පීරිස් 65

 

නාලන්දා විද්‍යාලය – 244/10 (86.4) මනුප මන්මිත 54, ඔසඳ පමුදිත 53, රනුක මලවිආරච්චි 3/80

තරගය ජය පැරදුමෙන් තොරයි, නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය

(පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)

මාරිස් ස්ටෙලා විද්‍යාලය – 134/10 (45.5) රමිත් බණ්ඩාර 51, යොහාන් ආලෝක 45, තරුෂ කොඩිකාර 3/33, ඔහස් සදෙව් 3/33 & 248/9d (73.3) ඕෂධ ගුණසිංහ 75, පූර්ණ කල්හාර 4/71

 

ගුරුකුල විද්‍යාලය – 342/9d (84.3) පූර්ණ කල්හාර 120, හිරුණ නිම්සර 55, කෙවින් කඩිගමුව 4/93, ඕෂධ ගුණසිංහ 3/81

තරගය ජය පැරදුමෙන් තොරයි, ගුරුකුල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය

(වීරකැටිය මන්දඬුව ක්‍රීඩාංගණයේ දී)

ගාල්ල මහින්ද විද්‍යාලය – 255/10 (64.1) තෙවිඳු රශ්මික 69, සෙහස් අශින්ස 49, හශේන් ඉම්සර 6/66

 

කළුතර තිස්ස විද්‍යාලය – 74/10 (23.5) උමන්ත ආකාශ් 17, සදෙව් නෙත්මිණ 4/42, සෙනුක දංගමුව 3/18 & 176/7 (f/o) (60) උමන්ත ආකාශ් 68, සිතුම් මිහිරංග 40, සදෙව් නෙත්මිණ 3/39

තරගය ජය පැරදුමෙන් තොරයි, මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<