ගාලු මහා රග්බි සටනේ ජය කාටද?

586

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා ගාල්ල ඇලෝසියස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා රග්බි තරගයේ විසිපස් වැනි අදියර හෙට (14) කොග්ගල රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ටී. වී. සුමනසේකර අනුස්මරණ කුසලානයේ රිදී ජුබිලිය සඳහා පසුගිය ශූරයින් වූ ඇලෝසියස් කණ්ඩායමත් ,පෙරළිකාරී රිච්මන්ඩ් විද්‍යාලයත් ප්‍රේක්ෂකයින්ට ඉතා ඉහළ මට්ටමේ තරගයක් දැක බලා ගැනීමට ඉඩ සලස්වනු නොඅනුමානයි.

පාසල් අටක් මයිලෝ ජනාධිපති කුසලාන සටන් බිමේ

රාජකීය විද්‍යාලයට ජය හිමි කර දෙමින් පසුගිය සති අන්තයේ දී සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලිය..

පසුගිය වසර හා අතීතයෙන් බිඳක්

රිච්මන්ඩ් කන්දේ හා කල්වාරි කන්දේ රග්බි හාදකම 1992 වසරේ දී ඇරඹෙන අතර මනොරා ජයවර්ධනගේ නායකත්වයෙන් පිටියට පිවිසි ඇලෝසියස් විද්‍යාලය පරාජය කර නිශාන්ත පෙරේරාගේ රිච්මන්ඩ් කණ්ඩායම මංගල මහා රග්බි තරගය ජය ගැනීමට සමත් විය. පළමු වරට සුමනසේකර කුසලානයක් ඇලෝසියස්වරුන් විසින් දිනා ගනු ලබන්නේ 1994 දී වන අතර රුශාන් විමලසේනගේ ඇලෝසියස් කණ්ඩායම රිච්මන්ඩ් කන්දෙන් පළමු වරට සුමනසේකර කුසලානය ඩැහැ ගැනීමට සමත් විය.

මේ දක්වා පවත්වා ඇති තරගාවලි 24න් තරගාවලි 9ක ජය රිච්මන්ඩ්වරුන් දිනා ඇති අතර තරගාවලි 12ක් ඇලෝසියස්වරුන් දිනා ගනිද්දී වසර තුනක් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකාවේ සේවයේ නිරත වුන කීර්තිමත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී. වී. සුමනසේකර මහතාගේ නමින් ‘ගාලු මහා රග්බි තරගයේ’ කුසලානය නම් කර ඇත.

රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම මෙහෙය වීමේ වගකීම දමින්ද එරංග වෙත පැවරී ඇති අතර ප්‍රතිවාදී ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායම මෙහෙය වීම ෆයිරාස් ෆයිරුස් විසින් ඉටු කළේය.   

ධර්මරාජ හා ඩී. එස්. ක්‍රීඩකයින්ට A කාණ්ඩයේ දොර වැසේ

අවාසනාවන්ත ලීග් තරගාවලියකින් අනතුරුව 2013 අපරාජිතව සිංගර් පාසල් ලීග් රග්බි ශූරතාවය..

පසුගිය වසරේ දී ෆයිරාස් ෆයිරුස්ගේ නායකත්වයෙන් හා සචින්ද්‍ර මදුලංකගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් බල ගැන්වුණු ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායම වසර හතරකට පසු පළමු වතාවට සුමනසේකර කුසලානයේ පහස විඳින්නට සමත් විය. (19-09)

2017 වසරේ දී අභිනවයෙන් වැඩ නිමා වූ ඇලෝසියස් විදුහල් රග්බි ක්‍රීඩාංගණයේ දී වාර්ෂික මහා රග්බි තරගය පැවැත්වූ අතර වසර හතරක කුසලාන පිපාසයෙන් සිටි ඇලෝසියස් විද්‍යාලය තියුණු තරගයකට පසු තරගය ජය ගැනීමට සමත් විය.

මෙවර කණ්ඩායම්

සාන්ත ඇලෝසියස් විද්‍යාලය C කාණ්ඩය යටතේ මෙවර සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ක්‍රීඩා කළ අතර රිච්මන්ඩ් විද්‍යාලය B කාණ්ඩය යටතේ මෙවර තරගාවලිය ක්‍රීඩා කරන ලදි.

