ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තියුණු පරාජයක්!

556

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය අරඹමින් ක්‍රියාත්මක වූ විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජයට පත් වුවද, ඔවුන් තරගයෙන් තරගයට යම්කිසි දියුණුවක් ලබා ගන්නා අයුරු දැකගන්නට ලැබුණි.

ඊයේ (11) ආරම්භ වුනු එක්දින තරගාවලියේ පළමු තරගයේ දී ද සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට එරෙහිව ඉතාමත් විශිෂ්ට සටනක් ලබා දුන් ඔවුන් අවසානයේ පරාජය වැළඳ ගත්තේ ලකුණු 7ක් තරම් සුළු පරතරයකිනි.

අත්තපත්තුගේ උත්සාහය වතුරේ යයි

පළමු තරග දෙකට සාපේක්ෂව වෙනස්ම මුහුණු වරක් ගත් ශ්‍රී ….

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් යනු වෙනත් ඕනෑම රටකට අභියෝගයක් වන තරගාවලියක් බව විවාදයකින් තොරව පිලිගත හැකි බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලබා දුන් සටන සැබැවින්ම අගය කළ යුතුය. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දෙපිළටම පන්දුවාර 48ක් බැගින් ක්‍රීඩා කිරීමට සිදු වූ මෙම තරගයේ කාසියේ වාසිය ජය ගත්තේ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුයි. ඒ අනුව ප්‍රථමයෙන් පන්දු රැකීමට ඇය තීරණය කළාය. කණ්ඩායම් දෙකෙන්ම ඊයේ තරගය සඳහා එක් ක්‍රීඩිකාවක බැගින් මංගල එක්දින වරම් හිමිකර ගැනීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එම භාග්‍යය උදාකර ගත්තේ තවමත් 17 හැවිරිදි වියේ පසුවන උමේශා තිමාශිනීයි.

තරගය ආරම්භ වී වැඩි වේලාවක් ගත වන්නට පෙර දකුණු අප්‍රිකානු පිළේ මුල් කඩුලු දෙකම ලකුණු 29ක් තුල දී බිඳ හෙළන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. එම කඩුලු දෙකේම හිමිකාරිය බවට පත්වූයේ වමතින් වේගපන්දු යවන ක්‍රීඩිකා උදේශිකා ප්‍රබෝදනීයි. කෙසේ වෙතත් ඉන් අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩ නැගූ වෑන් නීකර්ක් සහ ඇන්ඩ්‍රි ස්ටේන් දකුණු අප්‍රිකාව වැටුණු වලෙන් ගොඩ ගැනීමට සමත් වූහ. දකුණතින් පිත්ත හසුරුවන මැදපෙළ පිතිකාරිණී වෑන් නීකර්ක් ඊයේ ශ්‍රී ලංකාවට බරපතළම හිසරදය බවට පත්වෙමින් ශතකයක් වාර්තා කළාය. ඒ හතරේ පහර පහක් සහ එක් හයේ පහරක් සමඟිනි.

තවමත් 22 හැවිරිදි වියේ පසුවන ආරම්භක පිතිකාරිණී ඇන්ඩ්‍රි ස්ටේන් ද මෙම සබඳතාවය ශක්තිමත් කරමින් ලකුණු 75ක් රැස් කළාය. මොවුන් දෙදෙනා හැරෙන්නට ඊයේ වෙනත් කිසිදු ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 15 සීමාවට හෝ පැමිණීමට සමත් වූයේ නැත. එහි ගෞරවය ලකුණු 40කට කඩුලු 3ක් බිඳ හෙලූ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩිකා ඕෂධී රණසිංහ, උදේශිකා ප්‍රබෝදනී ඇතුළු සමස්ත පන්දු යැවීමේ බල ඇණියට හිමි විය යුතුය. මෙම ප්‍රතිරෝධය නිසාම ඊයේ දකුණු අප්‍රිකානුවන්ට නියමිත පන්දුවාර ගණන අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 225ක් පමණි.

කැන්ගරුවන් පාකිස්තානය සමඟ ඔට්ටුවෙන්න සූදානම්

එළඹෙන මාර්තු මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ….

