චමරි අතපත්තු සිය නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ද එහි අවසානයක් දක්වා යෑමට දැක්වූ අසමත්කම හේතුවෙන් අද (14) සෙන්වස් පාක් ක්‍රීඩාංගණයේ දී නිමා වූ සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 30ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වූහ.
එම තරග පරාජයත් සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 0-2ක් සේ පරාජය වීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු විය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තියුණු පරාජයක්!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය අරඹමින් ක්‍රියාත්මක වූ විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්…….
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භයේ දී නායිකා චමරි අතපත්තු තරගය සියතට ගනිමින් ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ට හිසරදයක් බවට පත්වෙමින් පන්දුවට පහර දුන්න ද ඔවුන්ට අත්‍යවශ්‍යම මොහොතක ඇය සිය කඩුල්ල ඔවුන් වෙත පුද දෙමින් තරගයේ ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් කළාය.
ඇය පිටියෙන් ඉවත් වෙන විට පන්දු 78කට මුහුණ දී හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 94ක් ලබා සිටියා ය. එය ඇයගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 14 වැනි අර්ධ ශතකයයි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 268ක් ලබා ගත්හ.
එම ඉනිමේ පළමු කඩුල්ලේ සිට ම හොඳ ලකුණු සබඳතාවන් පවත්වා ගෙන යෑමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ අතුරින් වැඩි කාර්යයක් කළේය.
ආරම්භක දකුණත් පිතිකාරිනිය වූ ලෝරා වොල්වර්ඩ් දකුණු අප්‍රිකා ඉනිමට හොඳ ආරම්භයක් ලබා ගනිමින් පන්දු 69කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තා ය. එය ඇය ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර තම එක්දින ජාත්‍යන්තර පිටියේ 12 වැනි අර්ධ ශතකයයි.
ඇය හා අනෙක් ආරම්භක පිතිකාරිනී ඇන්ඩ්‍රියා ස්ටේන් (24) එක්ව පළමු කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 71කි.
ඊට අමතරව ලාරා ගූඩල් ද අද අර්ධ ශතක හිමිකාරිනියක වූවා ය. පන්දු 77කින් සමන්විත වූ ඇගේ ඉනිමට හතරේ පහර 5ක් එක් වූ අතර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 52කි.
ඉනිමේ අවසන් පන්දුවාර 10 දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැවැන්ත ප්‍රහාරයකට ගොදුරු වීමට සිදු වූයේ මරිසන්නේ කේප්ගේ ඉනිම හේතුවෙනි. ඇය දකුණු අප්‍රිකා ඉනිම අවසන් වන විට පන්දු 34කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 69ක් ලබා ගත්තා ය.
ඇඹුල්දෙනිය නිසා ශ්‍රී ලංකා බලාපොරොත්තු තවදුරටත් සුරැකේ!
ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොඳින් දක්ෂතා අතරට පැමිණි තරගයේ මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වූ බැවින් තරගයේ වැඩි වාසි තමන් සතුකර ගන්නට……
එය ඇයගේ ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 7 වැනි අර්ධ ශතකයයි. ඇය ෆායේ ටුනික්ලිෆ් (15) සමඟ එක්වෙමින් 7 වැනි කඩුල්ලට ලකුණු 85ක් එක් කිරීමට ද සමත් වූවා ය. එය දකුණු අප්‍රිකා ඉනිමේ හොඳම කඩුලු ලකුණු සබඳතාව ද විය.
පන්දු යැවීමේ දී දකුණතින් දඟපන්දු යැවූ කවීෂා දිල්හාරි ලකුණු 34කට කඩුලු දෙකක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළාය. ඊට අමතරව ඕෂදී රණසිංහ, චමරි අතපත්තු, ඉනෝකා රණවීර සහ ශෂිකලා සිරිවර්ධන අතර ද කඩුල්ල බැගින් බෙදී ගියහ.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පිළිතුරු ඉනිම ආරම්භ කරන්නේ ම පන්දුවාර 3ක් අහිමිකර ගනිමිනි. ඒ අහම්බෙන් කඩා වැටුණ වර්ෂාවක් හේතුවෙන් අපතේ ගිය කාලයට ඩක්වර්ත් ලුවිස් මත කෙරුණ ගණනය කිරීම අනුව ය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ඉලක්කය වූයේ පන්දු වාර 47ක දී ලකුණු 262කි.
ශ්‍රී ලංකා ඉනිම චමරි අතපත්තු සහ ප්‍රසාදිනී වීරක්කොඩි (2) ආරම්භ කළ අතර ඔවුන් අතර සම්බන්ධය වූයේ ලකුණු 23කි. ශ්‍රී ලංකා ඉනිම වඩාත් ඉස්මතුවෙමින් පැවතියේ චමරි අතපත්තු සහ අනුෂ්කා සංජීවනී එක් ව ගොඩනැගූ දෙවැනි කඩුල්ලේ දී ය. ඔවුන් දෙදෙනා එම කඩුල්ලට ලකුණු 110ක් එක් කළහ.
අනුෂ්කා සංජීවනි පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා ය. අනුෂ්කා සහ හර්ෂිතා මාධවී තෙවැනි කඩුල්ලට ලකුණු 30ක සබඳතාවක් එක් කළහ. නමුත් එම කඩුල්ල බිඳී ගිය විගස යැවුණ අනෙක් පන්දුවේ දී ශෂිකලා සිරිවර්ධන (0) දැවී යෑම ශ්‍රී ලංකා ඉනිමට බලවත් පාඩුවක් විය.
හර්ෂිතා මාධවී පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා ය. ඊට අමතරව නිලක්ෂි ද සිල්වා පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා ය. පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක්වූ කවීෂා දිල්හාරි ලකුණු 16ක් ලබා ගත්තා ය.
කොදෙව්වන් තරගාවලි ජය ලබද්දී අවසන් තරගයේ ජය එංගලන්තයට
පසුගිය තරගාවලිවල දී ඉන්දීය කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා පිළ ද ටෙස්ට් තරගාවලිවල දී පරාජයට පත් කළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කැරිබියන් දූපත්…..
අනෙක් පිතිකාරියන් වූ ඕෂදී රණසිංහ (2), අචිනි කෞෂල්‍යා (5), උදේශිකා ප්‍රබෝධනී (0) සහ ඉනෝකා රණවීර (0*) අඩු ලකුණුවලට සීමා වීම ද ශ්‍රී ලංකා ඉනිමේ ඉරණම මේ ලෙසින් ලියැවීමට හේතු විය.
පිතිකරණයට අමතරව පන්දු යැවීමේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූයේ මරිසන්නේ කේප් ය. ඇය ලකුණු 41කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළාය. ඇය තරගය පුරා පෑ දක්ෂතා හේතුවෙන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද නම් කෙරුණි.
දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 268 (50) ඇන්ඩ්‍රියා ස්ටේන් 24, ලෝරා වොල්වර්ඩ් 64, ලාරා ගූඩල් 52, මරිසන්නේ කේප් නොදැවී 69, කවීෂා දිල්හාරි 2/34
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 231 (46.2) චමරි අතපත්තු 94, අනුෂ්කා සංජීවනී 46, හර්ෂිතා මාධවී 30, නිලක්ෂි ද සිල්වා 26, මරිසන්නේ කේප් 2/41, ටුමි සේක්හුන් 2/55
දෙරට අතර පැවැත්වෙන අවසාන සහ තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය මේ මස 17 වැනිදා සෙන්වස් පාක් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත ය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















