13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව් හි සිව්වැනි දිනය අද (06) සාර්ථකව නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් SAG වාර්තාවක් සමඟින් රන් පදක්කම් 3ක්, රිදි පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කරමිනි.
අරුණ, ඩිල්ෂි, සුගන්ධි සහ හෂිනි බරටම රන් දිනයි
නේපාලයේ කත්මණ්ඩු අගනුවර දසරත් ක්‍රීඩාංගණයේ දී ………
මීටර් 100×4 ඉසව් සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දිනයේ වැඩි අවධානය දිනා ගන්නට සමත් වුනේ ශ්‍රී ලංකා මාතාව රනින් බබළවමිනි.
හිමාෂ ඒෂාන්, චානුක සංදීප, විනෝජ් සුරංජය සහ යුපුන් ප්‍රියදර්ශන මීටර් 100×4 ඉසව්ව සඳහා සහභාගී වූ අතර ඉසව්ව සාර්ථකව ආරම්භ කළ හිමාෂ විසින් ලබා දුන් පෙරමුණ යුපුන් අතිසාර්ථකව රන් පදක්කමකින් අවසන් කළේය. ඔවුන්ගේ වාර්තාගත කාලය ලෙස දැක්වූයේ තත්පර 39.14ක්.
මේ සමඟින් 2004 වසරේ පාකිස්තානයේ ඉස්තාන්බුල් අගනුවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඉන්දියාව විසින් තබා තිබූ තත්පර 39.91ක වාර්තාව වසර 15කට පසුව බිඳී යෑම විශේෂත්වයක්.

මෙම කණ්ඩායම නියෝජනය කළ ලක්ෂිකා මේ වන විට පදක්කම් 3ක් (100×4 – රන්, 100m – ලෝකඩ, 100m කඩුලු – රන්) දිනා ගෙන සිටින අතර සාරංගි (දුර පැනීම – රන්) සහ අමාෂා (100m – රිදි) ද පදක්කම බැගින් ජයග්‍රහණය කර ඇත.


මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී රිදි පදක්කම ශ්‍රී ලංකාව දිනා දෙන්නට කෞෂල්‍යා මධුෂානි සමත් විය. එහි දී ඇය විසින් මිනිත්තු 1:00.40 කාලයක් වාර්තා කරද්දී ඇයට වඩා මිලි තත්පර දෙකකින් පෙරමුණ ගත් පාකිස්තානු ක්‍රීඩිකා නජ්මා පර්වීන් රන් පදක්කමට උරුමකම් කීවාය. ඉන්දීය ක්‍රීඩිකා වීපාල් කලූර් (මිනිත්තු 1:01.38) ලෝකඩ පදක්කම දිනා ගත්තා.


ශ්‍රී ලංකාව අද දිනයේ දිනා ගත් එකම ලෝකඩ පදක්කමේ හිමිකාරියා වූයේ ආදි සාන්ත සෙබස්තියන් ක්‍රීඩක සමිත් ප්‍රනාන්දු විසිනි. ඔහු විසින් යගුලිය මීටර් 15.55 දුරක් විසි කරමින් ඉසව්වේ තෙවැනි ස්ථානය ජයග්‍රහණය කළේය. පසුගිය දා නිමා වූ ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී ඔහු විසින් තැබූ තරග වාර්තාව මෙහි දී ඔහු විසින් සම කිරීමට සමත් විය.

ඒ අනුව, තරගාවලියේ සිව්වැනි දිනය නිමා වන විට මලල ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනාගෙන ඇති සමස්ත පදක්කම් ගණන 26ක් වන අතර ඊට රන් පදක්කම් 9ක්, රිදි පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 7ක් ඇතුළත්.
තරගාවලියේ මලල ක්‍රීඩා තරග හෙටත් (07) පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලුම පුවත්, තරග වාර්තා, ඡායාරූප, වීඩියෝ සහ තවත් දෑ සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















