ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ලබා ගනිමින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකා පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ Tier A කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අද (31) සමත් වුණා.
ඒ බෝයගනේ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී පැවැති තරගයේ ප්‍රතිවාදීන් වූ කැළණිය ගුරුකුල විද්‍යාලයට එරෙහි ව කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ගුරුකුල විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් අතර ඒ අනුව ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 174ක් පමණයි. ඊට පිළිතුරු ලෙසින් රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 5ක් පමණක් දැවී තවත් පන්දු 48ක් ඉතිරි ව තිබිය දී ලකුණු 175ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා.
රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
බෙවින්ජ යවර්ධන (නායක සහ කඩුලු රකින්නා), සස්මිත් ආරියදාස, ටෙනුෂ නිම්සර, නෙතුජ බාසිත, රිසිනු රූපසිංහ, අමීෂ රසාංජන, හිරුක් අකලංක, රන්දිනු අබේසිරිගුණවර්ධන, පුනාල් හංසජිත්, නෙත්මිණ ඩයස් සහ නෙත්සර අකාශ් හේවා.
ගුරුකුල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දෙනුර දිමන්සිත් (නායක සහ කඩුලු රකින්නා), ඔහස් සදෙව්, ජවිඳු මදුසංක, ජනිත් මිහිරංග, අතීෂ මලිඳු, ශාන් ජුමත්, ලෙශාන් සත්සර, ඉඳුවර ඔෂද, දෙනෙත් දේශාන්, නෙතුප සංදිව් සහ දක්ෂිණ නිවර්ථන.
තරගයේ පළමුවෙන්ප න්දුවට පහර දීමට පිටියට පිවිසි ගුරුකුල විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක දෙනුර දිමන්සිත්. ඔහු පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 79ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ජනිත් මිහිරංග පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගන්නා ලද අතර ඔවුන් දෙදෙනා විසින් 5 වැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් ද ගොඩ නගනවා.
කඩුලු දවා ගැනීමේ දී නෙත්සර ආකාශ් හේවා, ටෙනුෂ නිම්සර සහ හිරුෂ ආකාශ් කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර ඊට අමතර ව තෙනුර ඩයස්, නෙතුජ බාශිත සහ මිනග ආරියදාස කඩුල්ල බැගින් දවා ගන්නවා.
- හොංකොං යන සය සාමාජික කණ්ඩායමේ නායකත්වය ලහිරු මදුශංකට
- සහෝදරත්වයේ සංග්‍රාමය නැවත විසඳුමක් නැතිව අවසන් වෙයි
- මහින්දයන් පරාජය කළ ගුරුකුල අවසන් පූර්ව වටයට
- මහානාම විද්‍යාලය අවසන් මහා තරගයට
- මිනුවන්ගොඩ ජනාධිපතිවරුන් ජය ගනී
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රිච්මන්ඩ් විද්‍යාලයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 30ක් වෙද්දී අහිමි වෙනවා.
අනතුරු ව 5 වැනි කඩුල්ලට පුනාල් හංසජිත් සහ නායක බෙවින් ජයවර්ධන එක් ව ලකුණු 35ක් එක් කරමින් රිච්මන්ඩ් ඉනිමේ ජයග්‍රාහී මාවත විවිර කළා.
පුනාල් හංසජිත් පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුලු සබඳතාව බිඳී ගියා.
ඉන් අනතුරු ව බෙවින් ජයවර්ධන සමඟ පිටියට එක් වූ ටෙනුශ නිම්සර රිච්මන්ඩ් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන ගියා. ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 110ක සබඳතාවක් එක් කරන්නේ පන්දු 154ක් වැය කරමිනුයි.
එහි දී ටෙනුෂ නිම්සර පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 59ක් ද සහ බෙවින් ජයවර්ධන පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ජනිත් මිහිරංග ලකුණු 6කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ඉඳුවර ඔෂද, ඔහස් සදෙව් සහ දෙනෙත් දේශාන් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ගුරුකුල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 174 (46.0) දෙනුර දිමන්සිත් 79, ජනිත් මිහරංග 22, නෙත්සර ආකාශ් හේවා 2/19, හිරුක් අකලංක 2/40, ටෙනුශ නිම්සර 2/28
- රිච්මන්ඩ්විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 5ක් දැවී 175 (42.0) පුනාල් හංසජිත් 30, බෙවින් ජයවර්ධන නොදැවී 57, ටෙනුෂ නිම්සර නොදැවී 59, ජනිත් මිහිරංග 2/06
රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















