“පන්දුව පළුදු කිරීමේ අදහස මගේ නෙමේ” – බැන්ක්‍රොෆ්ට්

771

පසුගිය මාර්තු මාසයේ දී දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හී ඕස්ට්‍රේලියාව සහ දකුණු  අප්‍රිකාව අතර පැවති ටෙස්ට් තරගයක් අතරතුර දී සිතාමතා පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ වරදට චෝදනා ලැබූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක කැමරොන්  බැන්ක්‍රොෆ්ට් පසුගිය බදාදා දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් විශේෂ හෙළිදරව්වක් කර තිබෙනවා.

බොක්සිං දිනයේ දී ලක්මාල් සහ ටීම් සවුති එකිනෙකා ගැටෙති

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී වේගපන්දු යවන සුරංග ලක්මාල් සහ ටිම් සවුති එකිනෙකා තම කණ්ඩායම් වෙනුවෙන් දක්ෂතා දක්වමින් ප්‍රතිවාදීන් අමාරුවේ…

එනම් පන්දුව පළුදු කිරීම සඳහා ඔහුව වඩාත්ම දිරිගැන්වූයේ තම ආරම්භක පිතිකරු සඟයා ලෙසින් කටයුතු කල ඩේවිඩ් වෝනර් බවත්, එම අවස්ථාවේ දී ඔහු ඒ පිළිබඳ වැඩි තැකීමක් නොකළේ කුමන අයුරකින් හෝ කණ්ඩායම වෙනුවෙන් අවස්ථාව අනුව කළ හැකි ඕනෑම දෙයක් කිරීමට තිබූ මානසිකත්වය නිසා බව ඔහු පවසා සිටියේය.

තවද තමා එම කාල සීමාවේ දී විමසා බැලීමකින් තොරව වූවත් කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් ගනු ලැබූ තීරණයන්ට හිස නමමින් ඔවුන් සමඟ එක්වී එම තීරණ ක්‍රියාත්මක කිරීමට දෙවරක් නොසිතුවේ එමඟින් තමාට කණ්ඩායම තුල හිමිවන ගෞරවය නිසාවෙන් නමුත් දිනය අවසානයේ දී තමාට ඉතිරි වූයේ කළ වරද පිළිබඳ විශාල කනගාටුවක් සහ පසුතැවීමක් පමණක් බව ඔහු ඉතා දුක්බර ස්වරූපයකින් ප්‍රකාශ කළේය.

තවදුරටත් එම සිදුවීම පිළිබඳ ගෙනහැර දක්වමින් බැන්ක්‍රොෆ්ට් මෙසේ සිය අදහස්  දැක්වුවේය.

“මම කිසිම විටකත් කියන්නේ නැහැ මම තවත් කෙනෙකුගේ ගොදුරක් බවට පත් වුනා කියලා. මොකද මට වෝනර් ඒ අදහස යෝජනා කරපු අවස්ථාවේ දී ම ප්‍රතිකේෂ්ප කරන්න ඉඩක් තිබුනත් එහෙම නොකරීම මම කරපු ලොකුම වැරැද්දක්.”

බැන්ක්‍රොෆ්ට් සහ වෝනර්ට අමතරව හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටිව් ස්මිත් ද මෙම සිදුවීම පිටුපස සිටි ප්‍රධාන වරදකරුවෙක් ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සිදු කළ විනය පරීක්ෂණයකින් අනතුරුව සනාථ වූ නිසාවෙන් ඔහු සහ ඩේවිඩ් වෝනර් හට වසරක කාලසීමාවක් දක්වා ජාත්‍යන්තර තරග තහනමක් පැනවූ අතර බැන්ක්‍රොෆ්ට් හට මාස 9ක තරග තහනමක් නියම කෙරිණි.

පසුගිය සතියේ දිනක ස්මිත් මාධ්‍ය ඇමතූ අවස්ථාවක දී මෙම සිදුවීම පිළිබඳ විශේෂ ප්‍රකාශයන් කිහිපයක් සිදු කළේ තවදුරටත් තමන් ඇතුළුව තමා මෙහෙයවූ කණ්ඩායමේ ක්‍රීඩකයින් විසින් සිදු කළ ක්‍රීඩාවට කිසිසේත්ම නුසුදුසු ක්‍රියාව පිළිබඳ මහත් වූ පිළිකුලෙනි.

තරුණ ක්‍රිකට් ක්‍රීඩකයාට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය දෙසැම්බර් 23 වැනිදා ඉන්දියාවේ මුම්බායි හී සැහැල්ලු පන්දු තරගාවලියක් අතරතුර දී ඉතා අවාසනාවන්ත අයුරින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෑත කාලයේ දී දකුණු…

බැන්ක්‍රොෆ්ට් වැලි කඩදාසියක් යොදා ගනිමින් පන්දුවේ තත්වය වෙනස් කිරීමට ගත් උත්සහය ක්ෂණික තීරණයක් නොවන බැවින් ඔබ ඒ පිළිබඳ තරගයට පෙර කිසියම් අයුරකින් හෝ දැන නොසීටීම පුදුමයට කරුණක් බව මාධ්‍යවේදීන් විසින් නැගුණු පැනයට පිළිතුරු දෙමින් ස්මිත් පවසා සිටියේ ක්‍රීඩක විවේකාගාරය තුල දී ඔහුට මෙම සිදුවීම වැළැක්වීමට අවකාශයක් තිබුනත් එසේ නොකර එයට ඉඩදීම කණ්ඩායමේ නියමුවා ලෙසින් තමාගේ නායකත්වය තුල තිබුණු කියා නිම කළ නොහැකි තරම් විශාල දුර්වලතාවක් ලෙසය.

කෙසේ නමුත් මෙම කණගාටුදායක සිදුවීම සිදු වී මාස 9කට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇති අතර බැන්ක්‍රොෆ්ට් සිය දඬුවම් කාලය ගෙවාදැමීමෙන් අනතුරුව එළඹෙන ඉරිදා බිග් බෑෂ් ලීගයේ පර්ත් ස්කොචර්ස් කණ්ඩායම නියෝජනය කරමින් නැවතත් ජාත්‍යන්තර තරග බිමට පිවිසීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<