ශ්‍රී ලංකාව පදක්කම් 100 පසුකරමින් නැවතත් තෙවැනි තැනට

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019

298

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පස්වැනි දිනය වූ අද (05) නිමා වූයේ ශ්‍රී ලංකා පදක්කම් එකතුවට තවත් රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 13ක් හා ලෝකඩ පදක්කම් 17ක් එක් කරමිනි. මෙම පදක්කම් සමඟින් ශ්‍රී ලංකාව නැවතත් පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානය ලබා ගැනීමට සමත් විය. 

SAG2019 – ශ්‍රී ලංකාව අඩියක් පස්සට වැටේ

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තුන්වැනි දිනය ලෙස අද (04) දිනය නිමා…..

පස්වැනි දිනය ලෙස අද දිනයේ ආරම්භක පදක්කම එක්කිරීමට වූෂූ ක්‍රීඩාවේ Nandao තරග ඉසව්වෙන් තරග වැදුණු සන්ජු කුමාරි සමත් විය. ඇය එම තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වූයේ ලකුණු 14.74ක් වාර්තා කරමිනි. දිනයේ පළමු රන් පදක්කම හිමිකර දීමට වූෂූ Taijijian තරග ඉසව්ව සඳහා සහභාගි වූ ක්‍රීඩිකා ටී. එස්. ගුණසේකර සමත් වූවාය. ඇය එහි දී ලකුණු 18.66ක් වාර්තා කර තිබුණි. 

තරගාවලියේ බර ඉසිලීමේ තරග අද ආරම්භ වූ අතර එහි දී කිලෝග්‍රෑම් 49 බර පන්තියේ හා කිලෝග්‍රෑම් 45 බර පන්තියේ රිදී පදක්කම් දෙකම ජයග්‍රහණය කිරීමට කාන්තා තරග සඳහා සහභාගි වූ හංසිනී ගෝමස් හා ශ්‍රීමාලී සමරකෝන් සමත් විය. 

පිරිමි කිලෝග්‍රෑම් 61 බර පන්තියේ රිදී පදක්කම හිමිකර ගැනීමට තිලංක විරාජ් පළඟසිංහ සමත් විය. එහි රන් පදක්කම හිමි වූයේ ඉසුරු කුමාර හටය. කිලෝග්‍රෑම් 59 කාන්තා බර පන්තියේ රිදී පදක්කම දිනා ගැනීමට නදීශානී රාජපක්ෂ සමත් විය. 

මේ අතර බැඩ්මින්ටන් කාන්තා යුගල අවසන් පූර්ව තරග අද පැවති අතර එහි දී එම තරග දෙකම ජයග්‍රහණය කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකම සමත් විය. එම කණ්ඩායම් දෙක සඳහා අචිනි රත්නසිරි හා උපුලි සමන්තිකා ද, අනෙක් කණ්ඩායම සඳහා තිලිණි හෙන්දහේවා හා කවින්දී ඉශාදිකා ඇතුළත් විය. 

තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව් කීපයක් ද අද පැවති අතර එහි දී රන් පදක්කම් හතරක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් තුනක් ශ්‍රී ලංකා පදක්කම් එකතුවට එක්විය. ඒ පිළිබඳව සියලු තොරතුරු මෙතැනින්. 

අරුණ, ඩිල්ෂි, සුගන්ධි සහ හෂිනි බරටම රන් දිනයි

නේපාලයේ කත්මණ්ඩු අගනුවර දසරත් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 2019 දකුණු…..

ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර දීමට වූෂූ කණ්ඩායම සමත් විය. එහි දී කිලෝග්‍රෑම් 56 බර පන්තියේ එම්. එම්. මධුමාලි Sansou ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කළ අතර එම ඉසව්වේ කිලෝග්‍රෑම් 52 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට පී. ආර්. දිල්හානි සමත් විය. පිරිමි කිලෝග්‍රෑම් 52 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඒ. ජී. එම්. චන්දික සමත් විය. 

ටයිකොන්ඩෝ තරග ඉසව්වේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් රැසක් දිනා ගැනීමට සමත් වූ අතර අද දිනයේ ද පදක්කම් රැසක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. 

කාන්තා කිලෝග්‍රෑම් 73 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සචිතා ප්‍රමෝදිනී සමත් වූ අතර කිලෝග්‍රෑම් 49 බර පන්තියේ රිදී පදක්කම දිනා ගැනීමට ඉරන්ගනී පුෂ්පා සමත් විය. 

පිරිමි කිලෝග්‍රෑම් 87 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට චාමර තරිඳු සමත් වූ අතර කිලෝග්‍රෑම් 80 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමි වූයේ සුරංග දිල්හාන් හටය. 

ශ්‍රී ලංකා පදක්කම් සටහනට ප්‍රබලතම පදක්කම් එකතු කිරීමට අද දිනයේ ආරම්භ වූ පිහිනුම් තරග ඉසව් සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. පිහිනුම් තරග ඉසව්වේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් තුනක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට හැකි විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක මැතිව් අබේසිංහ රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය. ඒ පිළිබඳව සම්පුර්ණ තොරතුරු මෙතැනින්. 

මැතිව් අබේසිංහගෙන් රන් පදක්කම් තුනක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග ඉසව් අද (5) ආරම්භ වූ….

දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 17ක්, රිදී පදක්කම් 35ක් හා ලෝකඩ පදක්කම් 55ක් සමඟින් සමස්ත පදක්කම් 107ක් දිනා සිටින අතර සමස්ත පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව සිටි. 

තරගාවලියේ සමස්ත පදක්කම් සටහන

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<