මෙම ඉලක්කය හඹා යෑමේ දී ද ශ්‍රී ලංකා පිළෙන් සුපිරි ආරම්භයක් හිමි වූ අතර ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ දී ඓතිහාසික ජයක් හිමිකර ගන්නා බවට පෙරනිමිති පහළ වන්නට පටන් ගෙන තිබුණි. ඉනිම ඇරඹූ අනුෂ්කා සංජීවනී සහ ප්‍රසාදනී වීරක්කොඩි පළමු පන්දුවාර 10 අවසානයේ ලකුණු 56ක් ලබා ගනිමින් ඒ සඳහා අඩිතාලම දැමීය. ඉතාමත් හොඳින් පිත්ත හැසිර වූ ප්‍රසාදනී ඊයේ පන්දු 67කට මුහුණ දෙමින් ලකුණු 47ක් රැස් කර ගත්තේ හතරේ පහර 6ක් සමඟයි. කෙසේ වෙතත් දෙපිළේම ක්‍රීඩිකාවන් කරට කර ගැටුණු මෙම සටනේ අවසන් ජයග්‍රාහකයා බවට පත් වන්නට ශ්‍රී ලංකාවට වඩා පියවර සතක් ඉදිරියෙන් සිටි දකුණු අප්‍රිකාවට හැකි විය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ඊයේ ශ්‍රී ලංකාව ජය කණුව කරා රැගෙන යන්නට දැඩි වෙහෙසක් ගනිමින් ලකුණු 49ක් රැස් කළාය. හතරේ පහර 6ක් ඇතුළත් වුනු ඇයගේ ඉනිමට වැය වූයේ පන්දු 56ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ අවසානය දක්වා ඇය පිටියේ රැඳී සිටියා නම් මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මතකයේ රැඳෙන ස්වර්ණමය දිනයක් වනු නොඅනුමානය. කෙසේ වෙතත් දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩිකා මසබටා ක්ලාස් ශෂිකලාගේ ගමන නිමා කිරීමට සමත් වූවාය. දකුණතින් පිත්ත හසුරුවන නිලක්ෂි ද සිල්වා තරගය නිමාවන තුරුම කඩුල්ලේ රැඳී සිටිය ද ඇයට පසුපෙළ පිතිකාරිනියන් සමඟින් මෙම සටන ජය ගැනීමට හැකි වූයේ නැත.

කැරිබියන් දේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පහළවූ කළු කුමාරයා

ඔහු පිතිහරඹයේ යෙදෙන විට අලංකෘත ග්‍රීක කාව්‍යයක් නැතැතින්ම සිහි ….

ශ්‍රී ලංකාවට අවසන් පන්දුවාරය සඳහා ලකුණු 12ක ඉලක්කයක් හිමි වූ අතර පන්දු යැවූ මරිසේන් කැප් එම පන්දුවාරයට ලකුණු 4ක් පමණක් ලබා දෙමින් තම කණ්ඩායමට ජය හිමිකර දීමට සමත් වූවාය. තරගයේ වීරවරිය සම්මානය හිමි වූයේ පිතිකරණයෙන් ශතකයක් මෙන්ම පන්දුවෙන් කඩුලු දෙකක් ද දවා ගත් තුන් ඉරියව් ක්‍රීඩිකා ඩේන් වෑන් නීකර්ක්ටයි. දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ මීළඟ තරගය වැලන්ටයින් දිනයේ දී (14) මෙම ක්‍රීඩාංගණයේ දී ම ක්‍රියාත්මක වීමට නියමිතයි.

දකුණු අප්‍රිකාව – කඩුලු 7ක් දැවී ලකුණු 225 (පන්දුවාර 48)

වෑන් නීකර්ක් 102, ඇන්ඩ්‍රි ස්ටේන් 75, මරිසේන් කැප් 13, මිග්නන් ඩු ප්‍රීස් 12, ලාරා ගෝඩල් 12, ඕෂධී රණසිංහ 3/40, උදේශිකා ප්‍රබෝදනී 2/39, අචිනි කුලසූරිය 1/25, ඉනෝකා රණවීර 1/31.

ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී ලකුණු 218 (පන්දුවාර 48)

ශෂිකලා සිරිවර්ධන 49, ප්‍රසාදනී වීරක්කොඩි 47, නිලක්ෂි ද සිල්වා 39*, අනුෂ්කා සංජීවනී 19, හර්ෂිතා මාධවී 16, මසබටා ක්ලාස් 3/46, වෑන් නීකර්ක් 2/26, ටුමී සෙකුකුන් 2/33.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<