වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට

353
Mandana
Courtesy – Hindustan Times

එළඹෙන මාසයේ දී ඇරඹීමට නියමිත Women’s Premier League (WPL), හි ප්‍රථම වෙන්දේසිය පෙබරවාරි 13 වැනිදා පැවැත්වුනා.

එහි දී ඉහළම වටිනාකමකට අලෙවි වුනේ සුපිරි ඉන්දීය ආරම්භක පිතිකාරිණිය, Smriti Mandana (ස්ම්රිති මන්දනා) යි.

මන්දනාව Royal Challengers Bangalore (RCB) කණ්ඩායම විසින් මිලට ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 3.40ක මුදලකටයි. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වන ඇය ඉන්දීය රුපියල් ලක්ෂ 50ක වාර්ෂික වැටුපක් ලබන අතර ඇගේ දක්ෂතාවය මෙන්ම ඇගේ ජනප්‍රියත්වයත් ඉහළින් පවතිනවා.

මිල දී ගැනීම් වල වටිනාකම් පහත දැක්වෙනවා.

WPL
Courtesy – Rediff

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා Natalie Sciver Brunt (නැට් සිවර්-බ්‍රන්ට්) ඉන්දීය රුපියල් කෝටි 3.20ක මුදලකට Mumbai Indians (MI) විසින් මිල දී ගත්තා. ඕස්ට්‍රේලියානු පිතිකාරිණී Ashleigh Gardner (ඈෂ්ලි ගාඩ්නර්) ද එම වටිනාකමටම Gujarat Giants (GG) වෙත මිල දී ගැනුණා.

ඕස්ට්‍රේලියානු නායිකා Meg Lanning (මෙග් ලැනින්ග්) ඉන්දියානු රුපියල් කෝටි 1.10ක මුදලකට Delhi Capitals (DC) විසින් මිල දී ගත්තා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<