කැන්ගරුවන් පාකිස්තානය සමඟ ඔට්ටුවෙන්න සූදානම්

321

 එළඹෙන මාර්තු මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියෙහි කාලසටහන ඊයේ (10) පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

හිටපු ලෝක ශූර නායකයාගෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ගුරුහරුකම්

2003 සහ 2007 යන වර්ෂයන්හී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක ශූරයින් දක්වා ගමන් කළ ඒ ජයග්‍රාහී…

මෙම තරගාවලිය, මැයි මස 30 වැනාදායින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් සිය අවසන් සංචිත නම් කිරීම වෙනුවෙන් කණ්ඩායම් දෙකම ඉවහල් කර ගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරන අතර ඩුබායි, අබුඩාබි සහ සාජා ක්‍රීඩාංගණ 3ක් කේන්ද්‍ර කරගනිමින් මාර්තු මස 22 වැනිදා සිට මාර්තු 31 වැනිදා දක්වා තරගාවලිය දියත් කිරීමට නියමිතයි.

වර්තමාන අන්තර්ජාතික එක්දින තරග කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී පාකිස්තානය පස්වැනි ස්ථානයත්, ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලෙස තරග වදින ඕස්ට්‍රේලියානු කණ්ඩායම හයවැනි ස්ථානයෙහිත් රැඳී සිටින අතර මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එකිනෙකා මුණගැසුණු අවස්ථාවේ දී 4-1ක් ලෙසින් සිය ආධිපත්‍යය පතුරවාලමින් පකිස්තාන ප්‍රහාර මැඬලීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමත් විය.

මෙම තරගාවලියෙහි වැදගත්කම පිළිබඳ සිය අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් අධ්‍යක්ෂක සාකීර් ඛාන් මහතා පවසා සිටියේ පසුගිය ලෝක ශූරයින් සමඟ ලෝක කුසලාන තරගාවලියට පෙර ක්‍රීඩා කිරීමට ලැබීම ඔවුන්ගේ කණ්ඩායමට ලැබුණු ඉතාමත් හොඳ අවස්ථාවක් බවයි.

කැරිබියන් දේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පහළවූ කළු කුමාරයා

ඔහු පිතිහරඹයේ යෙදෙන විට අලංකෘත ග්‍රීක කාව්‍යයක් නැතැතින්ම සිහි ගැන්වෙන්නේය. ක්‍රිකට් ඉතිහාසයේ…

එක්සත් අරාබි එමීර් බලා පිටව යාමට මත්තෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග පහකින් සමන්විත එක්දින තරගාවලියක් වෙනුවෙන් සටන් වැදීමට නියමිත අතර පාකිස්තාන කණ්ඩායම මෙම වසරේ දී මුහුණ දීමට නියමිත පළමු එක්දින තරගාවලිය ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරග කාල සටහන

  • පළමු එක්දින තරගය – මාර්තු 22, සාජා
  • දෙවන එක්දින තරගය – මාර්තු 24, සාජා
  • තෙවැනි එක්දින තරගය – මාර්තු 27, අබුඩාබි
  • සිව්වැනි එක්දින තරගය – මාර්තු 29, ඩුබායි
  • පස්වැනි එක්දින තරගය – මාර්තු 31, ඩුබායි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<