රිච්මන්ඩ් විද්‍යාලයට B කාණ්ඩයේ පළමු වටයේ දී ජය ගත හැකි වූයේ එක් තරගයක් පමණි. ඇලෝසියස් විද්‍යාලය මෙවර තරග වාරයේ දී තරග කිහිපයක් ජයගෙන ඉතා හොඳ මානසිකත්වයක සිටින නිසා B කාණ්ඩයේ රිච්මන්ඩ්වරුනුත්, C කාණ්ඩයේ ඇලෝසියස්වරුනුත් අතර ඉතා උණුසුම් තරගයක් දැක බලා ගැනීමට හැකි වනු ඇත.

හේෂාන් ද සිල්වාගේ නායකත්වයෙන් ඇලෝසියස් කණ්ඩායම මෙවර කොග්ගල පිටියට පිවිසෙන අතර ඇලෝසියස් කණ්ඩායමට වඩා වයසින් වැඩි පරිණත කණ්ඩායමක් ඔවුන් මෙවර තරගය ඉදිරිපත් කරන අතර ප්‍රවීණ පුහුණුකරුවෙකු හා විනිසුරුවරයෙකු වන අනිල් මංගල මහතා රිච්මන්ඩ් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

අනෙක් අතට පසුගිය වසරේ ඇලෝසියස් විද්‍යාලයට ජය ගෙන ආ සචින්ද්‍ර මදුලංක මෙවරත් කණ්ඩායමේ පසුපෙළේ ක්‍රීඩා කරන අතර ඔහුගේ අත්දැකීම්වලින් හා පසුගිය ජයෙන් ලද මානසික ශක්තියෙන් ඇලෝසියස්වරුන් තවත් ශක්තිමත් වනු ඇත. දිලන්ජන් සන්දීප් මහතා ඇලෝසියස් විද්‍යාලයේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ඇලෝසියස් කණ්ඩායම යොවුන් ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත වන අතර C කාණ්ඩයේ කේරි විද්‍යාලය, ඇහැලියගොඩ මාධ්‍ය විද්‍යාලය සමඟ පැවති තරගවල දී ඉතා වේගවත් ක්‍රීඩා විලාසයක් පෙන්වන්නට ඔවුන් සමත් විය.

කෙසේ නමුත් සුමනසේකර කුසලානයට කණ්ඩායම් දෙකම පිවිසෙන්නේ තමන් සිටින කාණ්ඩය හා ලීග් තරගාවලියේ ජය පරාජය අමතක කර දමමින්ය. දකුණු ලක එකම මහා රග්බි තරගය ඉතා උණුසුම් වන්නේ ඒ නිසාය.

  • රිච්මන්ඩ් කණ්ඩායම

රිච්මන්ඩ් කණ්ඩායම: හේෂාන් ද සිල්වා, චරිත් ප්‍රියදර්ශන, ඉරේෂ් අයන්ත, රුපුන් තරුෂ්ක, දහන් තත්සර, රවිඳු කවිෂ්ක, උදාර සචින්ත , හසිඳු සංජිව, ඉමේෂ් ප්‍රභාශ, දුලාර දනුෂ, සසිඳු කාවින්ද, සකුණ කාරියවසම්, රොමේෂ් රුමින්ද, උෂාන් සුලක්ෂන්, මල්ෂ පැතුම්, ඔශාර චිරත්ම, සන්දීප් කාරියවසම්, සමිත් දිල්ශාන්, යටිඳු එදිරිසිංහ, නිම්න සඳුන්, අශේන් කවිඳු, චතුරංග ප්‍රේමිත.

ඇලෝසියස් කණ්ඩායම: සචින්ද්‍ර මදුලංක, යසිඳු අබේරත්න, මනුජ කවීන්, සාලිය බණ්ඩාර, මෙවන් හිම්සර, චමෝද්‍ය ජයශාන්, මොහොමඩ් ෆර්හාන්, රයන් සුබසිංහ, හිරුවින්ද ගුරුගමගේ, යු. ඒ විමුක්ති, ජනිත් ශාමින්ද, මනුෂ සඳරුවන්, අමිඳු කෞශල්‍ය, පුන්සර සඳරුවන්, මල්ෂාන් ආදිත්‍ය, හිමාෂ් රවිෂ, රුවිඳු කේෂාන්, ප්‍රශාන් රශ්මික, රජිත් වීරසිංහ

ජයග්‍රහණය රිච්මන්ඩ් කන්දට ද? කල්වාරි කන්දට ද? ThePapare.com අප ටී. වී සුමනසේකර කුසලානය ඔබ වෙත සජීව ලෙස සමීප කිරීමට සූදානම්. රැඳී සිටින්න ජුනි 14 වැනිදා සවස 3.45හේ සිට ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.   

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<