මෙසි මාස 21කට ඇතුලට

844
Barcelona's Argentine soccer player Lionel Messi sits in court with his father Jorge Horacio Messi during their trial for tax fraud in Barcelona

බාසිලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය ලෝක ප්‍ර‍සිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ලයනල් මෙසි හට මාස 21ක සිරදඩුවමක් ලබා දීමට එරට අධිකරණය විසින් අද (06) නියෝග කර ඇත. මෙලෙස සිරගත කිරීමට හේතුව ලෙස සදහන් වන්නේ නිසි ආකාරව බදු නොගීම හෙවත් බදු මුදල් වංචා කිරීමකි.

අධිකරණය ඔහුගෙන් නොනැවති මෙසිගේ පියාටද ඉහත චෝදනා මතම මාස 21ක සිර දඩුවම් නියම කර ඇත.

කෙසේනමුත් ස්පාඤ්ඤ නීතියට අනුව මාස 21ක සිර දඩුවම වෙනුවට වසර දෙකක පරිවාස කාලයකට යටත් කර හැකි වීම නිසා මෙසි සහ ඔහුගේ පියාට බොහෝවිට සිර බත් කෑමට සිදුනොවනු ඇත.

අධිකරණය විසින් මෙසි හට යූරෝ මිලියන දෙකක් සහ ඔහුගේ පියා වන ජෝර්ජ් හට යූරෝ මිලියන 1.5ක දඩ මුදලක්ද නියම කර ඇති බව සදහන්ය.

තොරතුරු මුලාශ්‍ර‍ය – reuters

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල් පිටුවට